BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, March 3, 2015

ඇමති රාජිතට එරෙහිව අල්ලසට පැමිණිල්ලක්....!!! සුදුරෙදි හොරු....!!! ඇන්දට සුදු සේරම හොරු...


සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  පසුගිය රජයේ ධීවර ඇමති ධුරය දරන කාලයේදී අමාත්‍ය බලතල උපයෝගී කරගෙන ගැඹුරු මුහුදේ මසුන් අල්ලා තිබීම පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ  (03දා) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කළේය.
 විමල් ගේ පක්‍ෂයට  දැන් තුරුම්පු සෙවීමට මතක්වී ඇත්තේ  විමල්ගේ පසුපසින් පන්නන රාජිත නිසාය.නමුත් මෙය සාධකද සහිතව අප ලංකානිව්ස්  6, 2015 පෙන්වා දුනී.ඒ සබැඳුම සහ සියළු විස්තර .....!!!!
 http://www.lankanews.org/2015/01/blog-post_72.html

එම පක්ෂයේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මෙම පැමිණිල්ල සිදුකළේය.

2014 වසරේදී පමණක් ඇමති බලතල උපයෝගී කරගෙන රුපියල් ලක්ෂ 20,000 ක මසුන් අල්ලා තිබෙන බවත්, සමාගම් පනත උල්ලංඝනය කරමින් නීතිවිරෝධී සමාගමක් පිහිටුවා තිබෙන බවටත් පැමිණිලි කළ බව සමරවීර  ප්‍රකාශ කළේය.

‘යහපාලනය අරඹා ඇත’ කියන පණිවිඩය මේ මිනී මෝරාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග අරගෙන පෙන්වන්න    
- ජානිපෙන් යහපාලන ආණ්ඩුවට අභියෝගයක්
මෙරට ධීවර ජනතාව සතු රුපියල් බිලියන 02ක් වටිනා මත්ස්‍ය සම්පත ධීවර අමාත්‍ය බලය අයුතු ලෙස යොදා ගෙන දූෂිත ලෙස තමන් සතු කර ගත්තේ යැයි (03) ජාතික නිදහස් පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට, කැබිනට් ප‍්‍රකාශක, රාජිත සේනාරත්නට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ ජාතික නිදහස පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලගිමේන්තු මන්ත‍්‍රී ජයන්ත සමරවීර මෙසේ පැවසීය.
‘අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ආවේ මේ ආණ්ඩුව බිහි කිරීමෙහිලා මූලික වැඩ කොටසක් කරපු වර්තමාන ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා වගේම, කැබිනට් ප‍්‍රකාශකවරයා ලෙසත් කටයුතු කරන හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට. ඔහු ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කරපු කාලේ සිය ධීවර අමාත්‍ය බලය අසාධාරණ හා අයුතු ලෙස පාවිච්චි කරමින් කරමින් මේ රටේ ධීවර ජනතාවට අයිති මත්ස්‍ය සම්පත මංකොල්ලකෑම පිළිබඳවයි එම පැමිණිල්ල ඉදිරිපත් කළේ.
මේ මහා දූෂණය සම්බන්ධයෙන් විමර්ශනය කොට අදාළ පුද්ගලයාට විරුද්ධව නීතිමය පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. දූෂණ එවකට ධීවර අමාත්‍යවරයාව සිටි රාජිත සේනාරත්න  ස්වකීය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස කටයුතු කළ අනුරාධ සෙනෙවිරත්න නැමැත්තා හරහා රුපියල් මිලියන 2000ක්(බිලියන 02) වටිනා මේ රටේ ධීවර ජනතාවට අයිති මත්ස්‍ය සම්පත තම අමාත්‍ය බලය අයුතු ලෙස යොදාගෙන තමන් සතු කරගෙන තිබෙනවා.
ඒ විතරක් නොවෙයි ඒ සඳහා නීතිවිරෝධී ආයතනයක් පිහිටුවලා තිබෙනවා. 2007 අංක 07 දරන සමාගම් පනතේ විධිවිධාන උල්ලංගනය කරමින් ‘බ්ලූ ඕෂන් ෆිෂරි පුද්ගලික සමාගම’ නමින් තමයි එම නීතිවිරෝධී ආයතනය පිහිටුවා තිබුණේ. එම ආයතනයට රුපියල් මිලියන 400ක් වටිනා ධීවර යාත‍්‍රා 08ක් රේගුවට බදු වංචා කරලා ගෙන්වලා තිබෙනවා. මේ ධීවර යාත‍්‍රා යොදාගෙන මේ රටේ ධීවර ජනතාවට වසර ගණනාවක් නෙළා ගැනීමට තිබූ රුපියල් බිලියන 02ක්, රුපියල් මිලියන 2000ක්, රුපියල් 20,000ක් වටිනා ධීවර සම්පත් රාජිත සේනාරත්න මහතා කොල්ල කාලා තිබෙනවා.
රාජිත සේනාරත්න මහතා මීට ඉහතදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස සිටියදී සෞඛ්‍ය අමාත්‍යාංශය සමග අයථා ගනුදෙනුවක් කරලා ඊට අධිකරණයෙන් වරදකරු වෙලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය පවා අහිමි වූ අයෙක්. ඒ වගේම ධීවර අමාත්‍ය බලය අයුතු ලෙස යොදා ගත් රාජිත සේනාරත්නට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස අපි ඊනියා යහපාලන ආණ්ඩුවේ අගමැති රනිල් වින‍්‍රමසිංහගෙන් වගේම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලනවා.
ඒ විතරක් නොවෙයි ඊනියා යහපාලන ආණ්ඩුවේ උත්තරීතර ජාතික විධායක සභාවේ සාමාජික, ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට අපි කියනවා, ‘හාල්මැස්සෝ අල්ලමින් බොරුවට කෑමොර දෙන්න එපාෟ අපි අරගෙන ආවා මිනී මෝරෙක්ව අල්ලස් කොමිසමට. මහත්වරුනි, මෙතැනින් පටන් ගන්න තමුන්නාන්සේලාගේ යහපාලනය පෙන්වන එක. ඒක තමුන්නාන්සේලාගේ ‘ගෙදරින්ම’ පටන්ගන්න කියලා’’
අල්ලස් හො දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලෙහි අඩංගු කරුණු සැකෙවින් මෙසේය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger