වසර දාහතරකට පෙර සිදුකළැයි කියන ඝාතනයක් සම්බන්ධයෙන් කොට්ටාවේ මාළු කඩ හිමි ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.
මාළු කඩ තුනක් හිමි ව්‍යාපාරිකයා එම ඝාතනය සදහා රුපියල් එක්ලක්ෂ දහදාහක කොන්ත්‍රාත්තුවක් දී ඇතැයිද ව්‍යාපාරිකයාගේ පුතා සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අවස්තාවේ එම තොරතුරු හෙළි වු බවද පොලීසිය පවසයි. ව්‍යාපාරිකයාත් ඝාතනයේ ඔත්තුව බැලු බව කියන පුද්ගලයාත් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ඝාතනයට ලක්වී ඇත්තේ පොල්ගස්ඕවිට මත්තේගොඩ අම්බලම පාරේ උදය චානක අල්ගම(25) නම් තරුණයෙකි.
ඔහු මාළු ව්‍යාපාරිකයාගේ සේවකයකුගේ මිතුරකු බවත් එම දෙදෙනා මාළු ව්‍යාපාරිකයාට 1999 දී බෝම්බ ගසා තුවාල කළැයි කියන සිද්ධියකන් මෙම ඝාතනයට හේතු වන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
අතුරුගිරියේ කඩයකින් පසුගිය හයවැනිදා රුපියල් ලක්ෂ 15 ක භාණ්ඩ සොරකම් කළැයි සැක පිට ව්‍යාපාරිකයාගේ පුතා අත්අඩංගුවට පත් විය.
එම සාප්පුවෙන් සොරාගත් භාණ්ඩ අඩු මිලට විකුණා ඔහු මත් කුඩු මිලට ගන්නට ඇතැයි පොලීසිය සදහන් කරයි. කුඩු පාවිචියෙන් මිදීම සදහා යැයි කියමින් ව්‍යාපාරික පුතා කරිඳිවැල පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ඇතුළු විමට යන බව ලැබුණු තොරතුරකට අනුව සැරයන් පියල් දුණුසිංහ (56750) ඔහු අත්අඩංගුවට නොගත්තේනම් වසර දාහතරකට පෙර සිදු වු ඝාතනය නාදුණන පුද්ගලයකු අතින් සිදු වු ඝාතනයක් ලෙස යට පත් වීමට ඉඩ තිබුණේ යැයි පොලීසිය කියයි.
199-01-19 වැනි දින කොට්ටාවේදී චානකට වෙඩි තැබු බව කියන කොන්ත්‍රාත් කණ්ඩායමේ තිදෙනකුම මිය ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.ඔවුන් වැල්ලම්පිටිය,කොළඹ හා පන්නිපිටියේ අය බවද කියති.
ඝාතනයෙන් අනතුරුව ඔවුන් කොට්ටාවේ ත්‍රීරෝද රථ රියදුරකුට ගිනිඅවිය පෙන්වා මහරගමට ගොස් එතැනින් වෙනත් වාහනයකින් කොළඹ ලොජ් නවාතැන්පොළකට ගිය බවද පොලීසිය සොයාගෙන ඇත.
ඝාතනය සිදුවෙද්දී ව්‍යාපාරිකයාද අනෙක් සැකකරුද ඒ ආසන්නයේ සිටි බවටත් පොලීසියට තොරතුරු ලැබී ඇත.ඝාතනය සම්බන්ධයෙන් පියාද සොරකම සම්බන්ධයෙන් පුතාද නුගේගොඩ අධිකරණයට බදාදා (28) ඉදිරිපත් කිරීමට නියමිතය.
නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත (දකුණ භාර)සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ මොහයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් කරුණාරත්න,පොලිස් පරීක්ෂක සිල්වා, සැරයන් (56750)ජයවර්ධන ,කොස්තාපල්වරුන් වන (81600) සමීර,(88816) ලයනල් (69598) අනිල් යන නිලධාරීහු එක්ව පරීක්ෂණ මෙහෙයවති.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment