නවනීදන් පිල්ලේ හිරගෙදරට ගෙන්වා ගැනීමේ කොටි සැලසුම වරදී
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ශ්‍රී ලංකාවට පැමිණි පසු ඇය කොළඹ නව මැගසින් බන්ධනාගාරයට ගෙන්වාගෙන ජාත්‍යන්තර අවධානය තමන් වෙත ලබාගැනීමට බන්ධනාගාරයේ රඳවා සිටින කොටි සැකකරුවන් පිරිසක් දැරූ සැලැස්මක් මුළුමනින්ම ඇනහිට තිබේ.
මෙම කොටි සැකකරුවන් බන්ධනාගාරය තුළ අධි තාක්ෂණ දුරකථන උපයෝගි කරගෙන දෙමළ ඩයස්පෝරාව සමඟ පණිවුඩ හුවමාරු කරගන්නා බවට ලැබුණු තොරතුරු ඔස්සේ නව මැගසින් බන්ධනාගාරය තුළ කළ වැටලීමකදී අධි තාක්ෂණ දුරකථන ඇතුළු ජංගම දුරකථන 18 ක් ඉකුත් පොසොන් දවසේ සොයාගෙන තිබේ. ලබන අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත නවනීදන් පිල්ලේ මෙසේ බන්ධනාගාරයට ගෙන්වාගෙන කොටි රැඳවියන් විසින් ඔවුන්ගේ ප්‍රශ්න ඇයට ඉදිරිපත් කර එමගින් නිදහස ලබාගැනීමේ සැලැස්මක් තිබූ බව ද බන්ධනාගාරය කියයි.
Post a Comment