බිරිඳ මියයයි - සැමියා රෝහලේ
තම දරුවන් නොසලකන බව පවසා වයෝවෘද්ධ යුවළක් වස පානය කිරීමෙන් පසු බිරිය මියගොස් ඇත. සැමියා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.
මෙම සිද්ධිය වාර්තා වන්නේ නවගත්තේගම ප්‍රදේශයෙනි. නවගත්තේගම කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි නායක බණ්‌ඩාරලාගේ බණ්‌ඩාර මැණිකේ (65) නමැති තිදරු මවක් මෙලෙස මියගොස් ඇත. ඇය සමඟ වස පානය කළ බස්‌නායක මුදියන්සේලාගේ ධර්මදාස (72) නමැති අය පුත්තලම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. මියගොස් ඇති කාන්තාව සහ රෝහල්ගත කළ පුද්ගලයාට දරුවෝ තිදෙනෙක් සිටිති. දරුවන් විවාහ වී වෙන්ව ජීවත්වන බැවින් වයෝවෘද්ධ යුවළ මෙම නිවසේ තනිව වාසය කර තිබේ. නවගත්තේගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment