නියත මරණය අසල හිඳිමින් වුව සැහැල්ලු බව නිරවුල් බව ප්‍රකට කළ ජයමාන්නයන් ධර්මසිරි බණ්‌ඩාරනායකයන්ට මෙලෙස ලියා තිබිණි.
හිතවත් ධර්මේ,
දස වසරකට හෝ ඉන් එහා සිට වර්ධනය වූ අක්‌මාවේ දරුණු පිළිකාවකින් මම පෙළෙමි. ප්‍රතිකාර ගතහොත් වසරක පමණ කාලයක් ජීවත් විය හැකිය. එහෙත් ඉන් ඇති වන අතුරු ආබාධයන්ට මුහුණ දිය යුතුය. ප්‍රතිකාර නොගතහොත් මාස තුනත් හයත් අතර කාලයක් ජීවත් විය හැකිය. ඉතින් මම දෙවැනි අවස්‌ථාව තෝරා ගැනීමට තීරණය කළෙමි. ඒ නිරවුල් තීරණයෙන් මාසයයකට පසු ඇන්ඩෘ ජයමාන්න නම් එ මහා මනුෂ්‍යයා මෙලොවින් සමුගෙන ගියේය.
අතිශය සැහැල්ලු හැඟීමක් මත හිඳිමින් ජීවිතය දෙස බලන්නට තරම් නිරවුල් මානසිකත්වයක් ඇන්ඩෘ ජයමාන්නයන්ට තිබිණි. ඒ බව ඔහු ජීවත්ව සිටිය දී ම පසක් කළේය. ඒ..... පසුගිය ජූලි මස 19 වැනිදා ධර්මසිරි බණ්‌ඩාරනායකයන්ට එවූ ඊමේල් පණිවුඩයකිනි. දෙර හදමර eහැs දබකහ යනුවෙන් සඳහන්ව තිබූ එම ලිපියේ වූයේ පරමාදර්ශී ජීවිතයක යථාර්ථය බව බණ්‌ඩාරනායකයන් ප්‍රකාශ කළේය.
1972 වසරේදී ජාතික චිත්‍රපට සංස්‌ථාව විසින් චිත්‍රපට තාක්‍ෂණ ශිල්පීන් ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැඳවද්දී ඇන්ඩෲ ජයමාන්න මහතා චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු, තිර කතා රචකයකු කැමරා අධ්‍යක්‍ෂවරයකු සංස්‌කරණ ශිල්පියෙකු සහ නිෂ්පාදන කළමනාකරුවකු ලෙස සංස්‌ථාවේ ලියා පදිංචි විය. එකී කාණ්‌ඩ පහ ඔස්‌සේ ලියාපදිංචි වූ මෙරට එකම පුද්ගලයා ඇන්ඩෘ ජයමාන්න මහතා ලෙසද සැලකේ.
එදා මෙදාතුර බිහි වූ සිංහල චිත්‍රපට අතර නිළියකගේ දායකත්වය නොලැබූ එකම චිත්‍රපටය වන්නේ හාරලක්‍ෂය ය. එවකට පැවති වට්‌ටෝරු චිත්‍රපට වෙනුවට නිර්මාණාත්මක චිත්‍රපටයක් දායාද කිරීමේ අභිලාෂයෙන් බිහි වූ හාරලක්‍ෂයට ගීතමය ජවනිකා ඇතුළත් නොවීම ද සුවිශේෂය.
හාරලක්‍ෂය ගැන මට මුලින්ම ඉඟියක් කළේ ටයිටස් තොටවත්ත මහත්aතයා. ඊට අදාළ ගිවිසුම අත්සන් කෙරුණේ සිංහගිරි චිත්‍රපට නිෂ්පාදක සුගතදාස මාරසිංහ මහතා සමග 1971 දී නිෂ්පාදන විධායක ලෙස ජෝ අබේවික්‍රම මහතා ද තිස්‌ස අබේසේකර මහතා තිරනාටක ශිල්පියා ලෙස ද අත්සන් කළා. ගිවිසුම අත්සන් කරන විට නළු නිළියන් තෝරා ගැනීමක් හෝ තිර නාටකයක් හෝ කතාව පිළිබඳ ගවේෂණයක් කර තිබුණේ නැහැ. ගවේෂණ කටයුතු මුලින්ම කළේ මෙම නඩුව ගොනු කළ ලයනල් ගුණතිලක මහතා හමු වීම සහ ජෝන් සිල්වා මහතා මරා දැමූ තැන නැරඹීම ය. චිත්‍රපටිය් වැඩ මඳක් ප්‍රමාද වෙන්න හේතු වුණේ තිර නාටකය ලියන්න තිස්‌ස අබේසේකර මහතා මාසයක කාලයක් ඉල්ලීමයි. තිරනාටකය ලිවීමට තිස්‌ස අබේසේකරයන්ට පැවරුවේ නිෂ්පාදන විධායක ජෝ අබේවික්‍රමයන්. පිටපත ලැබෙන තුරු කිසිවක් කිරීමට අපට හැකියාවක් ලැබුණේ නැහැ.
හාරලක්‍ෂය නිර්මාණය කිරීමේ දී අත්විඳින්නට සිදු වූ මේ අපූරු අත්දැකීම් ප්‍රකාශ කළේ සිනමා කැමරාව අතින් ගෙන මනුෂ්‍යත්වය කියා පෑ ඇන්ඩෘ ජයමාන්නයන් ය. ඒ.......නියත මරණය තමන් අභියසට පැමිණ තිබූ මොහොතක මුත් පැහැදිලි නිරවුල් හඬකිනි. ඒ වන විටත් මව්බිමෙන් බැහැරව සිටි ඔහු මෙලෙස අතීතාවර්ජනයේ යෙදුණේ ද ඔහුගේ මනුෂ්‍යත්වය කෙරෙහි ඇළලුණු, ඔහුට හදවතින්ම ආදරය කළ සහෘදයන් පිරිසකගේ බලවත් ඉල්ලීම මත බව නම් සඳහන් කළ යුතුමය. පෙනි පෙනී ඇති මරණය අතිශය සැහැල්ලුවෙන් දැකීමට තරම් නිරවුල් මනසකින් සිටි මේ නිර්මාණකරුවාගේ හාරලක්‍ෂය අත්දැකීම් පෙළ ගැසුණේ මෙලෙසිනි.
සිංහගිරි චිත්‍රපට නිෂ්පාදක සුqගතදාස මාරසිංහ මහතාට හාරලක්‍ෂය ඉක්‌මනින් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය වුණා. ඔහු විසින් කරන ලද විමසීම්වලදී ජෝ කිව්වේ තිරනාටකය ලියමින් ඇති බවයි. කවුරු මොනව ලිව්වත් අපිනෙ කරන්න ඕනෑ කියන පදනමේ සිටිමින් තොටවවත්ත මහතා වැඩට බැස්‌සා.
මේ මංකොල්ලය සඳහා යොදාගෙන තිබුණේ 6033 රථය බව දැනගෙන සිටියත් ඒ ගැන එතරම් අවධානයට ලක් නොකළ නමුත් එහි ස්‌වරූපය වැදගත් බව අපි වටහා ගත්තා. ඊළඟට 6033 ඉදිරියෙන් ගමන් කළ අමතර රෝද සවි කළ රථය සොයන්නට අපි වෙහෙසුණමු. කොටුව, හල්µaඩෝප්, පංචිකාවත්ත, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශවල පරණ බඩු කඩ පීරමින් ඇඳුම් ආයිත්තම් එකතු කළෙමු. නිෂ්පාදක සුගතදාස මාරසිංහගේ උනන්දුව ද වැඩි වුණා.
සියල්ල මෙසේ ඉතාමත් හොඳින් පෙළ ගැසෙන මුත් සියලු දෙනා තුෂ්ණීම්භූතව බලා සිටියේ තිර නාටකය ලැබෙන මොහොත තෙක්‌ය. තිර නාටකය ලිවීම භාර ගත් තිස්‌ස අබේසේකරයන් වෙනත් තිර නාටකයක් ලියන බව මේ වන විට තොටවත්තයන්ට දැන ගැනීමට ලැබී තිබිණි. එහෙත් ජෝ අබේවික්‍රම මහතා දිගින් දිගට ම කියා සිටියේ එය අසත්‍යයක් බව ය. මේ ගැටලු සහගත තත්ත්වය නිසා මාරසිංහ මහතාගේ අවසන් තීරණය වූයේ වෙනත් කිසිවකු ලවා තිර පිටපත ලියවීම ය.
තොටවත්ත මහතාගේ ඉල්ලීම නිසා ම මම තිස්‌ස අබේසේකරයන්ගේ කාර්යාලයට ගියා. මරදාන ටෙක්‌නිකල් හන්දියේ පිහිටා තිබූ කාර්යාලයට ගිය මට පිටු විසිපහක පමණ අත්පිටපතක් දුන් තිස්‌ස මහතා ඉතිරි කොටස් ඉක්‌මනින් එවන බව ප්‍රකාශ කළා. තිර පිටපතේ මුල්පිටු දෙක වුවමනාවෙන් ද ඉතිරි පිටු උඩින් පල්ලේන් ද කියවා බැලු තොටවත්ත මහත්තයා මොකක්‌ද දන්නවද කිව්වේ. මේක තිස්‌ස මහත්තයට ම දෙන්න කිව්වා. එය රැගෙන බස් රියේ යන ගමන් මම ද පිටපත කියවා බැලුවා. එහි මුලින් ම වූයේ පාලමක් උඩ ගීයක් ගයන දෙදෙනකුගේ පෙම් ජවනිකාවකි. පිටපත තිස්‌ස මහතාට දුන් මම ආපසු තොටවත්ත මහතාගේ නිවසට එන විට ඔහු මේසය මත කොළ කිහිපයක් හා පෑනක් තබාගෙන කල්පනා කරමින් සිsටියා. කවුරුත් ඕනෑ නැහැ අපි ලියමු ඔහු කිව්වා. මමත් ලිව්වා ඔහුත් ලිව්වා.
කිසිදු නිළියක් ඇතුළත් කිරීමකින් හෝ ගීතයකින් ද තොරව හාරලක්‍ෂය නිර්මාණය බිහිවන්නේ මේ තොටවත්ත - ජයමාන්න සුසංයෝගයේ නැවුම් ප්‍රතිඵලයක් ලෙසිනි.
ඇන්ඩෘ ජයමාන්නයන් ප්‍රකට වූයේ සිනමා කැමරා ශිල්පියකු වශයෙන් පමණක් නොව මිනිසත් බව හඳුනන සැබෑ මනුෂ්‍යයකු ද ලෙස ය. ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්‌ඩාරනායකයන් ජයමාන්නයන්ගේ සමීප ඇසුරින් ලද ඒ මනුෂ්‍යත්වයේ මිහිරියාව ආවර්ජනය කළේ පසුගිය ඉරිsදා (31 වැනිදා) මීගමුව මාරිස්‌ටෙල්ලා විදුහලේ පැවති කථිකාවක දී. ජයමාන්නයන්ගේ හැකියාව පරයා ඉස්‌මතු වූයේ මනුෂ්‍යත්වය බව ඔහු කියා සිටියේ ය. ඇන්ඩෘ කියන්නේ කැමරාව සුරතේ රඳවා ගනිමින් විස්‌කම් පෑ කැමරා ශිල්පියකු පමණක් නෙමෙයි. ඔහුගේ ඇහැ ඔහුගේ හැකියාව ඔහුගේ දක්‍ෂතාව ඊටත් වඩා ඔහු කෙරෙන් මතු වූ උතුම් මනුෂ්‍යත්වය මා දුටුවා. ධර්මසිරි බණ්‌ඩාරනායකයන් සඳහන් කළේ කඳුළු පිරි දෙනෙතිනි.
නිලන්ත මදුරාවල
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment