BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, March 3, 2015

බැසිල් රාජපක්‍ෂ ගැන මට ඇත්තේ කළකිරීමක්...!!!

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රජපක්‍ෂ ගැන තමන්ට ඇත්තේ කලකිරීමක් යයි ශ‍්‍රිලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා  පවසයි.

‘බැසිල් රට යන දවසෙ රාත‍්‍රී අට වෙනකල් අපිත් එක්ක කතා කර කර සිටියා. පහුවෙනිද පාන්දර එතුමා ගිහිල්ලා අපි දන්නේ නෑ.  මම ඒ ගැන සන්තෝෂ නෑ.  මට අවංකවම ඔහු ගැන තියෙන්නේ කළකිරීමක්’ යයිද ඔහු කියා සිටියේ කුරැණෑගල පැවති රැස්වීමකදීය.
බොහෝ දෙනා පවසන්නේ රාජපක්ෂ පවුල යනු බලය නැමැති සාගරයේ ජීවත් වන මාලුවන් බවයි. එනම්, මාලුවන්ට වතුර නැතුව ඉන්න බැරිවාසේ රාජපක්ෂ පවුලටද බලය නොමැතිව පැවැත්මක් නොමැති බවයි. මේ පිළිබඳව පැහැදිළිකිරීමක් අනුර කුමාර විසින් ඌව මැතිවරන වේදිකාවේදී  සිදුකර තිබේ. එය පහතින් "මතක තබාගන්න මේ රාජපක්ෂ පවුලට බලය දාලා ඉන්න බෑ. මීට කලින් හැම නායකයටම බලය නැතුව ගෙදර ගිහින් ඉන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහට අගමැති වෙලා වාඩි වෙලා, විපක්ෂ නායක වෙලා ගෙදරට වෙලා ඉන්න පුළුවන්. 

මේ රාජපක්ෂත්, රජපක්ෂගේ පවුලටත්, පවුල වටේ ඉන්න කල්ලියටත් බලය නැතුව ඉන්න බෑ.... නාමල් රාජපක්ෂ , කිරිසප්පයා, රටේ දෙවන ජනාධිපති හැටියට කටයුතු කරනවා. එයාට හිතුනහම දලදා මාලිගාව ඉස්සරහා සංඝනායක හාමුදුරුවන්ගේ අණ නොතකා රේස් පදිනවා. යෝෂිත රාජපක්ෂ දරුවා නාවික හමුදාවේ සෙකන්ඩ් ලෙෆ්ටිනන්. ඊට වඩා තරු පටි ගහගත්ත අය එයාට සැලියුට් එක ගහනකොට, කොහොමද යෝෂිත මෙ බලය නැතුව ඉන්නේ? ඒකා නාවික හමුදාවේ සෙකන්ඩ් ලෙෆ්ටිනන්. බලය නැතුවුණොත් තුවක්කුවකුත් අරගන මේ හන්දිය මුර කරන්න වෙනවා..කොහොමද යෝෂිත එහෙම කරන්නේ? මහින්ද රාජපක්ෂගේ තුන් වෙනි දරුවා. රෝහිත රාජපක්ෂ. එයා ඉගනගන්නවා ගගනගාමියෙක් වෙන්න. එයා පාරම් බානවා එයා ලක්ෂ එකහමාරේ සපත්තු දානවා කියලා. එයා ඉගනගන්නවා හඳට යන්න, එයා ඉගන ගන්නවා අඟහරුලෝකෙට යන්න. එයා ඉගනගන්නවා අභ්‍යාවකාශය තරණය කරන්න.
 මේ බලය නැතුව කොහොමද රෝහිත ඉන්නෙ? රටින් පනින්න තමයි වෙන්නේ. ගෝඨාභය රාජපක්ශ  ඇමරිකාවේ ටයිප් රයිටර් කෙනෙක් හැටියට, කොම්පියුටර් ඔපරේටර් කෙනෙක් විදිහට වැඩ කර කර ඉඳලා අද ලංකාවට ඇවිල්ලා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට පත්වෙලා මහා අසීමිත බලයක් හදාගන. ගෝඨාභය රාජපක්ෂ කොහොමද මේ බලය නැතුව ඉන්නේ...? බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ ඉඳලා...කරපු රස්සාව වත් දන්නේ නෑ අම්මපා!. මට සමහර අය කිව්වා පෙට්‍රල් ෂෙඩ් එකක තෙල් ගැහුවා කියලා.....එහෙම ඉඳලා කොහොමද බැසිල් රාජපක්ෂ ලංකාවට ඇවිල්ලා ලංකාවේ, මුළු ආර්ථිකයම මෙහෙයවනවා ආර්ථික සංවර්ධන ඇමතිකම අරගන. නිමල් සිපාලලා යට පුටුවට දාලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨයෝ පැත්තකට දාලා...අසීමිත බලයක් මෙහෙයවන, කල නොහැක්කක් නොමැත කියන කියන අරමුනෙන් කටයුතු කරන බැසිල් රාජපක්ෂ කොහොමද බලය නැතුව ඉන්නේ....? චමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙ මහ ලොක්කා කරලා කතානායක පුටුවේ වාඩිකරවලා..කොහොමද බලය නැතුව ඉන්නේ? ශශේන්ද්‍ර රාජපක්ෂ, බාප්පා ජනාධිපතිවෙන්න කලින් හිටපු තැනක් වත් දන්නේ නෑ අම්මපා!. කොහේ හිටියද දන්නේ නෑ.. ජනාධිපතිවෙන්න කලින්. හිටපු තැනක් වත් දන්නේ නැති ශශේන්ද්‍ර රාජපක්ෂ මේ ඌව පලාතේ මහ ඇමති ධූරයේ වාඩිකරවලා අණ පනත් වෙනස් කරලා...කතරගම බස්නායක පුටුවෙත් වාඩිකරවලා...දෙකේම වාඩි වෙන තරමට නිති හදලා...නීති වෙනස් කරලා...මේ බලය නැතුව කොහොමද ශශේන්ද්‍ර රාජපක්ෂ ඉන්නේ? මේ බලය නැතුව කොහොමද මේ ගොල්ලෝ ඉන්නෙ? ඒ නිසා මේ පවුල අත්පත් කරගන තියන බලය, අත්පත් කරගන තියන ධනය මත මේ පවුලට බලය නැතුව ඉන්න බෑ. මතක තියාගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයගේ පුතා බඳිනකොට මල් කන්ටේනරයක් ගෙනාවේ හෝලන්ඩ් වලින් මල් කන්ටේනරයක්...සරසන්න. කොහොමද මේ ගොල්ලෝ ඉන්නේ බලය නැතුව ?"

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger