හරි රිලාහාමි, පලයන් පුතා රවුමක්....කඩපන් තව ජන්ද...
සම්ප්‍රදායික රිලවෙක් නැටීමට සුදානම්ව.....
තමන් තව දුරටත් ආණ්ඩුව තුල රැඳී සිටීමට නම් ඇමති මර්වින් සිල්වා විසින් කොන්දේසි ඉදිරිපත් කර තිබේ.
පෑලියගොඩ පැවති උත්සව සභාවක් අමතමින් ඔහු සඳහන් කලේ තමනට වැඩ කරන්නට නොදෙන්නේ නම් තව දුරටත් ආණ්ඩුවේ රැඳී සිටීමෙන් පලක් නොවන බවයි.
‘ලොකු වාහනයක් ලැබුණයි ආරක්ෂක නිලධාරීන් ලැබුණයි කියලා කටුස්සෝ තත්ත්වයට පත්වෙන්න ඕනේ නෑ එහෙම කටුස්සෝ ඉන්නවා අපේ ආණ්ඩුව ඇතුලෙත් මම එහෙම චරිතයක් නෙමෙයි ජනතාවගේ අවශ්‍යතාවයන් මට ඉෂ්ට කරගන්න බැරිනම් ඒවා ඉෂ්ට කරන්න ආණ්ඩුව උදව් කරන්නේ නැතිනම් මට මේ දීපු යාන වාහන ආරක්ෂාව මට ඕනේ නෑ. මට වාහන තියෙනවා මගේ ආරක්ෂාවට ජනතාව ඉන්නවා. අවුරුද්දයි මාස දෙකක් මට වැඩකරන්න දුන්නේ නෑ. ඒකයි මට තියෙන වේදනාව සහ තරහ. ඉදිරි කාලය තුළ මේවට ආණ්ඩුව අත දෙන්නේ නැතිනම් මං මේ ආණ්ඩුවේ ඉඳලා වැඩකුත් නෑ මිත්‍රවරුණි. තමුන්නාන්සේලා වෙනුවෙන් මම මේ කියන්නේ ඇමති පට්ටම ගහගෙන මට ඉන්න ඕනේ නෑ’
Post a Comment