පාර්ලිමේන්තු මංත්‍රී දිලුම් අමුණුගම හා නියෝජ්‍ය අමාත්‍ය සරත් අමුණුගම යන දෙදෙනාම මේ දිනවල සිටින්නේ දකුණු පලාතේය.
දිලුම් ව සොයා මහනුවරට මෙතෙක් කලක් ආ අනර්කලී දිලුම් සමඟ රාත්‍රිය ගතකළේ අමුණුගම පවුලට අයත් මහනුවර ක්වීන්ස් හෝටලයේ බව මීට ඉහතදී ආරංචි වී තිබුණී....
මේ දිනවල දිළුම් මාතරට ගොස් ඇත. ඒ තම පෙම්වතියගේ මැතිවරණ ජය උදෙසාය. අනර්කලීගේ ජයග්‍රහණයෙන් පසු ඇයව පාර්ලිමේන්තුවට ද ගැනීම දිලුම්ගේ බලාපොරොත්තුවයි. ජාත්‍යන්තරයට ගිය අනර්කලීගේ "පස්ස" පිළිබඳ ජායාරූපයේද ඇයට පසුපසින් සිටියේ දිළුම් අමුණුගම හා නාමල් ය.
දිළුම්ගේ හා අනර්කලීගේ පෙම්හබය දන්නා නාමල් පසුගියදා මාතර බස්නැවතුම් පොළ අසල පැවැත්වූ ජනහමුවකදී ඔවුන් දෙදෙනා පිළිබඳව පවසා තිබුණේ,
"මේ ජන්දේ ඉවර වෙන්න කලින් මා මිත්‍ර දිළුම් අමුණුගම අනර්කලීව කසාද බඳියිද දන්නෙත් නෑ. දිළුම් ඇවිල්ලා ඉන්නේ අනර්කලීව බඳින්න. එහෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. කලක් මටත් අනර්කලීව සම්බන්ධ කරලා කටකතා පැතිර ගියා. මම අනර්කලීව දන්නේ ඇයට අවුරුදු 12 විතර ඉඳාලා, පුංචි කෙල්ල කාලේ ඉඳලා." යනුවෙනි.
අනතුරුව ජනහමුව ඇමතූ දිළුම් කිව්වේ නාමල් එහෙම කිව්වේ විහිළුවට බවයි.
දිළුම් අමුණුගම යනු සරත් අමුණුගමගේ මල්ලිගේ පුතාය. සරත් අමුණුගමද මේ දවස් වල සිටින්නේ දකුණු පලාතේ ඇල්පිටිය ආසනේය. ඔහු පමණක් නොව ඔහුගේ ගලගෙදර ආසනයේ ප්‍රාදේශීය සභා, පලාත් සභා නියෝජිතයින්ද සිටින්නේ ඇල්පිටියේය.
ඒ ගීතා කුමාරසිංහගේ ජයග්‍රහණය උදෙසාය. සරත් අමුණුගම හා ගීතා කුමාරසිංහ පිළිබඳව නොදන්නා කෙනෙක් නැත.
මෙවර පලාත් සභා ජයග්‍රහණයෙන් පසු අනර්කලීව පාර්ලිමේන්තුවට ගැනීමට පුතා බලාපොරොත්තුවන්නා සේම බාප්පාගේ බලාපොරොත්තුවද ගීතාගේ ජයග්‍රහණයෙන් පසුව ඇයව පාර්ලිමේන්තුවට ගැනීමයි.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment