BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Wednesday, March 4, 2015

කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!

පුරාවිද්‍යා වටිනාකමින් යුතු මාලිගයක සහ පොකුණු නවයක නටබුන් කල්පිටිය ශේතපොළ ‘මාලිගාසේන’ගම්මානයේ පිහිටා ඇතැයි පුත්තලම කරඹ ජයන්ති විහාරයේ ගැවිලිපිටියේ සමිත හිමියෝ සදහන් කරති.

කුවේණියගේ නැගණිය ලෙස සැලකෙන “අල්ලි රාණි” කුමරියට අයත් බවට සැලකෙන මේ බිම මේ වනවිටත් නිදන් හොරුන් විසින් කොල්ලකා ඇති බවත් බලධාරීන්ගේ අවධානයට වහාම ලක් නොවුණහොත්, ඉතිරිව ඇති නටඹුන්ද විනාශය පත්වනු ඇති බවට සමිත හිමියෝ අනතුරු අගවති.
ජලය හිග කාලවලට පවා නොසිෙදන පොකුණක් දැනටමත් දිස්වන අතර එම භූමිය පුරා තන්හි තන්හී පොකුණු අටක් දිස් වෙයි.  ප‍්‍රධාන පොකුණේ අලියෙකුගේ පිළිරුවක් තිබුණු බවත් එහි නිධානයක් තිබූ බවත් විටින් විට වාහනවලින් එහි පැමිණි පුද්ගලයන් විසින් ඒවා රැගෙන ගිය බවත් ප‍්‍රදේශයේ පැරැණි පදිංචිකරුවෝ පවසති.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger