Saturday, September 20, 2014
මරණ තර්ජනයක්ද..? අත්වැරදිමක්ද..?
සෙන්දිල් තොණ්ඩමන් යනු ආරුමුගම් තොණ්ඩමන්ට මෙන්ම සෞම්‍යමූර්ති තොණ්ඩමන්ට නොදෙවෙනි අයෙකි. හේ දේශපාලනය කරන්නේ අමුතු ආකාරයටය. ඔහුගේ දේශපාලනය තුළ තවකෙකුට තම බල ප්‍රදේශයේ බලය තහවුරු කරගන්නට පොඩි හෝ ඉඩක් නොතබන වර්ගයේ අයෙක් යෑයි ප්‍රදේශයේ ජනතාව පවසන දෙයකි. එවන් දේශපාලනඥයකු සම්බන්ධීකරණ නිලධාරියකු පත්කර ගන්නා විට ඔහුගේ පැටිකිරිය සොයා නොබලා ඉන්නේ නැත. මෙරට දේශපාලනය තුළ සදාකල් මිතුරන්ද, සදාකල් හතුරන්ද නැත. එක්සත් ජනතා නිදහස් සන්ධානයට සතුරුකම් කළ සතුරෝ අද මේ රටේ වැදගත්ම හා විශාලම වගකීම් දරන ඇමැතිවරු වී සිටීමෙන්ම ඒ බව තේරුම් ගත හැකිය.
මේ වන විට ප්‍රතිකාර ලබන සෙන්දිල් තොණ්ඩමන්ගේ කොන්දට හා පාදයකට සුළු තුවාල සිදුවී තිබිණි.
සෙන්දිල් තොණ්ඩමන් ඔහුගේම සමීප විශ්වාසවන්ත සම්බන්ධීකරණ නිලධාරියකු යොදවා මෙම අනතුර කරගත්තේ දැයි අප දන්නේ නැත. නමුත් මොන තරම් තුප්පහි වැඩක් කර හෝ බලය ගන්නට සිතන මේ රටේ තුට්ටු දෙකේ අධම දේශපාලනඥයන් දකින කල සෙන්දිල් තොණ්ඩමන්ගේ අනතුර දෙස පොලිසිය පමණක් නොව ඡන්ද අපේක්ෂකයන්ද වපරැසින් බැලීම වරදක්ද නොවේ.
සෙන්දිල් තොණ්ඩමන් ඔහුගේම සමීප විශ්වාසවන්ත සම්බන්ධීකරණ නිලධාරියකු යොදවා මෙම අනතුර කරගත්තේ දැයි අප දන්නේ නැත. නමුත් මොන තරම් තුප්පහි වැඩක් කර හෝ බලය ගන්නට සිතන මේ රටේ තුට්ටු දෙකේ අධම දේශපාලනඥයන් දකින කල සෙන්දිල් තොණ්ඩමන්ගේ අනතුර දෙස පොලිසිය පමණක් නොව ඡන්ද අපේක්ෂකයන්ද වපරැසින් බැලීම වරදක්ද නොවේ. අත්අඩංගුවට පත්ව සිටින තොණ්ඩමන්ගේ රියදුරු පොලිසියට පවසන්නේ එන්ජිම පණ ගැන්වීමත් සමග හැමර් රථය මිනිසුන් පනස්දෙනකු යටකර ගෙන ඉදිරියට ගිය බවකි.
හැමර් අපේ පාරවල්වලට ඔරොත්තු නොදෙන්නේද..?
යන්න සොයා බැලීමට තරම් ඒ ප්‍රකාශය භයානකය. මිලියන විස්සක ජනතාවක් සිටින පුංචි රටට මේ වර්ගයේ අති සුඛෝපභෝගී හැමර් රථ පන්සියයක් දාහක් ආවොතින් ජනතාවට බුදුසරණයි නොව අබසරණම කීමට සිදුවීමට පුළුවන. දැනට පොලිසිය මේ අනතුර පිළිබඳ පුළුල් පරීක්ෂණ කරයි. පොලිස් පරීක්ෂණ වලින් අනතුරට නියම හේතුව හෙළි කරද්දී තිස්දෙනකුගේ අතපයද කොඳු ඇටද කැඩී ගොසිනි. එක් අයකු මළවුන් අතරය. හැමර් රථ, මිල අධිකය. නමුත් අනතුරුදායකය. එවැනි රථත් පිස්සු කෙළ මරා දමන්නේ දුප්පතුන්ය. ඌවේ ඡන්ද ප්රචාරක කටයුතු අවසන් වූයේද තවත් දුප්පතකු මරා දමමිනි.
වේගයෙන් ඉදිරියට යද්දී ඔහුගේ ආධාරකරුවන් පනස්දෙනකු පමණ හැමර් රථයට යටවී විසිවී යමින් තිබිණි.
මෙම අනතුරින් තුවාල ලැබූ ගණන පනහකට වැඩිවී තිබිණි.
සෙන්දිල් තොණ්ඩමන් කොළඹ ජාතික රෝහලට ගෙන එද්දී තවත් තිස්දෙනකු පමණ පිරිසක් දියතලාව සහ බණ්ඩාරවෙල රෝහල්වලට ගෙන යන ලදී. තවත් විසිදෙනකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා නිවෙස් වෙත ගියහ.
මැතිවරණයේ ප්රචාරක කටයුතු නිම වන්නට හෝරා කීපයක් ඉතිරිව තිබියදී සිදු වූ මෙම අනතුර නිසා සෙන්දිල් තොණ්ඩමන් ඌව පළාතේ පමණක් නොව රට පුරාම ප්‍රසිද්ධියට පත් විය.
...මට මරණ තර්ජනයක් තිබෙනවා. මේ සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් කරන්න... සෙන්දිල් තොණ්ඩමන් සිද්ධියෙන් පසු පොලිසියට පැමිණිලි කළේය.
සැකකාර රියදුරු වන සම්බන්ධීකරණ නිලධාරි සෙල්වදොරේ සෙල්වේන්ද්‍රන් (44) අත්අඩංගුවට ගැනිණි.
මෙම අනතුරින් බණ්ඩාරවෙල පූනාගල පදිංචිව සිටි ඇන්ටනී ප්‍රැන්සිස් නමැති විසිහතර හැවිරිදි තරුණයා මිය ගියේය.
අනියම් මිනීමැරුම් චෝදනා යටතේ අත්අඩංගුවට ගත් රියදුරු මීට පෙර වෙනත් දේශපාලනඥයින් ළඟ වැඩ කළ අයකු බවද හෙළිවී ඇත. කොටින්ම සෙන්දිල් තොණ්ඩමන්ගේ විරුදAධ දේශපාලනඥයන් ළඟද එම සැකකරු සේවය කර ඇතැයි පොලිසියට කර ඇති පැමිණිලි වල සඳහන්ය.
ඇත්තටම බණ්ඩාරවෙලදී මෙම අනතුර වූයේ කෙලෙසද...?
සෙන්දිල් තොණ්ඩමන් යනු ආරුමුගම් තොණ්ඩමන්ට මෙන්ම සෞම්‍යමූර්ති තොණ්ඩමන්ට නොදෙවෙනි අයෙකි. හේ දේශපාලනය කරන්නේ අමුතු ආකාරයටය. ඔහුගේ දේශපාලනය තුළ තවකෙකුට තම බල ප්‍රදේශයේ බලය තහවුරු කරගන්නට පොඩි හෝ ඉඩක් නොතබන වර්ගයේ අයෙක් යෑයි ප්‍රදේශයේ ජනතාව පවසන දෙයකි. එවන් දේශපාලනඥයකු සම්බන්ධීකරණ නිලධාරියකු පත්කර ගන්නා විට ඔහුගේ පැටිකිරිය සොයා නොබලා ඉන්නේ නැත. මෙරට දේශපාලනය තුළ සදාකල් මිතුරන්ද, සදාකල් හතුරන්ද නැත. එක්සත් ජනතා නිදහස් සන්ධානයට සතුරුකම් කළ සතුරෝ අද මේ රටේ වැදගත්ම හා විශාලම වගකීම් දරන ඇමැතිවරු වී සිටීමෙන්ම ඒ බව තේරුම් ගත හැකිය.
සෙන්දිල් තොණ්ඩමන්ටත් දේශපාලන මිතුරන්ද, සතුරන්ද සිටීම පුදුමයක් නොවේ. මෙම අනතුර හිතාමතා කළ දෙයක්ද නැද්ද යන්න තවමත් හෙළිවී නැත.
නමුත් මෙම අනතුර සිදුවූ හැටි සීසීටීවී කැමරා වල සටහන්ව තිබූ හැටි දුටු අපට නම් අනතුර පිළිබඳ මහ බියක් දැනිණි. මෙහෙම වාහන එළවන රියදුරන් සිටී නම් එවැනි උන්ට ලයිසන් දුන් එකා සොයා නඩු අසා සිරගත කළ යුතුය. සෙන්දිල් තොණ්ඩමන්ගේ කෝටි පහකට වඩා වටිනා අතිසුඛෝපභෝගී හැමර් රථය පැදවූ සෙල්වදොරේ සෙල්වේන්ද්රන්ට ලයිසන් දුන් එකා සොයා ඔහු සමත් කළ පිරිස පෙළ ගස්වා ඒ සියලු ලයිසන් (රියදුරු බලපත්‍ර) අහෝසි කරන ලෙස අප ඉල්ලන්නේ මහපාරේ අහිංසක මගීහු යන එන නිසාය.
මේ පිළිබඳව පොලිසිය පුළුල් පරීක්ෂණ අරඹා ඇත. හැමර් රථයේ තිරිංගද පරීක්ෂා කිරීමට නියමිතව තිබිණි. අපේ රටේ මේ වර්ගයේ හැමර් රථ ඇත්තේ ටිකකි. ඒ හැමර් රථ හිමිකරුවන්ගෙන් බහුතරය දේශපාලනඥයන් යෑයි කියවේ. විප්ලව ගැන කථා කළ ඒ විප්ලව එපාවී ආණ්ඩුවට එක්ව සිටින ඇතැමුන්ද පාවිච්චි කරන්නේ මේ වර්ගයේ හැමර් රථය. හැමර් රථ මෙලෙස මිනිසුන් යට කර ධාවනය වන්නේ නම් හැමර් රථ පාවිච්චි කරන කොයි කවුරුත් දෙවරක් තුන්වරක් කල්පනා කිරීම වටී.
ශිරාන් රණසිංහ
හේමන්ත රන්දුණු
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment