BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Friday, June 7, 2013

ඉන්දරතන හිමියන් දුන්නේ නපුරු පූර්වාදර්ශයක්‌

පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති...
ඉන්දරතන හිමියන් ගිනි තබාගැනීමෙන් රටට හා සසුනට දුන්නේ නපුරු පූර්වාදර්ශයක්‌ ...
එසේම ගිනිතබාගෙන දිවි හානිකර ගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි යෑයිද උන්වහන්සේ අවධාරණය කරති.



මුළු ලෝකයම මහා කරුණාවෙන් සිසිල් කළ සම්බුදු පියාණන්ගේ අසිරිමත් තෙමඟුල සිහිපත්කරන වෙසක්‌ පුරපසළොස්‌වක පෝයදා භික්‍ෂුවක්‌ සිරි දළදා මාළිගය ඉදිරිපිට ගිනි තබාගෙන කළේ රටටත් සාසනයටත් අගෞරවයක්‌.

මේ රටේ අතීතයේ සිට ජාතික, ආගමික හා සමාජයීය ප්‍රශ්නවලදී ඉදිරියට එන රැඩිකල්වාදී අදහස්‌ ඇති තරුණ භික්‍ෂු පරපුරට මේ සිද්ධියෙන් ලැබුණේ ඉතාම නරක පූර්වාදර්ශයක්‌. ඒ නිසා මෙවැනි උගුල්වලට හසුනොවන ලෙස මා ඉතා කාරුණිකව තරුණ
භික්ෂූන්  වහන්සේගෙන් ඉල්ලීමක්‌ කරනවා.

අප මහා බෝධිසත්වයන් වහන්සේ එදා ජීවිතය පූජාකළේ සතුන්ගේ ආහාරය පිණිසයි. එය පාරමිතාවක්‌.

මේ හිමියන්ගේ ගිනි තබාගැනීම ජීවිත පූජාවක්‌ ලෙස සළකන්න බෑ. මෙතනදී වී ඇත්තේ ප්‍රාණ ගාත අකුසලයක්‌ නොවේ. තමන්ගේ ජීවිතය හානිකර ගැනීම නිසා මෙය අත්ථඝාතක අකුසල කර්මයක්‌ ලෙස හැඳින්විය හැකියි යනුවෙන්ද උන්වහන්සේ වැඩි දුරටත් පැවැසූහ.


 ..............................................................................................................................................

එල්ලාවල මේධානන්ද ස්වාමීන්වහන්සේගෙන් ‘රාවණා බලය’ට චෝදනා

medananda-himiනීතිය අතට ගෙන ක්‍රියාකර ජනපතිගේ ඔළුව අවුල් නොකරන ලෙස ඇතැම් සංවිධානවලින් ඉල්ලීමක් කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද නාහිමියෝ පැවැසූහ.
තමිල්නාඩුවේ වූ භික්ෂු ඝාතනය දඩමීමා කරගෙන ඇතැම් සංවිධාන හරහා රට අවුල් කිරීමට බංකොළොත් දේශපාලනඥයන් උත්සාහ කරන බවක් පෙනෙන්නට ඇතැයිද උන්වහන්සේ අවධාරණය කරති. මෙම සිද්ධිය සමගම මේ දක්වා කිසිදා නොඇසූ සංවිධාන පවා භික්ෂූන් වහන්සේලා ඉදිරියට දමාගෙන උද්ඝෝෂණ ආදිය කිරීමට පෙළඹී ඇතැයි පෙන්වා දෙන මේධානන්ද හිමියන් ඇතැම් උද්ඝෝෂණවලට කුඩාම සාමණේර හිමිවරුන් පවා යොදා ගැනීම බරපතළම මෙන්ම ඉතාම කනගාටුදායක කරුණක් යැයිද පවසති.
රටේ පවතින නීතිය අනුව ක්‍රියාකිරීම කාගේත් වගකීමක් වන අතර පමණ ඉක්මවා ක්‍රියාකර ඇතැම් පිරිස් පුහුවීරයන් වීමට උත්සාහ නොකළ යුතු යැයිද උන්වහන්සේ පවසති. යුද සමයේදී යුද්ධය අවසන් කරන ලෙස ත්‍රිවිධ හමුදාව හා රාජ්‍ය පාලකයන්ට ආශිර්වාද පූජා කරමින් උද්ඝොෂණ, පෙරහර, පෙළපාළි යමින් භික්ෂූන් වහන්සේ රටට මහත් ශක්තියක් වුණා. දැන් සාමය උදාවී ඇති මොහොතේදීත් රටේ සංවර්ධනයට ආශිර්වාද කරනවා විනා ඊට අකුල් හෙළිය යුතු නැහැ.
අපේ ඇතැම් භික්ෂුන් වහන්සේලා දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් යම් බලවේගවලට හසුවී ක්‍රියා කරන බවක් පෙනෙන්නට තිබෙනවා යැයිද උන්වහන්සේ කිහ.
මේ අතර කුඩා සාමණේර හිමිවරුන් පවා යොදාගෙන තමිල්නාඩුවේදී භික්ෂුන් හට එල්ලවූ නින්දිත ප්රනහාරයට විරෝධය දැක්වීම පිණිස උද්ඝෝෂණය සංවිධානය කරනු ලැබුවේ ‘රාවණා බලය’ නමැති සංවිධානය විසිනි .එම සංවිධානයයි මෙතෙක් කිසිදු ප්රයසිද්ධ මාධ්යවකට නොපැමිණි සංවිධානයකි.
‘රාවණා බලය’ පැවත්වූ උද්ඝෝෂණයේ ඡායාරූප:
rawanabalaya-2 rawanabalaya-4

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger