BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, March 3, 2015

ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තය ගව ඝාතනය තහනම් කරයි...!!!

ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ ගව ඝාතනය මෙන්ම, ගව මස් අලෙවිය හා පරිභෝජනය තහනම් කෙරෙන විශේෂ කෙටුම්පතකට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබී ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව, මින් ඉදිරියට මෙම නීතිය කඩන ඕනෑම අයෙකුට එරෙහිව දඩ මුදලක් හා වසර පහක් දක්වා සිර දඬුවම් නියම කිරීමක් සිදුවනු ඇති බවද කියැවෙයි.

ඉන්දියාවේ වෙසෙන බිලියන 1.2ක් වන ජනගහනයෙන් 80%ක් හින්දූන් වන අතර, ඔවුන් ගවයා පූජනීය වස්තුවක් ලෙස සලකයි.මේ තත්ත්වය තුළ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකම ගව ඝාතනය තහනම් කර ඇති අතර, ගව මස් අලෙවිය හා අනුභවයද තහනම් කර තිබෙන්නේ ඒ කෙරෙහි හින්දූන්ගේ පූර්ණ ආශිර්වාදය ලැබෙන පසුබිමකය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger