BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, June 7, 2013

ප්‍රගීත් ගැන අරුන්දික කියන්නේ බොරු - මංජුල වෙඩිවර්ධන

වසර ගණනාවක් අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා තමා විසින් ප්‍රංශයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකුට හඳුන්වා දුන් බවට කරන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව ප්‍රංශයේ පිටුවහල්ව වෙසෙන මාධ්‍යවේදි  මංජුල වෙඩිවර්ධන මහතා පවසයි.


පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික පෙරේරා මහතා, ප්‍රගීත් එක්නැලිගොඩ ප්‍රංශයේ ජීවත් වන බව තමන්ට පැවසුවේ තමා මෑතදී ප්‍රංශයේ සංචාරය කළ අවස්ථාවේ හමුවුන සිය මිතුරෙකු වන මාධ්‍යවේදී මංජුල වෙඩිවර්ධන බව කියා සිටියේය.
"මංජුල වෙඩිවර්ධන මට කිසියම් උස නැති පුද්ගලයෙක් හඳුන්වල දුන්නා. ඔහු ප්‍රගීත් එක්නැලිගොඩ. ඊට පස්සේ ඒ පුද්ගලයා මාව මඟ හැරලා, මට කථා කරන්නේවත් නැතිව යන්න ගියා," යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.
කෙසේ නමුත් එය සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් බව මංජුල වෙඩිවර්ධන මහතා බීබීසී සංදේශයට පැවසිය.
-බිබිසි සංදේශය

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger