ශිෂ්‍ය සංගම්වල සාමාජිකයන් ගෙන් එක් රැස් කර ගත් සාමාජික මුදල්වලින් එතුවක් කළේ බැනර් දැමීම, ලිපි ලේඛන ගැනීම හෝ කොඩි එල්ලීම වගේ කටයුතු. ඒත් ප‍්‍රසන්ත සභාපතිධූරය දරපු කාලෙ ඒ මුදල් වියදම් කළේ විශ්ව විද්‍යාලෙ පුස්තකාලෙ නොතිබූ දුර්ලභ පොත් පත් මිලදී ගන්නටයි. සටන්කාමී ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවට ශිෂ්‍ය අයිතිවාසිකම් රැක ගන්නා අතරම අධ්‍යාපන කටයුතු සාක්‍ෂාත් කර ගැනීමටත් යොමු වුණු යහපත් පිරිසක් ලොවට එක්කර වන්නටයි ප‍්‍රසන්න උත්සාහ දැරුවේ.
කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ ගුරු නිල නිවාසෙදි 1955 සැප්තැම්බර් මාසෙ විසි තුන් වැනිදා උපන් පින්වත් කුමරාට දෙමව්පියො නම තිබ්බෙ ‘ප‍්‍රසන්ත විජේසිංහ’ කියල.
ශාන්ත අන්තෝනි විදුහලේ ගුරුවරයෙකු ලෙස සේවය කළ ඩේවිඩ් විජේසිංහ සහ තමරා වර්ණසූරිය යුවළට කුළුඳුලේ උපන් පුතා ප‍්‍රසන්ත. ප‍්‍රසන්තට බාල මල්ලිලා හතර දෙනයි නංගිල දෙන්නයි.
එක ගුරු පඩියෙන් දරු පැටව් හත් දෙනෙකුගෙ කුසගිනි නිවන්නයි, උගන්නන්නයි ලේසි වැඩක්යැ? ඩේවිඩ් මහත්තය පසු කාලෙක ගන්නොරුවෙ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ නීති නිලධාරියකු ලෙස සේවයට ගියා. එතැනදිත් ප‍්‍රසන්නලගෙ පදිංචිය වුණේ ගන්නෝරුවේ නිල නිවාසයක්.
පුංචි ප‍්‍රසන්තට අවුරුදු තුන පිරුණාම තාත්ත ඔහු එක්ක ගියා මුරුතලාවෙ පන්සලට. අකුරු කියවන්න. තාත්ත කතෝලික වුණාට පන්සලේ ලොකු හාමුදුරුවො තාත්තගෙ ගජ මිත‍්‍රයෙක්.
ප‍්‍රසන්ත ළදරු පාසල් ගියෙ පැණිදෙනියෙ පල්ලියට. පළවැනි ශ්‍රේණියෙදි තාත්ත ප‍්‍රසන්තව ඇතුළත් කළා කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට. පාසල් යන්න ප‍්‍රසන්නව තාත්ත නතර කළා ගොහාගොඩ නැන්දලගෙ ගෙදර.
ගොහාගොඩ ප‍්‍රදේශය ඒ කාලෙ ඉතාම සුන්දර ගම්මානයක්. නිල්ල නිලන කුඹුරු යායේ නියර දිගේ හිමිරිදියෙම ප‍්‍රසන්තලා ඉස්කෝලෙ ගියෙ පයින්මයි. හැතැම්ම දෙකක් තුනක්. උදේ හවස.
නැන්දගෙ පුතාලත් එක්ක වෙළේ දොළේ දුව පනිමින්, බෝවිටියා, දං මාදං කඩාගෙන කමින්, කුඹුරුවල වී කන්න එන ගිරවුන් පස්සෙ පන්නමින් කෙළිදෙලෙන් ගිය පාසල් ගමන අද නාරිවේදය පිළිබඳ මහාචාර්ය වෛද්‍ය විශේෂඥ ප‍්‍රසන්ත විජේසිංහ මෙනෙහි කරන්නෙ හදේ පිරුණු සොම්නසින් යුතුව.
නැන්දත් පාසල් ගුරුවරියක් නිසා ප‍්‍රසන්තට පාසල් වැඩ කර ගන්න අපහසුවක් වුණේ නෑ. ඒත් අම්මගේ, තාත්තගේ, නංගිල මල්ලිලගේ තුරුල්ලෙ එකට ගැටී වෙලී ගෙවුණු උණුසුම් ජීවිතේ අහිමි වුණාට ප‍්‍රසන්තගේ පුංචි හිතේ ඇති කළේ සාංකාවක්.
ඒ හින්දමද කොහෙද පාසලේ මුල් වසර කිහිපයෙදි පංතියෙ මුල් තැන්වලට එන්න ප‍්‍රසන්තට හැකියාවක් තිබුණේ නෑ. පාසලේදී කෑම කන්න ගෙදරින් දුන්නු ශත 25 කවදාවත් ඔහු කෑමට වියදම් කළේ නෑ.
ඉතුරු කර ගත්ත. පොත්පත්වලට අමතරව යන පොඩි පොඩි වියදම් ඔහු පිරිමහ ගත්තෙ එහෙම ඉතිරි කළ මුදලින්. අම්ම තාත්තට වුණත් පමණට වඩා කරදර කරන එක ප‍්‍රසන්තගේ සිරිත නොවෙයි.
ඒ පුරුද්ද ඔහු දිගටම රැක ගත්තා. අදටත් ඔහු දවල් ආහාර ගන්නේ නෑ. ඒ සඳහා වැයවන මුදල එකතු කොට අද දිළිඳු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ආධාර කරනවා.
හොඳින් ඉගෙන ගෙන වෛද්‍යවරයකු වෙන්නම ඕනෑ කියන අදහස ප‍්‍රසන්තගේ හිතේ තැන්පත් වුණේ පුංචි කාලෙ බේත් ගන්න නුවර ගියාම. සුදු ජාතික දොස්තර මහත්තුරු දැකල.
පවුලේ වැඩිමලා හින්දා පවුලෙ බාල සහෝදර සහෝදරියන් ගැන වගකීමක් ප‍්‍රසන්තට පුංචි කාලෙ ඉඳලා තිබුණ. ඔහු කවදත් දඟ ළමයෙක් නොවෙයි. ඒත් පාසලේදි රග්බි කී‍්‍රඩාව, කි‍්‍රකට් වගේම මළල කී‍්‍රඩාත් කළා. අදත් ඉඳහිට ඔහු වෛද්‍ය විද්‍යාලෙ සිසුන් සමඟ එක්වී කී‍්‍රඩා කරනවා.
ප‍්‍රසන්තගේ අම්ම බෞද්ධ නිසා බොදු - කිතුණු මිශ‍්‍ර පරිසරයක් ගෙදර තිබුණෙ. නංගිල මල්ලිලා වට කරගෙන ඔහු වෙසක් එකට කූඩු වගේම නත්තලට නත්තල් ගස්, ගවලෙන් එහෙමත් හැදුවා.
අම්මගේ ගම මාතලේ. ඇයට කුඹුරු ඉඩම් තිබුණු නිසා දරු පැටවුන්ගේ බඩවල් පුරවන්න තාත්තට ඒ හැටි අමාරුවක් වුණේ නෑ. පාසලේදී ප‍්‍රසන්න කී‍්‍රඩාවලට හුඟක් සම්බන්ධ වෙලා හිටිය.
පාසලේ වාර්ෂික කී‍්‍රඩා උත්සවේට හැම ළමයකුගෙන්ම රුපියලක් අය කළා. ප‍්‍රසන්න විතරක් නොවෙයි මල්ලිලාත් ඒ පාසලේ. ඒ රුපියල දෙන්න තාත්තට පුළුවන්කමක් තිබුණේ නෑ. ප‍්‍රසන්න ගුරුතුමාට ඇත්තම කියල කී‍්‍රඩා උත්සවේට සහභාගි නොවන්න තීරණය කළා. ඒ වුණත් ගුරුතුමා ප‍්‍රසන්තට ඊට සහභාගි වෙන්න අවසර ලබා දුන්නා.
බාලදක්ෂයකු ලෙස කටයුතු කළප‍්‍රසන්න බාල දක්ෂ ජම්බෝරි රැසකටම සහභාගි වුණා. විවිධ කී‍්‍රඩා තරගවලින් ජයගත් ඔහු වර්ණලාභියෙක්. ජීවිතයේ බොහෝ අවස්ථාවල අභියෝග ජය ගන්න, ස්වාධීනව කටයුතු කරනවා වගේම සාමුහිකව ජීවත් වෙන්න ඔහු ඉගෙන ගත්තෙ බාලදක්ෂයකු වීමෙන්.
පාසල් ජීවිතයෙදි කවදාවත් ගුරුවරයකු ගෙ දඬුවමකට ලක් නොවී කටයුතු කරන්න ඔහු වග බලා ගත්තා.
සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වූ ප‍්‍රසන්නට අවශ්‍ය වුණේ ජීව විද්‍යා විෂයධාරාව හදාරන්න. ඒ 1968 - 69 කාලෙ. විරැකියාව රටේ බලවත් ප‍්‍රශ්නයක් වෙලා තිබුණා. වෛද්‍ය ශිෂ්‍යයන්ටවත් රැකියා ලැබෙන්නෙ නෑ කියන රාවයක් රටේ පැතිරුණා.
ඒ කාලේ සිසුන්ට ඕනෑ කළේ සාමාන්‍ය පෙළෙන් රැකියාවකට යන්න. ගුරු වෘත්තිය, බැංකු ලිපිකරු, වතු පාලක වැනි හීන විතරයි බොහෝ දෙනෙක් දැක්කේ. ප‍්‍රසන්ත ගේ ‘දොස්තර හීනෙ’ නිසා සමකාලීනයන් අතරෙ ඇතැම් විට ඔහු සමච්චලයටත් ලක් වුණා.
කර දඬු මහත් වෙච්ච ඉළන්දාරියෙක් විදිහට ගෙදරින් නිතර නිතර මුදල් ඉල්ලන්නත් බෑ. ඒකටත් ඔහු පිළියමක් සොයා ගත්තා. පහළ පන්තිවල ළමයින් ගේ ගෙවල්වලට ගිහින් ගණිතය, විද්‍යාව ටියුෂන් දුන්නා. අම්මා තාත්තට කරදර කළේ නෑ.
උසස් පෙළ ජීව විද්‍යා පන්තියටම හිටියෙ ළමයි දහ දෙනයි. ඒ අතරිනුත් ප‍්‍රසන්ත බොහොම ඉදිරියෙන් හිටිය.
පළමු වතාවෙම වෛද්‍ය විද්‍යාලෙට තේරුණා. 1974 දි පේරාදෙණියෙ වෛද්‍ය පීඨයට ඔහු ගියෙ එහි නේවාසිකාගාරෙ නැවතිලා. ඒ කාලෙ නවක වදේ උග‍්‍රයි. කොතරම් දරුණු ද කිව්වොත් ඔවුන්ට කනිෂ්ඨ වසරෙ සිසුවියක් නවක වදය දරා ගන්න බැරුව නේවාසිකාගාරෙ උඩුමහලකින් බිමට පැන්නා. ප
්‍රසන්ත දෙවැනි වසරෙ ඉඳලම නවක වදයට එරෙහිව කි‍්‍රයාකාරී වුණා. 1977 - 78 වසරවල ඔහු දන්න හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිධූරය දැරුවා. ඒ කාලෙ තරුණයො රටේ හැම දේටම එරෙහිව නැගී සිටියා.
ප‍්‍රසන්ත ඊට එකඟ වුණේ නෑ. කෙසේ හෝ අන්තවාදි පිරිස් සමග සාකච්ඡා කොට තමා සභාපතිත්වය දැරූ වසර තුළ ශිෂ්‍ය වර්ජන දියත් නොකර සිටීමට ප‍්‍රසන්ත සමත් වුණා.
ශිෂ්‍ය සංගම්වල සාමාජිකයන් ගෙන් එක් රැස් කර ගත් සාමාජික මුදල්වලින් එතුවක් කළේ බැනර් දැමීම, ලිපි ලේඛන ගැනීම හෝ කොඩි එල්ලීම වගේ කටයුතු. ඒත් ප‍්‍රසන්ත සභාපතිධූරය දරපු කාලෙ ඒ මුදල් වියදම් කළේ විශ්ව විද්‍යාලෙ පුස්තකාලෙ නොතිබූ දුර්ලභ පොත් පත් මිලදී ගන්නටයි.
සටන්කාමී ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවට ශිෂ්‍ය අයිතිවාසිකම් රැක ගන්නා අතරම අධ්‍යාපන කටයුත සාක්‍ෂාත් කර ගැනීමටත් යොමු වුණු යහපත් පිරිසක් ලොවට එක්කර වන්නටයි ප‍්‍රසන්න උත්සාහ දැරුවේ.
ශිෂ්‍ය සංගම්, කී‍්‍රඩා උත්සව, සමාජ සේවා හා අධ්‍යාපනයට සමගාමීව යොවුන් පේර්මයත් ප‍්‍රසන්තගෙ ජීවිතයට සමීප වුණේ විශ්ව විද්‍යාල සමයෙදි. ඔහුට වඩා වසර දෙකකින් පමණ කනිටු වෛද්‍ය සිසුවියක වූ ඇය නිලේන්ද්‍රා ද සිල්වා. නිලේන්ද්‍රාගෙත් ප‍්‍රසන්නගෙත් ආදර කතාව විශ්ව විද්‍යාල ජීවිතේ නිමාවත් සමග කූඨ ප‍්‍රාප්තියට පත් වුණා.
1982 දී ඔවුන් විවාහ වුණා. ප‍්‍රසන්ත සීමාවාසික වෛද්‍ය පුහුණුව ලැබුවේ 1979 දී මහනුවර මහ රෝහලෙන්. වෛද්‍යවරයෙකු ලෙස ප‍්‍රථම පත්වීම ලැබුණේ නාවලපිටියෙ රෝහලට.
නාවලපිටිය රෝහලේ සේවයේ යෙදී සිටිමින්ම ඔහු පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතුවල යෙදුණා. 1981 වසරෙදි පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් පශ්චාත් වෛද්‍ය උපාධිය ලබා ගත්තා. වෛද්‍ය ක්ෂේත‍්‍රයෙන් අඩුම මරණ සංඛ්‍යාවක් ඇති වන්නේ මාතෘ හා නාරිවේද ක්ෂේත‍්‍රයේ.
ඒ වගේම මරණ ඇති වන්නේත් ජීවිතයේ වටිනාම තරුණ වයසෙදි. මේ මරණවලින් කිහිපයක් හෝ බේරා ගන්නටත් තරුණ මව්වරුන්ට පිහිට වීමෙන් උපදින දරුවන්ට සෙතක් සලස්වා දීමටත් හැකි වන නිසයි ප‍්‍රසන්ත සිය විශේෂඥ දැනුම නාරිවේද විෂයයෙන් ලබා ගන්නට සිතුවේ.
1985 වසරෙදි පශ්චාත්වේද උපාධි ආයතනයෙන් ප‍්‍රසව හා නාරිවේදය පිළිබඳ ශල්‍යපති උපාධිය ලබා ගත් වෛද්‍ය ප‍්‍රසන්ත ඒ වසරේම අග භාගයේදී එංගලන්තයට ගියා වැඩිදුර අධ්‍යාපනය සඳහා කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයට අනුබද්ධිත මාතෘ රෝහලෙහි වසර දෙකක් වැඩිදුර පුහුණුව ලබමින් සේවය කළා.
1986 දී අයර්ලන්තයේ ප‍්‍රසව හා නාරිවේදය පිළිබඳ පශ්චාත් උපාධිය සමත් වූ ඔහුට 1987 දී ප‍්‍රසව හා නාරිවේදය පිළිබඳ රාජකීය විද්‍යාලයේ සාමාජිකත්වය හිමි වුණා.
1987දීම වෛද්‍ය ප‍්‍රසන්ත සෞදි අරාබියේ රෝහලක සේවය සඳහා පිටත්ව ගියා. ඒ වන විට ඔහුටම කියා නිවෙසක් හෝ වාහනයක් තිබුණේ නෑ. ලංකාවට එන්නට පෙර මූල්‍යමය වශයෙන් ශක්තිමත් වන්නට ඔහුට අවශ්‍ය වුණා. 1988 දී යළිත් ලංකාවට එන විට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ඇරැඹිලා.
එහි නාරිවේදය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධූරය භාර ගත් ඔහු පුරා වසර අටක් එහි සේවය කරමන් නාරිවේද ක්ෂේත‍්‍රයේ පර්යේෂණ රැසක නියැළුණා. 1994 දී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගත් විට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට සම්බන්ධ වුණා.
1992 දී ඔවුන් ගේ කැදැල්ලට එක්වූ අලුත් සාමාජිකයා චරිත් පුතා. අද ඔහු එංගලන්තයේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිටිනවා. වසර 2000 දී වෛද්‍ය ප‍්‍රසන්ත උතුරු කොළඹ වෛද්‍ය පීඨයේ සහය මහාචාර්ය ධූරයට පත් වුණා.
2005 දී කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප‍්‍රසව හා නාරිවේද අංශයේ මහාචාර්ය ධූරයට පත්වී අදටත් එම ධූරයේ සේවය කරනවා.
මහාචාර්ය ප‍්‍රසන්ත අද රාගම වෛද්‍ය පීඨයේ සිසුන් අතර අතිශයින් ජනපි‍්‍රය ආචාර්යවරයෙක්. ඒ ඔහු හැම විටම ශිෂ්‍යයන්ගේ පැත්තෙන් ඔවුන් ගේ ප‍්‍රශ්න දෙස බලන නිසා. ආර්ථික අපහසුතා ඇති වෛද්‍ය සිසුන් කිහිප දෙනෙකුට වගේම අගහිඟකම් ඇති පාසල් සිසුන්ගෙන් අධ්‍යාපනය සඳහා මහාචාර්යතුමා සිය ආදායමෙන් කොටසක් වෙන් කරනවා.
“ජීවත් වෙන්න හුඟාක් සල්ලි ඕනෑ කරන්නෙ නෑ. පරිසරයට ඔරොත්තු දෙන්න පුළුවන් ශක්තියක් හැම දෙනා තුළම තිබෙන්නට ඕනෑ. පුංචි කාලෙ ඉඳන්ම හොඳ අනාගත අධිෂ්ඨානයක් යමකුට තිබිය යුතුයි.
ඒ අරමුණ ඉටු කර ගන්නා තුරු කුමන අභියෝගයක් හමුවේ වුවත් නොසැලී සිටීමට ආත්ම ශක්තියක් ඇති කර ගැනීමය ජීවිතේ ජය ගන්නවා කියන්නේ.” මහාචාර්යතුමා අපිට සමු දුන්නෙ ඔහුගෙ ජීවන දර්ශනය පහදා දෙමින්...”
සාගරිකා දිසානායක ජයසිංහ
ඡායාරූප -
විමල් කරුණාතිලක
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment