හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජ්‍යෙෂ්ඨ පුත්‍රයා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබාගැනීම සඳහා ක්‍රියා කළ ආකාරය පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යංශය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙන වෙනම පරීක්ෂණ දෙකක් සිදු කිරීමට තීරණය කැර ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරියක් සඳහන් කළේය.
එසේම නාමල් රාජපක්ෂ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා විශ්වවිද්‍යාලයට නොතේරුණු ශිෂ්‍යාවක් සම්බන්ධයෙන් ලිපියක් ලබා දෙමින් විශ්වවිද්‍යාලයකට ඇතුල් කැර ගන්නා ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කැර ඇතැයි ද එම නිලධාරියා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ විද්‍යාව පිළිබඳව ආචාර්ය උපාධියක් ලබාගැනීම සඳහා ලියාපදිංචියේ සිටම ඉතා බරපතළ විෂමාචාර සිදු කර ඇතැයි දැනට කරන ලද පරීක්ෂණ වලින් සනාථ වී ඇතැයි එම නිලධාරියා සඳහන් කෙළේය.
මෙම අපරාධ පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගැනීම සඳහා රාජපක්ෂ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි වී ඇති අතර ආචාර්ය උපාධියට පෙර සම්පූර්ණ කළ යුතු දර්ශනපති උපාධිය සම්පූර්ණ නොකොට කෙලින්ම ආචාර්ය උපාධියට ඉදිරිපත්වීමට හැකි ලෙසට හිමිකම් ලබා ගෙන ඇතැයි ද එම නිලධාරියා පැවසීය.
මෙසේ හිමිකම් ලබාදීම සඳහා එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය එන්. එල්. ඒ. කරුණාරත්න සෙනට් සභාවට යෝජනාවක් ඉදිරිපත් කැර එය සම්මත කැරගෙන එම වරප්‍රසාදය නාමල් රාජපක්ෂ වෙත ලබාදී ඇතැයි දැනට කරන ලද මූලික පරීක්ෂණ වලින් සනාථ වී ඇතැයිද හෙතෙම පැවසීය.
මෙම කටයුත්තේදී නාමල් රාජපක්ෂගේ අධීක්ෂක ලෙස කටයුතු කැර ඇත්තේ මහාචාර්ය කරුණාරත්න වන අතර ඔහු උපකුලපති ධුරයට අමතරව භූගෝල විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වීම මෙම කටයුත්තේ ඇති අක්‍රමිකතාවලට හේතුවී ඇති අතර ඔහු අධීක්ෂණය කැර ඇත්තේ නාමල් රාජපක්ෂ ගේ ආචාර්ය උපාධිය පිළිබඳවීම මෙහි ඇති විෂමාචාරයට තවත් සාක්ෂියක් වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
පසුගිය සමයේ නීති විද්‍යාලයේ විභාගයට පෙනී සිටිමින්ද නීතිඥ නාමල් රාජපක්ෂ බරපතළ විෂමාචාරයන් කර ඇතැයි හෙළිදරව් වූ අතර එහිදී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට උත්සාහ කළ තරුණයාට සිදුවූයේ රට හැර යෑමටය.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment