BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, June 7, 2013

රංජිත් මතඟවීරගේ අවසන් කටයුතු අද

සිංහල සිනමාවේ සම්මානනීය වේෂ නිරූපණ ශිල්පියකු වූ අභාවප්‍රාප්ත රංජිත් මතඟවීර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (8 දා) සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.




මියයන විට 58 වැනි වියේ පසුවූ රංජිත් මතඟවීර මහතා 1971 වසරේ සැණකෙළිය චිත්‍රපටයෙන් තම සිනමා ජීවිතය අරඹා ඉනික්‌බිතිව මල්දෙණියේ සිමියොන්, සුද්දිලාගේ කතාව ඇතුළු චිත්‍රපට විශාල සංඛ්‍යාවක වේෂ නිරූපණ ශිල්පියකු ලෙස තම ප්‍රතිභාව දැක්‌වීය.

හොඳම වේෂ නිරූපණ ශිල්පියා ලෙස ජනාධිපති සම්මාන උළෙලවලදී සම්මාන 4 ක්‌ද, සරසවි සම්මාන 6 ක්‌ද, ඕසීඅයිසී සම්මාන 4 ක්‌ද සුමති සම්මාන 2 ක්‌ද ඇතුළුව තවත් සම්මාන රාශියක්‌ ඔහු විසින් හිමිකර ගන්නා ලදී.

අම්බලන්තොට ථෙරපුත්ත මහා විද්‍යාලයේ හා කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු රමේෂ් සහ දුමිඳු යන පුතුන් දෙදෙනාගේ පියාණන් වන අතර අනුලා එරන් මතඟවීර මහත්මියගේ ස්‌වාමිපුරුෂයාද වේ.

මතඟවීර මහතාගේ දේහය 1438/1, හෝකන්දර පාර පන්නිපිටියේ පිහිටි නිවසේ අද (8 දා) උදේ 9.00 දක්‌වා තැන්පත් කර ඇති අතර අනතුරුව දේහය පෙරවරු 11.00 සිට සවස 2.00 දක්‌වා කොළඹ ජාතික කලාභවනේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තැබෙනු ඇත.


 මිය යාමට  පෙරින් ඔහු වකුගඩු අමාරුවකින් පීඩා විඳමින්  සිට ඇති අතර  ඔහු කල එවන් ඉල්ලීමක්  2009 ක් වූ දෙසැම්බර් මස 31 වන දා බ්‍රහස්පතින්දා බුදුසරණ පුවත් පතේ පළවී තිබු අයුරු ..



ප්‍රවීණ වේෂ නිරූපණ ශිල්පියෙකු වන රංජිත් මතඟවීර මහතා දරුණු වකුගඩු ආබාධයකින් පෙළෙන බව කියයි. ඔහුට “ඒ පොසිටිව් හෝ ඕ පොසිටිව්” රුධිර කාණ්ඩයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය විශේෂඥ නිර්දේශය වී ඇත.
වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කැමැති පරිත්‍යාගශීලියකුට පන්නිපිටිය හෝකන්දර පාරේ දෙල්ගහවත්ත අංක 1438/1 ලිපිනයේ පදිංචි ඔහුගේ 0112849834 හෝ 0774989225 යන දුරකථන අංක වලට අමතන වෙන් ඉල්ලීමක් කැරේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger