BREAKING NEWS

තොරතුරු

දහම් පුවත්

රටතොට

Tuesday, June 25, 2013

බ්‍රිතාන්‍ය ජාතිකයාගේ ඥතීහු පරීක්‍ෂණ ගැන කනගාටු වෙති



මෙරටදී ඝාතනයට ලක්‌වූ
බ්‍රිතාන්‍ය ජාතිකයාගේ ඥතීහු පරීක්‍ෂණ ගැන කනගාටු වෙති

අවුරුදු 32 ක්‌ වූ තම සොහොයුරු බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂායික්‌ ශ්‍රී ලංකාවේදී ඝාතනය වී ඔහුගේ පෙම්වතිය අතවරයකට ලක්‌කර මාස 18 ක්‌ ගතවී ඇතත් දීර්ඝ කාලයක්‌ මුළුල්ලේ කෙරුණු පරීක්‍ෂණ හැරෙන්නට චෝදනා ගොනු කිරීමක්‌ සිදුව නැතැයි නසීර් ෂායික්‌ මහතා කර ඇති අදහස්‌ දැක්‌වීමක්‌ ඇතුළත් නිවේදනයක්‌ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය මගින් ජනමාධ්‍ය වෙත නිකුත් කර තිබේ.




එම නිවේදනයේ මෙසේද දැක්‌වේ. මගේ පවුලේ සාමාජිකයන්ට පසුගිය මාස 18 ක කාලය තුළදී සිත් රිදුම් අසතුට සහ වේදනාව හැර වෙනත් කිසිවක්‌ හිමි වූයේ නැත. පවුලේ බාල සාමාජිකයකු මෙවැනි භයානක ආකාරයකින් ඝාතනයට ලක්‌වීම කිසිදු ආකාරයකින් ඇදහිය නොහැකි සිද්ධියක්‌ වන අතර එය වචනයෙන් විස්‌තර කිරීමට පවා අපහසුය. කුරාම් යනු සාමය සහ සහයෝගීතාව සම්බන්ධයෙන් වටිනාකම් බෙදා හදා ගත් පුද්ගලයකු වූ අතර කෘත්‍රිම අත් පා යොදා ගනිමින් දිවි ගෙවන පුද්ගලයන් වෙත සාමාන්‍ය ජීවිතයක්‌ උරුම කරදීම සඳහා කැප විය. ලෝකයේ ඉතා දුෂ්කර තත්ත්වයන් පවතින රටවල මානුෂීය සේවාවන්හි නිරත වීම තුළින් ඔහු සුවිශේෂිත පුද්ගලයකු බව ප්‍රදර්ශනය කළේය. මිනිසුන්ගේ ජීවිතය දික්‌ කිරීම වෙනුවෙන් කැපවූ කුරාම් අනාගත ගාසා ජනතාව වෙනුවෙන් සැබෑ සේවාවක්‌ ඉටු කළේය.




ජීවිතයෙන් තමන් සමු ගන්නා විට හැර දමා ගිය සහෘදයන් වෙනුවෙන් සැබෑ මතක සටහනක්‌ ශේෂ කිරීමට ඔහු සමත් වූ බව පැවැසිය යුතුය. ඔහුගේ ඓතිහාසික සේවාව තවදුරටත් රැව් පිළිරැව් දෙනු ඇත.

ශ්‍රී ලංකාවේ සිට බොහෝ දුරක්‌ ඈතින් සිටියද මෙම භයානක අපරාධයට සම්බන්ධ වූවන් නීතිය හමුවට පැමිණවීමට මෙතරම් කාලයක්‌ වැය වන්නේ ඇයි දැයි කිසිවෙකුටත් අවබෝධ කර ගැනීමට නොහැකිය. මෙම නඩු විභාගය තුළින් මගේ දෙමාපියන්ගේ වේදනාවට පිළිතුරක්‌ නොලැබුණද ඔවුන්ගේ සුවපත් වීමේ ක්‍රියාවට එය නිශ්චිතවම හේතු වනු ඇත.

ජනාධිපතිවරයා ඇතුළු රජයේ ඉහළ බලධාරීන්ගෙන් මා වෙත අවස්‌ථා ගණනාවකදීම කඩිනමින් නඩු විභාගයක්‌ පවත්වන බවට හා මෙවැනි භයානක අපරාධයක්‌ කළ තැනැත්තන් නීතියේ රැහැනට හසුකර ගන්නා බවට පොරොන්දු ලැබිණ. එම පොරොන්දු හුදෙක්‌ හිස්‌ වදන් බව මේ වන විට සිතීමට පෙළඹී සිටිමි. සිද්ධිය මහජනතාවගේ අවධානයෙන් ඉවත් කොට තැබීම සඳහා මෙම ප්‍රමාද කිරීම් උපාය මාර්ගික වශයෙන් සිදුකෙරෙන බවද පැහැදිලි වී ඇත.

මේ සියල්ල මෙසේ පැවතියද, දේශපාලනඥයකු ඇතුළු සැකකරුවන් 8 දෙනකු කිසිදු චෝදනාවකින් තොරව ඇප මත මුදාහැර තිබේ. මෙය කිසිසේත් අනුමත කිරීමට නොහැකි තත්ත්වයකි. කුරාම් ඝාතනයට ලක්‌වූ අතර ඊට වගකිවයුත්තන් මේ වන විට නිදැල්ලේ හැසිරෙන බව මෙයින් පෙනී යයි. මේ කරුණු අනුව පෙනී යන්නේ වැරදිකරුවන්ට දඬුවම් ලබාදීම සඳහා උනන්දුවක්‌ නොමැති බවයි.




පසුබිම



මෙම සිදුවීමේදී ඝාතනයට ලක්වී ඇති බ්‍රිතාන්‍ය ජාතිකයා කුරාම් ‍ෂායික් නැ‍මැත්තෙක් වන අතර ඔහු රතුකුරුස සංවිධානයේ පුනරුත්තාපන නිලධාරියෙකු ලෙස ගාසා සේවයේ සේවය කරමින් සිටියදී නිවාඩුවකට සිය බිරිඳ සමඟ ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
එම ස්ථානයේ වෙඩි තැබීමක් සිදුවූ බවට වාර්තා වන අතර වෙඩි වැදීමකින් සිදුවූ තුවාලද ඔහුගේ සිරුරේ දක්නට ඇතැයි පැවසේ. කෙසේවුවද මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා මරණයට පත්ව ඇත්තේ වෙඩි ප්‍රහාරයෙන් නොව තියුණු අවියකින් සිදුකළ තුවාල හේතුවෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ මාතර මහරෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එච්. කේ. කේ. වි‍ජේවීර මහතා පවසයි. ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ හිසේ ද වෙඩි පහරකින් සිදුවූ තුවාලයක් තිබුණද එම තුවාලය සිදුව ඇත්තේ ටී-56 ගිනිඅවියකින් තැබූ උණ්ඩවලින් නොවන බවද අධිකරණ වෛද්‍යවරයා විසින් නිකුත් කළ වාර්තා වේ දැක්වේ.
එම ස්ථානයේ වැටී තිබී සොයාගත් බව කියමින් ටී-56 උණ්ඩ කිහිපයක්ද පොලීසිය විසින් ඉදිරිපත් කර තිබිණි.
මෙම වෙඩිතැබීමේ සිදුවීමට සම්බන්ධ බව කියන ප්‍රාදේශීය සභා සභාපතිවරයා ජනාධිපතිවරයා ඇතුළු පවුලේ කිට්ටු දේශපාලන සබඳතාවක් තිබූවෙකු බවද පැවසේ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger