BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

සිනමා

තොරතුරු

රටවටා

මාධ්‍ය

බ්‍රිතාන්‍යයයේ මහන්සි නොවී හාන්සිවන බොහෝමයක් උපාධිදාරීන්ලු....!!!

බි‍්‍රතාන්‍යයේ ලිංගික සේවා සපයන්නන්ගෙන් 40%ක් පමණ උසස් විද්‍යාල හෝ විශ්වවිද්‍යාල උපාධිධාරීන් වන බව නවතම සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තය ගව ඝාතනය තහනම් කරයි...!!!

ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ ගව ඝාතනය මෙන්ම, ගව මස් අලෙවිය හා පරිභෝජනය තහනම් කෙරෙන විශේෂ කෙටුම්පතකට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇමති රාජිතට එරෙහිව අල්ලසට පැමිණිල්ලක්....!!! සුදුරෙදි හොරු....!!! ඇන්දට සුදු සේරම හොරු...

විමල් ගේ පක්‍ෂයට දැන් තුරුම්පු සෙවීමට මතක්වී ඇත්තේ විමල්ගේ පසුපසින් පන්නන රාජිත නිසාය.නමුත් මෙය සාධකද සහිතව අප ලංකානිව්ස් 6, 2015 පෙන්වා දුනී.ඒ සබැඳුම සහ සියළු විස්තර .....!!!!

………………………………………………………………………...

Friday, March 6, 2015

ලංකානිව්ස් ග්‍රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!


Wednesday, March 4, 2015

අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!

පසුගිය දිනෙක පැවති රූපවාහිනී විවාදයකදී බොහෝ අයෙකුගේ හැසිරීම සැමගේ  අප්‍රසාදයට ලක්ව තිබුණා.අවම තරමේ ඵවැනි ප්‍රසිද්ධ දේශපාලන සංවාදයකදී තිබිය යුතු සංහිදියාවක් නොමැති ඵවන් හිවළුන් අද දේශපාලනයට පැමිණ තිබීම රටේ පුරවැසි ජනතාව ලෙසින් ලජ්ජාවිය යුතුය...ඔබටද ඵය නැරඹීමට අවස්ථාවක් මේ සමගින්.....

රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!

රට පුරා ප‍්‍රධාන නගරවලින් රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි.
නව වැඩපිළිවෙවෙලේ ආරම්භයක් ලෙස කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල බස් රථ 29 ක් ධාවනයට යොදවා ඇත.

ඉදිරියේදී රටේ සියළු ප‍්‍රධාන නගර අවට ප‍්‍රදේශ ආවරණය කරමින් මෙම සේවාව කි‍්‍රයාවට නංවන බව අභ්‍යන්තර ප‍්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර  ප‍්‍රකාශ කරයි.

මහින්ද නුවර වේදිකාවට... ?

මහනුවර පැවැත්වෙන ‘මහින්ද අගමැති අපේක්ෂක කරමු’ දෙවැනි මහජන රැලිය සදහා හිටපු ජනාධිපති මහින්ද රාපජපක්‍ෂ මහතාටත් ආරධානා කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල්  වීරවංශ පවසා ඇත.

එම රැුළිය සදහා මහින්ද රාජපක්ෂ  මෙන්ම නිදහස් සන්ධානයේ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ටද ආරාධනා කර ඇතැයිද  මන්ත‍්‍රීවරයා සදහන් කළේය.

කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!

පුරාවිද්‍යා වටිනාකමින් යුතු මාලිගයක සහ පොකුණු නවයක නටබුන් කල්පිටිය ශේතපොළ ‘මාලිගාසේන’ගම්මානයේ පිහිටා ඇතැයි පුත්තලම කරඹ ජයන්ති විහාරයේ ගැවිලිපිටියේ සමිත හිමියෝ සදහන් කරති.

කුවේණියගේ නැගණිය ලෙස සැලකෙන “අල්ලි රාණි” කුමරියට අයත් බවට සැලකෙන මේ බිම මේ වනවිටත් නිදන් හොරුන් විසින් කොල්ලකා ඇති බවත් බලධාරීන්ගේ අවධානයට වහාම ලක් නොවුණහොත්, ඉතිරිව ඇති නටඹුන්ද විනාශය පත්වනු ඇති බවට සමිත හිමියෝ අනතුරු අගවති.
ජලය හිග කාලවලට පවා නොසිෙදන පොකුණක් දැනටමත් දිස්වන අතර එම භූමිය පුරා තන්හි තන්හී පොකුණු අටක් දිස් වෙයි.  ප‍්‍රධාන පොකුණේ අලියෙකුගේ පිළිරුවක් තිබුණු බවත් එහි නිධානයක් තිබූ බවත් විටින් විට වාහනවලින් එහි පැමිණි පුද්ගලයන් විසින් ඒවා රැගෙන ගිය බවත් ප‍්‍රදේශයේ පැරැණි පදිංචිකරුවෝ පවසති.

‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති

පසුගිය රජය ඖෂධ සමාගම් හාරසියයකින් පමණ රුපියල් ලක්ෂ විසිපහ බැගින් මුදල් ලබා ගනිමින් ජාතික ඖෂධ පනත ගෙන ඒම වැළැක්වූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියි.
තමා පසුගිය රජයේ සෞඛ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරන කාලයේ මෙම ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ගෙන ඒම සඳහා කටයුතු කළ බව පැවසූ ජනාධිපතිවරයා හිටපු රජයේ ප්‍රධානීන් එය වැළැක්වූ බවයි කියා සිටියේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම හෙළිදරව්ව කළේ ජාතික ඖෂධ අධිකාරි නියාමන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය (04) පාර්ලිමේන්තුවේදී ආරම්භ කරමින්.


පළමු අවස්ථාව

ජනාධිපති ලෙස පත්වීමෙන් පසු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පාර්ලිමෙන්තුව ඇමතු පළමු අවස්ථාව මෙය වන අතර පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් විවාදයක් අරඹමින් ජනාධිපතිවරයෙක් පාර්ලිමෙන්තුවේදී කතා කළ පළමු අවස්ථාවද මෙයයි.
තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා ව සිටියදී 2011 දෙසැම්බර් වන විට පනතේ කටයුතු අවසන් කරන්න හැකියාවක් ලැබුණු බව පැවසූ ජනාධිපතිවරයා නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් පසු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව අතට ගිය මෙම පනත ඉන් පසු අතුරුදහන් වූ බවයි ප්‍රකාශ කළේ.
" එදා පනත අතුරුදහන් කිරීම සදහා එක ඖෂධ සමාගමකින් රුපියල් ලක්ෂ 25 ගණනේ සමාගම් 400කින් පමණ මුදල් එකතු කළ බව මට දැනගන්නට ලැබුණා, මම දන්නේ නැහැ ඒ මුදල කොහාටද ගියේ කියලා" ජනාධිපතිවරයා පැවසීය.
පසුගිය රජය ඖෂධ සංස්ථාවට පත්කර සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයා බව පැවසූ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා, තමන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස එහි දුෂණ වංචා ගැන පෙන්වා දෙද්දී හිටපු ජනාධිපතිවරයා ඒ ගැන උනන්දුවක් නොදැක්වූ බවයි ප්‍රකාශ කළේ.
මේ පනත් කෙටුම්පත මඟින් නිදහස් සෞඛ්‍යය සේවයට හා ජනතාවට ප්‍රතිලාභ රාශියක් ලැබෙන බව පැවසූ ජනාධිපතිවරයා පනතේ අඩුපාඩු ඇත්නම් ඒවා සාකච්ඡා කර සංශෝධනය කර ගත යුතු බවයි පෙන්වා දුන්නේ.

ජාත්‍යන්තර කීර්තියක්

මේ අතර විපක්ෂයේ සහයෝගය පනතට ලබා දෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් විශාල කීර්තියක් හිමි වෙන බවයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත ගෙන ඒමෙන් පසු එක් එක් අයට අවශ්‍ය පරිදි ඖෂධ මිල තීරණය කළ නොහැකි බවයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න විවාදයට එක් වෙමින් පැවසුවේ.
මහාචාර්ය සේනක බිබිලේ හා එස්.ඒ. වික්‍රමසිංහ ඔවුන්ගේ ප්‍රතිපත්තිය මගින් ඉදිරිපත් කළ බොහෝ දේ ඖෂධ පනතට ඇතුළත් කර තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්

CSN නාලිකාවේ හා තම පවුලේ සාමාජිකයන් අතර ඇති එකම සම්බන්ධය එහි ප්‍රේක්ෂකයන් වීම පමණක් බව නාමල් රාජපක්ෂ  මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේය.

" CSN නාලිකාව ගැන ප්‍රශ්න එහි අධ්‍යක්ෂක මණ්ඩලයෙන් විමසිය යුතුයි, අපේ තියෙන සම්බන්ධය තමයි අපි එහි ප්‍රේක්ෂකයෝ, අපි එක බලනවා, බලන කොට අධ්‍යක්ෂක මණ්ඩලය ගැන අපි දන්නේ නැහැ, ඒ කට්ටියගෙන් ඇහුවොත් හොඳයි" යනුවෙන් ඔහු පැවසීය.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ පැවසුවත් CSN නාලිකාව හිටපු ජනාධිපතිවරයාගේ පුතුන්ට අයිති බව 2012 වසරේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එවකට සභාපති උපාලි ධර්මදාස බීබීසීයට පැවසූ අතර ඉන් පසු අවස්ථා ගණනාවක දී පසුගිය රජයේ ප්‍රධානීන් ද එය රාජපක්ෂ පවුලට අයත් නාලිකාවක් බව ප්‍රකාශ කරන ලදී.
ප්‍රදර්ශන භාණ්ඩයක් සම්බන්ධයෙන් තම සොයුරු යෝෂිත රාජපක්ෂ කොළඹ අපරාධ විමර්ශන ඒකකයට අද දින ප්‍රකාශයක් ලබා දුන් බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.
මැතිවරණය පෙර මෙන්ම පසු ද එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ වරදක් කර නොමැති නිසා ඕනෑම වෙලාවක නිර්දෝෂී බව ඔප්පු කිරිමට සුදානම් බවයි.
තම පියා වන හිටපු ජනාධිපතිවරයා දේශපාලනයට පැමිණෙන්නේදැයි විමසිය යුත්තේ ඔහුගෙන් බවයි මාධ්‍යවේදියෙකු හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ.
 
Copyright © 2013 best of selections news
Powered by Blogger