BREAKING NEWS

රටතොට

Wednesday, December 25, 2013

දයාන් ජිනීවා යෑවීමේ ඉල්ලීම රජය ප්‍රතික්‍ෂේප කරයි

2014 ජිනීවා මානව හිමිකම් සමුළුවට පෙර හිටපු තානාපතිවරයකුවූ දයාන් ජයතිලක, හිටපු තානාපතිනියක වන තමාරා කුමානායක සහ හිටපු විනිසුරු වීරමන්ත්‍රී යන තිදෙනා ජිනීවා වෙත යෑවීමට ක්‍රියාකරන්නැයි ඉදිරිපත් වූ ඉල්ලීමක්‌ රජය ප්‍රතික්‍ෂේප කර ඇත.


පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම තිදෙනා පත් කළ යුතු යෑයි ප්‍රකාශ කර තිබුණි.
රජයට කාගේවත් උපදෙස්‌ අවශ්‍ය නැහැ. බ්‍රිතාන්‍ය රජය පත් කිරීමට උත්සාහ කරන යුද අධිකරණයට ශ්‍රී ලංකාව මුළුමනින්ම විරුද්ධ යෑයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (25 දා) පැවැසීය.

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයේ බලය පිළිගෙන නැතැයිද එම ආරංචි මාර්ග කීවේය.

මෙම මානව හිමිකම් සමුළුවට නොබියව මුහුණ දෙන අතර ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරන රටවල පැටිකිරිය හෙළිදරව් කිරීමටද රජය තීරණය කර ඇත.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger