Wednesday, September 18, 2013
ගංජා පැළ හයදහසක (6000) වගාවක්
ගෙවත්තේ වනරොදක මුවාවෙන් වගාකර තිබූ ගංජා පැළ හයදහසක (6000) වගාවක් සමග එක් සැකකරුවෙක් වල්සපුගල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 12 වැනිදා සවස තෝරකොළයාය මුල්ලගස්‌යාය ප්‍රදේශයේ සිදුකළ හදිසි වැටලීමක දී මෙම ගංජා වගාව සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. එහි වගාකර තිබූ ගංජා පැළ 6000 කට අධික සංඛ්‍යාවක්‌ද ගලවා තිබේ.
සැකකරු සමග ගංජා තොගය ඇඹිලිපිටිය පොලිසියට භාරදීමෙන් පසුව ඇඹිලිපිටිය මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. වල්සපුගල පොලිස් විශේෂ කාර්ය බළකායේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක අබේසිංහ මහතා ප්‍රධාන පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර තිබිණි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment