දකුණේ සිවිල් යුධ සමයේ ඝාතන රැසක් සදහා චෝදනා ලැබ සිටින ජවිපේ හට දේශපාලනය කල හැකි නම් තමන්ට ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවාහයට එක්විය නොහැකි වන්නේ කෙසෙදැයි විනයගමූර්ති මුරලිදරන් (කරුණා) මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටි.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ විශේෂයෙන්ම ප්‍රේමදාස පාලනය තුල ඉන්දියානු හමුදා සදහා ප්‍රහාර එල්ල කිරිමට LTTE වෙත ආයුධ ලබාදිම හරහා යලිත් LTTE යට 6000ක බලඇණියක් සදා ගැනිමට හැකිවු බව එවකට LTTE යේ සිටි කරුණා මෙහෙදි සදහන් කර සිටි.
උතුරු ප්‍රදේශයේ දෙමළ ජනයා මුදවාගැනීමේ මෙහෙයුම මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් සිදුකලේ ශ්‍රී ලංකා හමුදාව බව පෙන්වාදෙන මුරලිදරන් මන්ත්‍රීවරයා උතුරේ අහිංසක ජනයා අනතුරට පත් සෑම විටම ඔවුන්ගේ පිහිට වූයේ ඒ හමුදාව බවද කෘතඥ පූර්වකව සඳහන් කර සිටියි. ඉන්පසු මහින්ද රාජපක්ෂ රජය සමයේ උතුරේ ජනයාගේ පාසල්, රෝහල් , ප්‍රවාහන අදී සංවර්ධනයේ මහඟු ප්‍රතිඵල ලැබුනු බවද ඔහු පෙන්වා දෙයි. ජාතික ආරක්ෂාවට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතු බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඒ සඳහා උතුරේ කඳවරු වල පැවැත්ම අතිශයින් වැදගත් බවද පැහැදිලි කරයි. එල්ටීටීඊය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි කියන TNA සංවිධානය උතුරේ ජනයාගේ ජීවන තත්වය නංවාලීමට සිදු කර ඇත්තේ කුමක්දැයි ප්‍රශ්න කරන මුරලිදරන් මන්ත්‍රීවරයා ඔවුන් සිදුකරමින් සිටින්නේ ජාතිවාදය පැතිරවීම පමණක් යැයිද චෝදනා කරයි.
– යටියන ප්‍රදීප් කුමාර
Post a Comment