Thursday, September 12, 2013
ඒ ජේලර් මනුෂ්‍යයෙක් නොවේ?
ජාතික සිරකරු දිනය නිමිත්තෙන් විරකරුවෝ 1500ක් පමණ ජනපති පොදු සමාව යටතේ අද නිදහස ලදහ.
සුළු වැරදි හා දඩ ගෙවා ගැනීමට නොහැකිව බන්ධනාගාර ගත වූවන් හා වයස අවුරුදු 70 ඉක්ම වූ රැඳැවියෝ මෙසේ නිදහස් වූහ.
වැලිකඩ බන්ධනාගාරයෙන් ද අද උදෑසන 10.30ට පමණ මෙලෙස සිරකරුවන් 64 දෙනකුට නිදහස ලැබිණි.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සියලු රැදවියන්ට අතට අත දී සුබ පතා ආශිර්වාද කෙළේය.
සිරකරුවන් නිදහස් කිරීම බන්ධනාගාරයේ ඉල්ලීම පරිදි වාර්තා කිරීමට ගිය විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවේදීන්ට වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ගේට්ටුව අසල පරීක්ෂා කිරීමේ මුරකුටියේ රාජකාරි කළ ජේලර්වරයෙක් වාචික අඩත්තේට්ටම් කළේය.
ඔහු මාධ්‍යවේදීනට නීති දමමින් පැවසුවේ කොමසාරිස්ට පැමිණිලි කළත් මට ප්‍රශ්නයක් නෑ යනුවෙනි.
‘සිරකරුවොත් මනුෂයෝය‘ යන්න සිරගෙදර තාප්පයේ ලොකු අකුරින් ලියා තිබිණි.
Subscribe to:
Post Comments
(
Atom
)




Post a Comment