වනාතමුල්ලේ සුනිල් පැහැරගෙන යෑමට එරෙහිව වනාතේ සහෝදර ජනයා එකාවන්ව පාරට බැස්සෝ ය. ජනතාවගේ දුක් ගැනවිල්ල සමග එක්වන්නට එම ස්ථානයට කොළඹ එජාප මන්ත්‍රී රවි කරුණානායක ගියේය. ජනයා ඔහු වටකරගෙන දුක කීවෝය. රවි අනුර සේනානායක සමගද හැප්පුනේ ය. එම ස්ථානයට ජවිපෙ ලාල්කාන්ත නීතිඥ වටගල ඇතුළු කණ්ඩයමක්ද ගියහ. ජනතාව ඔවුන්වද පිලිගෙන දුක කීවෝය. මේ අතරවාරයේ සියළු පැහැරගැනීම් සිදුකරන දුමින්ද සිල්වා හෙවත් කුඩු දුමියාද බොඩි ගාඩ්ලා පිරිවරාගෙන එම ස්ථානයට ගියේ ය.
අහෝ සිදුවිය යුතු පරිද්දෙන්ම ජනතාව කුඩු දුමියාට වතුර බෝතල් පහර දී හූ කියා එළවා ගත්හ. කුඩු දුමියා කර කියා ගත දෙයක් නොමැතිව ආපසු හැරී ආ පාරෙන්ම පලා ගියේ ය. වනාතේ ජනයා 'අඩෝ කුඩ්ඩා' කියා කෑ ගැසූහ. අපහාස කළහ. නින්දා කළහ. එළවා ගත්හ.
මෙම පැහැර ගැනීමට සම්බන්ධ දෙදෙනා වන බි්රගේඩියර් ශාන්ත සහ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකගේ නම් ප්‍රසිද්ධ කීරීමෙන් පසු අනුර සේනානායක මාධ්‍යයට ප්‍රකාශ කරමින් මෙම පැහැරගැනීම වනාතේ ජනතාවම සිදුකරගත් කුමන්ත්‍රණයක් බවට ඉඟිකරන ප්‍රකාශයක් කෙළේය. එය පට්ට පල් කෙබරයක් වන්නේ අනුර සේනානායක විසින්ම විනාඩි 45 කින් සුනිල් ගෙනැවිත් දෙන බවට උද්ඝෝෂණයේ යෙදෙන ජනතාවට පොරොන්දු වූ වීඩියෝ සාක්කි සතු බැවිනි.
(කුඩු දුමියා එලවා ගත් වීඩියෝව මෙහි දැක්වේ)
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment