BREAKING NEWS

රටතොට

Thursday, September 12, 2013

පෙම්වතාට වාහනයක්‌ ගන්න ගෙනා ලක්‍ෂ 45 කොල්ලකෑ බව කීම පෙම්වතියගේ රඟපෑමක්‌


සිය පෙම්වතාට වාහනයක්‌ මිලදී ගෙන දීමට ගෙනා රුපියල් ලක්‍ෂ හතළිස්‌ පහක මුදලක්‌, මහනුවර මහයියාව ප්‍රදේශයේදී මුහුණ වසාගෙන පැමිණි දෙදෙනකු කොල්ලකෑ බවට පොලිසියට ලද පැමිණිල්ලක්‌ විභාග කළ පොලිසිය එය එම පෙම්වතියකගේ බොරු රඟපෑමක්‌ බව සොයාගෙන තිබේ.



අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය, ඇමරිකාවේ සිට සිය පියා එවූ රුපියල් ලක්‍ෂ හතළිස්‌ පහක්‌ රැගෙන පෙම්වතා හා තවත් මිතුරන් දෙදෙනකු සමග මහනුවරට පැමිණ ඇත.

වාහන අංගනයට ගොස්‌ වාහන පරීක්‍ෂා කර තේ බීම සඳහා අවන්හලකට ගිය පෙම්වතිය වැසිකිළියට ගොස්‌ ඇත. නමුත් පැය භාගයක්‌ පමණ කාලයක්‌ යනතෙක්‌ නොපැමිණි නිසා එහි ගොස්‌ බැලීමේදී පෙම්වතිය සිහිසුන්ව වැටී සිටින අයුරු පෙම්වතා දැක තිබේ.

පසුව මුදල් බෑගය පරීක්‍ෂා කර බැලීමේදී එහි තිබී ඇත්තේ රුපියල් 180 ක්‌ පමණි. මුහුණ වසාගත් දෙදෙනකු තමාට පහරදී මුදල් පසුම්බිය රැගෙන ගිය බව කීවද පොලිසිය කළ පරීක්‍ෂණවලදී තහවුරු වී ඇත්තේ මෙය රඟපෑමක්‌ බවයි.

මහනුවර සහකාර පොලිස්‌ අධිකාරි නීතිඥ එස්‌. ඒ. අත්තනායක මහතාගේ උපදෙස්‌ මත කටුගස්‌තොට පොලිස්‌ ස්‌ථානාධිපති ඩී. ජයතිලක මහතාගේ අධීක්‍ෂණය යටතේ අපරාධ අංශයේ උ.පො.ප. ශාන්ත බණ්‌ඩාර, උ.පො.ප. ගුරුගේ හා උ.පො.ප. මහින්ද රාජපක්‍ෂ ඇතුළු කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ පවත්වති.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger