BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, June 7, 2013

ප‍්‍රගීත් ඉන්න තැනකින් මට ගෙනත් දෙන්න – සන්ධ්‍යා එක්නැලිගොඩ

ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා ප‍්‍රංශයේ සිටින බව අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා දන්නවා නම් දරු දෙදෙනාගේ  විභාග වලට කලින් ඔහු ගෙන්වා ගැනීමට උදව් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අරුන්දික මන්ත‍්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බව ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පැවසුවාය.


2010 වසරේ එක්නැලිගොඩ මහතා අතුරුදහන් වූ දිනයේ සිට මේ දක්වා ඒ මහතාගේ කටහඩ නොඇසුණු බවත් තමා සියළු කටයුතු කරන්නේ ඒ මහතාගේ කටහඩට  සවන්දීමේ අටියෙන් බවද ඇය පැවසුවාය.
‘දැනට අවුරුදු තුන හමාරක් තිස්සේ පොලීසිය ප‍්‍රගීත්ව හොයනවා. මම මීට පෙරත් කියා තියෙනවා ප‍්‍රගීත් අතුරුදහන් කළේ මේ ආණ්ඩුව බව. අරුන්දික මන්ත‍්‍රීවරයාගේ ප‍්‍රකාශයත් සමග එය සනාථ වෙනවා.
2010 ජනවාරි 24 වැනිදා උදේ 10.00 ට තමයි අවසන් වතාවට ප‍්‍රගීත් මාත් එක්ක කතා කරලා ගියේ. එදා සිට මේ මොහොත වෙනකම් ප‍්‍රගීත්ගේ  හඩ මට ඇහිලා නෑ. මම මේ සියලූ දේවල් කරන්නේ දිගටම මේ සටන ගෙනියන්නේ ප‍්‍රගීත්ගේ හඩ අහන්නයි අරුන්දික මන්ත‍්‍රීවරයා කියා තිබුණා ප‍්‍රගීත් ප‍්‍රංශයේදී දුටු බව මාත් එක්ක කතා කරන බවත් කියා තිබුණා. එහෙනම් දුරකථන පරීක්ෂා කරලා ඒක ඔප්පු කරන්න කියලා මම අභියෝග කරනවා. ලංකාවේ පොලීසියෙන් නොදන්න දේවල් ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු දන්නා බව ඉන් පේනවා.
මේ අය මේ කරන්නේ මගේ දරුවෝ දෙන්නට කරන්න පුළුවන් ලොකුම නිග‍්‍රහයයි. ළමයි දෙන්නගේ මානසිකත්වය තවත් පහළට දාන්නයි මේ හදන්නේ. ලොකු පුතා අගෝස්තු මාසයේ උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා. පොඩි පුතා මේ වසරේ දෙසැම්බර්වල සාමාන්‍ය පෙළට මුහුණ දෙනවා. මේ වගේ ප‍්‍රකාශ කරන අය දරුවෝ දෙන්නගේ මානසිකත්වය ගැන හිතන්න  ඕනැ.
ඔය කියන මන්ත‍්‍රීවරය දන්නවා ඇති ප‍්‍රගීත් ඉන්නේ කොහෙද කියලා. එයා ඉන්නේ කොහෙද කියලා හෙළි කරන්න. මං නැවත වරක් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මගේ ප‍්‍රගීත්ව ගෙනල්ලා දෙන්න. ඒ සදහා මට කරන්න් පුළුවන් උපරිම සහයෝගය මම ලබාදෙන්නම්. ජනාධිපතිතුමාටයි කතානායකතුමාටයි මම කියන්නේ දරුවන්ගේ විභාගවලට කලින් මගේ ප‍්‍රගීත්ව ගෙනල්ලා දෙන්න කියලායි යනුවෙන් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය සදහන් කළාය” යැයි ඇය වැඩිදුරටත් පැවසුවාය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger