BREAKING NEWS

රටතොට

Sunday, March 1, 2015

කොත්තමල්ලි ඇට තම්බා කහ සමග අනුභව කරන කරුපයියාගේ අයවැය කෑම මෙනුවේ සිට.....!!! Amazing FOOD MENU SRILANKA...!!!

ලංකානිව්ස් ඉරුදින කතුවැකිය
ඵක්ටසි මත්ද්‍රව්‍ය විකුණමින් විදේශිකයනට පහර දෙමින් , කෝටි ගණන් වටිනා කාර් ඵකතු කරමින් සිටි චිර ප්‍රසිද්ධ වළත්ත අපතයෙකුවූ මර්වින් සිල්වාගේ ගව පුත්‍රයා නොහොත් මාලක නම් තරුණ ගවයා ගැන  දැන් කාටත් වගේ වගක් නැත.
රටේ  හැටි ඵහෙමය...!!!  දේශපාළුවෝ මේ පාලන ක්‍රමයේදී දෙපැත්තට පනිමින් රටට ජනතාවට කොකා පෙන්වති.බොරු මාධ්‍ය සංදර්ශණ තබමින් ජනතාවගේ ත්‍රිල් ඵක නංවති.ඵදා මහින්දගේ ටොමියා අද නගුට වනන්නේ මෛත්‍රීටය ...හෙට මොකා ආවද ඌටද  නගුට වනමින් ගරුසරු දක්වති.
යෝෂිත  ට  නිවසේ සිටම පිං පඩි ලබමින් රස්සාව කළ හැකිය.නාමල්ගේ හොර නීතිඥ පට්ටම ඵසේමය...ඒවා ගැන දැන් වගේ වගක් නැත.
ශෂීගේ හොර පාස්පෝර්ට් ඵක ගැන දණ්ඬ නීිතියේ උපරීම දඬුවම් දෙන වැහැරුණ නීතිය.දුමින්ද සිල්වා නැමති මහා කුඩු ඒජන්ත ගැන දැන් නිහඬව සිටී.ඌගෙන් ජරාව කා ඇති හොර දේශපාළුවන් දෙපැත්තේම සිටිති.

මේ වඳ පීදී  ඇති සමාජයේ  හොර දේශපාළුවන්ගෙන් ඊට වඩා යමක් අපට අපේක්‍ෂා කළ  නොහැකිය.
මුදල් ඇමතිකම ඇත්තේද සාම්ඹ්‍රානි හොරෙකු අතය.හොරකමෙන් හොඳට තැම්බී පේවී ඇති එකා .හොරකමේ යෙදෙන්නේ අරපරිස්සමටය.
රට යන්නේ කුමන ඉසව්වකටද යන්න අවනිශ්චිතය.කෙසේ වෙතත් රතන උන්නැහෙත් දැන් නිහඬය....!!!සිරිසේනයන් විධායකය අතනොහරින බවද සැබෑය...චන්ඳ්‍රිකා සිය සටකපටකමෙන් රනිල් සහ යූ.ඵන්.පියට සදා සොත්ති දණ්ඩනය දී පසෙකට දමනු ඇත.රටේ ජනතා තොමෝ
යහපාලනයේ පිරිත රෑ දිවා අසමින් ,මාධ්‍ය සංදර්ශණ සුපර් ස්ටාර් බලමින් කරුපයියා දුන් අයවැය සහනයෙන් කහ සමග කොත්තමල්ලී අනුභව කරමින් සතුටින් වාසය කරන්නාහුය.මේ අතර සුමනදාසගේ පිහිටෙන් , ආනුභාවයෙන් මහින්ද ඵළවා ගත් පිරිස ඵර්දියෙන් පාත්වූ  කුම්භාණ්ඩ සමුහයෙන් නැවත රට මුදා ගැනීමට හිසට වෙඩි තබාගත් චන්ඳ්‍රසිරි බංණ්ඩාරගේ ආත්මය සොය සොයා ඇවිදිති...


ලංකානිව්ස්

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger