රූපවාහිනී ආයතන හිමිකරුගේ මත්කඩු ජාවාරම ගැන හෙළිවේ.. ඉහල අණින් පරීක්ෂණ
ශ්‍රී ලංකාවට මත්කුඩු ගෙන්වන මහා පරිමාණ ජාවාරම සමඟ මෑත නාලයේදී ආරම්භ කරන ලද රූපවාහිනි නාළිකාවක් ඇතුළු මාධ්‍ය ජාලයක ප්‍රධානියකු කාලයක සිට සබඳතා පවත්වාගෙන සම්බන්ධතාවක් ගැන ආරක්ෂක අංශයේ නියෝගයකින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
මෙම තොරතුරු හෙළිව ඇත්තේ පසුගියදා මත්කුඩු බෙදාහැරීමේ ප්‍රධානියෙකු අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදීය. එහිදී පෙර කී රූපවාහිනි නාළිකාවේ ප්‍රධානියා සහ ඔහුගේ ඥාතීන් කොළඹට මත්කුඩු ගෙන්වන ආකාරයත් ඒවා බෙදාහැරීමට යොදාගත් ජාලය පිළිබඳවත් වැදගත් තොරතුරු රාශියක් හෙළි කර ඇත.
මෙම මාධ්‍ය ජාලයේ ප්‍රධානියා රටපුරා කුඩු ජාවාරම ගෙන ගිය ආකාරය ගැන මොහු ලබාදුන් දීර්ඝ කටඋත්තරයට අනුව ආරක්ෂක අංශයේ ඉහළ නියෝගයකින් දැන් පුළුල් පරීක්ෂණයක් කරගෙන යමින් තිබේ.
Post a Comment