BREAKING NEWS

රටතොට

Monday, February 9, 2015

පියා ගෙන් දුවට , පුතාට ,මිනිහාගෙන් ගෑණීට, සිය සනුහරයටම ලැබෙනා මහා ධන නිධාන ඉල්ලම ...!!!රටම සූරා කෑ හැකි දේශපාලන බලය....!!! A Country Like No Other


දේශපාලණය යනු නිධාන අට අනූවක් ලබා දෙන මහා සහන මල්ලකී.හත්මුතු පරම්පරාවම ගොඩ ඵන ඉල්ලමෙකී...
මේ බව දැනගත් තුට්ටු දෙකේ රූපවාහිනී නිවේදක කට්ටන්  ජාතික ඇඳුම් වලට බැස ඡන්දේ ඉල්ලන්නට විය.මුං ඇතමෙක් ගොං පාට් මාධ්‍ය සංදර්ශණ පැවැත්වූ බව ඔබට මතක ඇති.
ඵකෙකු අමු මිරිස් අමුවෙන් කද්දී , තවත් ඵකෙකු ඔළු හෝදන්න ලැහැස්ති විය.පවුලෙන් පවුලට යන දේශපාලන බලය ලංකාව වැනි රටක තාමත් පෙරමුණේය.
තාත්තා මිය ගිය පසු දූ පුතුනටද උරුමක්කාර , පොල්මක් කාර ලෙසින් බලය ලබා ගැනීමට  සහය වීමට අපේ  ඇතැම් මෝඩ ජහමනයා පෙළඹුණී.
මෙහි ආරම්භය  බණ්ඩාරණායකය.කිසිි දිනෙක ලංකාවේ පාසැල් අධ්‍යාපනයක් ලබා නොතිබූ එංගලන්ත යේ සරසවි වන ඔක්ස්ෆර්ඩ්,කේම්ඹ්‍රිජ්  වල අධ්‍යාපනය ලැබු මුල් අවධියේ සිංහල පවා නොදත් වලව් කාර පෙළැන්තියකවු බණ්ඩාරනායක ඇවෑමෙන් ඔහුගේ බිරිඳට රට බාර දීමට තරම් ඒ කළද අපේ ම  ඇතැම් මෝඩයන් සිටි බව පෙනේ.
ඉන්පසුව නිකම්ම සිරිමා  මැතිණිය විය.දහසක් බේගල් බොරු පොරොන්දු දී නැවත නැවත බලයට ආවේය.
ඉන් පසුව චන්ඳ්‍රිකා ද අනුරද දේශපාලනයට ආවේය.
ඉන් චන්ඳ්‍රිකා ජනාධිපති තනතුරටද  අපේ ජහමනයා වඩම්මන ලදී.මේ අවදියේදී සිදුවූ මාධ්‍ය වේදීන් ( රෝහණ කුමාර ඝාතනය ) සහ කලා ශිල්පීනට ඵල්ලවූ සංහාර අපේ ඇතැමුනට මතක ඇතැයි නොසිතමු.ඵසේ පෙර මතකයන් ඇති ජනතාවක් නම් නැවත නැවත මේ කපටි ගැහැණු මිනිසුන් හට දේශපාලනයට ඵන්නට දෙන්නේද නැත.
වෙළඳ පොලේ හාල් කිලෝවක මිළ නොදත් ( අයිස් බකට් ව්‍යාපෘති ) ඵවුනට ඡන්දය දෙන්නේත් , පියා මැරූ පළිය ගන්නේ යැයි කියා ඵන ගැහැණුන්ට ඡන්දය දෙන්නේත් නැත.
ලොං හැළුණු අතීත රූප සුන්දරියන් ( සිංහයා ජලයෙන් කිරි වෙන් කරන බව ප්‍රසිද්ධියේ කියූ ) දේශපාලනයට වැද්දා ගන්නේද නැත.කසිකබල් චිත්‍රපට වල රඟපෑ ඵවුන් හට තැපැල් හා විදුලි ඇමතිකම් ලැබෙන්නේද නැත.

තැපැල් සහ විදුලි සංදේශ ඇමතිවරයෙකු ලෙස මෑත දක්වා සිටි නළුවා  රක්‍ෂිතයන් හී ගස්කපා නිවාඩු නිකේතන පවා ඉදි කොට තිබූ අතර මෙම පුද්ගලයා අනිසි ලෙසින් උපයා ඇති සියළු මුදල් රද්දොළුගම පදිංචි ඔහුගේ මිතුරෙකුට දී ඇත්තේ ආදායම් බදු වලින් නිදහස්වීමටය.මේ සියළු තොරතුරු අප සතුය.
ඵසේම පසුගිය වකවානුවේදී මහන්සි නොවී හාන්සිවීමේ න්‍යාය මනාව ප්‍රගුණ කළ ඵකියක් ගම්පහ ප්‍රදේශවල ඇතැම් මෝඩ ජනතාව සිය ඡන්දෙන් ඔසවා තබා අන්තිමේදී නතරවූයේ පෙර සිටි රං ගොජාගේ ආනුභාවයෙන් පාර්ළිමේන්තුවේය ..තවත් රටම කන්නට ආ නිළි බඩ්ඩක් රටේ වාසනාවට අජූතවී ..අන්තිමේදී කසාදයක් මාට්ටුවී චුතවී ගියේය.
රටක උත්තරීතරම ආයතනයක්වූ පාර්ළිමේන්තුව හරක් ගාලකී.ඵහි ඇත්තේ වැඩිහරියක් නූගත් අමනයන්‍ ය.උන් හුරේ දමති,තප්පුලති,සෙංකෝළය උදුරාගෙන දුවති .කොළ කැබලි පුළුස්සති .විනයක් නැත.
මෙයට මහින්ද රාජපක්‍ෂද වගකිව යුතුය .කුඩු කාරයන්,නුගත් අපතයන්,දේශපාලනය නොදත් නිළි වෙසඟනුන් දේශපාලණයට වැඩියෙන්ම ඔසවා තැබූයේ ඔහුය.
දේශපාලණයට  කිසිදු වටිනාකමක් නැති නාමල් තම පුත්‍රයා වූ නිසාම ගෙනාවේ ඔහුය.මේ දිනවල ඒවායේ ප්‍රතිවිපාක සතුටින් ඔහු භුක්ති විඳිමින් සිටී.
වරක් ඒ ගැහැණිය දේශපාලණ රූපවාහිණී සාකච්ඡාවකදී සහ ප්‍රසිද්ධ සම්මාන උළලෙකදීත් බිංදුවට කිචවී ගියද ...ලජ්ජා නැතිව තව දුරටත් දේශපාලණයේම සිටීම රටටම හානියකී.අප දන්නා  තරමට ලජ්ජා නොමැත්තේ අභිසරු ගැහැණුනට උවද මේ ඊටද ඉහළට යාමකී.
තවත් වරක් ප්‍රසිද්ධ රූපවාහිණී සාකච්ඡාවකදී ( ඇමතිවරයෙකු බවට රටේ කරුමයෙන් පත්වූ ) ඵක් අමනයෙකු ඵක්තරා නළු මන්ත්‍රී පොරකට තර්ජනය කරමින් කෑ ගැසු අයුරු අපට මතකය.
දේශපාලණය ලඟට ආසන්නම  පිනට කකා සැප විඳිය හැකි රස්සාවන් ඇත්තේ විදේශ තානාපති සේවයන්හීය .රටරටවලට ගොස් නිවාඩු නිකේතන චාරිකා මෙන් කකා බිබී ජොලි කිරීමට ඒ අමනයනට හැකිය.ඉතා සුළුතර පිරිසක් ඇරෙන්නට ඵදා මෙදා අප රටේ තානාපති සේවයට පත් කොට යවා ඇත්තේ අපතයන් සහ අපතියන්මය.ඒ බව උදාහරණ සාධක සහිතව අප රැස් කළ තොරතුරු ඇත.
මන්ද මෙම ලංකානිව්ස් වෙබ් අඩවිය වටා සිටින ග්‍රාහකයන් ගෙන් වැඩිම ප්‍රමාණය ඇත්තේ විදේශ රටවල නිසා අපට ඔවුන් ඒ සියළු තොරතුරු ලබාදී ඇත.


පහත දැක්වෙනුයේ මේ වසර ආරම්භය දක්වා විදේශ සේවයේ තනතුරු ලැබී පිං පඩි ගත් ලැයිස්තුවය.
මුං ගේ නම් දෙස බැලීමේදී ඔබට ඒ හා සම්බන්ධිත අනෙක් වුන්ද දැනගත හැකිය...
 විදෙස් රටවල ශ්‍රී ලංකාවේ තානාපතිකම් කළ දේශපාලකයන්ගේ ඥාතින් මෙන්න ..
විදේශ කටයුතු අමාත්‍යංශය මගින් පත්කර ඇති තානාපතිවරු 49 දෙනාගෙන් 35 දෙනෙකුම දේශපාලන පත්වීම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක  පාර්ලිමේන්තුවේදී හෙළිකර සිටියේය.
සරත් කෝන්ගහගේ – තානාපති ජර්මනිය - හිටපු සභාපති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව.

නාවලගේ බැනට් කුරේ – තානාපති ඉතාලිය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොලොන්නාව හිටපු සංවිධායකවරයෙකි.

ගාමිණී රාජපක්ෂ – තානාපති ජෝර්දානය - එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකි.

එච්.ආර්. පියසිරි – තානාපති මියන්මාරය (බුරුමය) එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකි.

බුද්ධි ආතාවුද – තානාපති නෙදර්ලන්තය - ඇමති ආතාවුද සෙනෙවිරත්න ගේ පුතා.

උදයංග වීරතුංග – තානාපති රුසියාව - ජනාධිපති මස්සිනා.

ජාලිය වික්‍රමසූරිය – තානාපති අමෙරිකා එක්සත් ජනපදය - ජනාධිපති මස්සිනා.

ඩික්සන් දෑළ – මහ කොමසාරිස් - මාලදිවයින දළදා මලිගාවේ බස්නායක නිලමේ ප්‍රදීප් නිලංග දෑළ පියා වන අතර ඔහු ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරෙකි.

A.S.P. ලියනගේ – තානාපති නයිජීරියාව - දේපොළ වෙළඳාම්කරුවෙකු වන අතර ඔහු ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරෙකි.

ඕෂධී අලහප්පෙරුම – තානාපති ස්වීඩනය - ඇමති ඩලස් අලහප්පෙරුමගේ බාල සොහොයුරා.

යසාරා අබේනායක - සිඩ්නිහි කොන්සියුලර් - ගාමානී ෆොන්සේකාගේ දියණිය.

භාරතී විජේරත්න – තානාපතිනි තුර්කිය - හිටපු ඇමති මනෝ විජේරත්නගේ බිරිඳ.

ආචාර්ය ඉවෝන් අමරසිංහ – තානාපති වියට්නාමය - ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරෙකි.


ශ්‍රීමාල් වික්‍රමසිංහ – නියෝජ්‍ය ප්‍රධානී වියානා - ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ සොහොයුරා.

වරුණ ඈපාසිංහ – වොෂිංටන් තානාපති කාර්යාලය රජයේ උපදේශකවරයෙකුගේ පුතෙකි.

කරුණාරත්න පරණවිතාන – කොන්සල් ජනරල් කැනඩා‍ව - රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකි. මැතිවරණයකට ඉදිරිපත් වී පරාජයට පත්වූවෙකි.

ඩබ්ලිව්.කේ. එස්. දිසානායක – පළමු ලේකම් අබුඩාබි - ජනාධිපතිවරයාගේ ඥාතියෙකි.

ලලිත් යූ. ගමගේ – ඉන්දුනීසියානු තානාපති කාර්යාලය - ගාල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයෙකි.

එච්.එන්.බී. රත්නායක – දෙවන ලේකම් රුසියාව - අමාත්‍ය සී.බී. රත්නායකගේ පුතා.

ලයනල් ප්‍රේමසිරි – නියෝජ්‍ය මහ ලේකම් කැනඩාව - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිටපු සංවිධායකවරයෙකි.

හර්ෂණ හේරත් – දෙවන ලේකම් සිංගප්පූරුව - සබරගමුව මහ ඇමති මහීපාල හේරත්ගේ පුතා.

චමිත්‍රි රඹුක්වැල්ල – දෙවන ලේකම් නිව්යෝර්ක් - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ දියණිය.

මුතූ පද්මකුමාර – දෙවන ලේකම් ලන්ඩන් - ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාරගේ දියණිය.

මෙත්සිරි කුරේ - තානාපති - නෙදර්ලන්තය - ජනාධිපතිතුමාගේ මිතුරෙකි.

වෛද්‍ය කෝටින් වෛද්‍යරත්න – ලන්ඩන් මහ කොමසාරිස්  කාර්යාලය වෛද්‍ය අජිත් රත්නායකගේ බිරිඳ.

උමයාංගනා රන්දෙණිය - දෙවැනි ලේකම් - සිංගප්පූරුව - ජනාධිපති උපදේශක රවීන්ද්‍ර රන්දෙනියගේ දුව.

කොමාන්ඩර් ජේ. එම්. බණ්ඩාර – දෙවන ලේකම් - කුවේට් - ජාතික ලයිස්තු මන්ත්‍රී ජනක බණ්ඩාරගේ සොහොයුරු.

ඩික්සන් ජේ. පෙරේරා – කොන්සල් ජනරල් නේපාලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්.

එම්. අයි. කුඩුකේවත්ත – පළමු ලේකම් බීජිං - ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියාගේ දියණිය.

රත්න රණවීර – දෙවන ලේකම් කැන්බරා ජනාධිපති අතිරේක ලේකම්වරයාගේ දියණිය.

ෆේරියල් අශ්රෆ් - මහ කොමසාරිස් - සිංගප්පූරුව - හිටපු මන්ත්‍රීනී



Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger