BREAKING NEWS

රටතොට

Monday, February 9, 2015

පිළිගන්න ඇත්ත...!!! නොබිඳින්න සත්‍යය ...!!! ලංකානිව්ස් හී මතය ..!!!

තවමත් නිදැල්ලේ පසුවන  මිනීමරුවෙකු වන  දුමින්ද සිල්වාණන් ශූරීන්  ලංකාවේ මත් ද්‍රව්‍ය ක්‍ෂේත්‍රයේ ගෝඩ් ෆාදර් ලෙසින් හඳුන්වනු ලබයි. අතේ ගංජා  මිටියක් , දෙකක් තබාගත් අහිංසකයෙකු පසුපස පන්නා ඔහු අල්ලා ඉළ ඇට කඩා නඩු දමනා නීති ගරුක පොලිස් සේවයේ ඇත්තන්ද ,පසුගිය රජයේ හොරුන් කළා යැයි කියන දෑ ගැන මාධ්‍ය සංදර්ශණ තබමින් වැඩ්ඩෝ වෙන බ්ලොයිලර් පොළිටික්කෝද  ලජ්ජා විය  යුතුය.
 සියළුම වීඩියෝ අඩංගුවේ.. වැඩිදුරට බලන්න...

මන්ද  ලංකාවේ  පවතින  සහ අන්තර් ජාතික  නීතියටද  පටහැනි ලෙසින් පට්ට විදේශ විනිමය මංකොල්ල කෑ හොර තඩියෙකුට මුදල් ඇමතිකම දීම පිළිබඳව...
එමෙන්ම ඵවන් විදේශ විනිමය නඩුවක් උසාවියේ ඇසෙද්දී චූදිත හොරා පාර්ළිමේන්තුවේ රටේ අයවැය කථාව පවත්වයි....මෙයින්ම අප රටේ නීතිය ගැන  අපට සිතාගත හැකිය.ඵමෙන්ම ඌට වැරදී මන්දීර බද්දක් ගෙනේ..උගේ කුඩා මොළේට ඌවත් අසුවන බැවින් වහා ඒ පණත වසර 5කට මෙහා වන ලෙසින් සංශෝධනය කරන්නට යයි..වසර 5 පෙර ඵවුන් හොරු නොවේදැයි අප අසමු.පහකට මෙපිටට වඩා හොරු උන්වේ.මන්ද ඵකළද කෝටි ප්‍රකෝටී ගණන් වැය කොට සාදා ඇති මන්දීරයන් අද වනවිට බිලියන් ගණනකී.රවීඳ්‍රන්ගේ මහා  ටජ්මහළක් වන් මහා මන්දීරය කෝට්ටේ පාර්ළිමෙන්තු පාරේම ඇත.මෙම සත් ප්‍රාසාදය තුළ ජල තටාක පවා ඇත.වටේට බඹ ගණනක් උසැති පවුරක් බැඳ ඇත.අපේ රටේ මහා විප්ලව වාදීන් යැයි උන්ම කියා ගන්නා ආදරණීය ජෙප්පන්ට වත් ඵය ඇස නොගැටී ඇත්තේ මන්ද යනු අපට පුදුමයෙකී.සමහරවිට පාර්ලිමේන්තු පාරේදී ඒ පැත්ත නොබලා මාරුවී ඇතැයි අප සැක කරමු.
මෙවැනි අක්‍රමවත් නීති පද්ධතියක් තුළ තවත් මහින්දලා , චන්ඳ්‍රිකාලා ,ඉදිරියේදීත් අපරටේ බිහි නොවේ යැයි කාට  නම් කිව හැකිද...

අද මේවන විටත්
පහත පට්ට හොරු රැළ නිදහසේය...
නාමල් ,ජොන්ස්ටන් ,ඵරන්දික ,සජීන් වාස් ,සරණ ගුණවර්ධන ,නිමල් ලන්සා ,දිමූ ජයරත්න ,ලක්‍ෂ්මන් වසන්ත , ඵසේ සඳහන් කළ එවුන් ඇරුණවිට තවත් විශාල නඩයක් ඇත.
ඔය කොයි ඵකාටද වඩා ඇම්ඩෙක් සිටී..ඌගේ සහෝදරයා සතුව ගුවන්විදුලි නාළිකා ,රූපවාහිනී ඇතුළු මහා මාධ්‍ය ජංජාලයක් ඇත.ඒ මාධ්‍ය ජාලය ගැන ලංකාවේ ප්‍රධාන පුවත්පත් කිසිදු දෙයක් නොලියයි..මන්ද ලොකු ලියන්නන්ට අල්ලස් දී ඇත.එසේ හෙයින් උන්ද ගලේ පැහැරූ බළලුන්සේ නිහඬව සිටී.
අප රටේ ආදායම් බදු දෙපාර්තමේන්තුවක් ඇතැයි අසා ඇත.
ඔය කියූ මාධ්‍ය ජංජාලයේ මහ එකාට කෝටි බිලියන් ගණන් ගෙවා සම්මාන සාජ්ජ දැමීමට මුදල් ලැබුන ආකාරය සෙවීමට  පණත් නැත හෝ පණක් නැත.විළි ලජ්ජිතය.


දුමින්දගේ හොර මැර වළත්තකම් වසා ශාන්ත දාන්ත දේශපාළන විමුක්ති දායකයාණන් ලෙසට ජනතාව හමුවේ ඔසවා තැබීමට ඌගේ සොහොයුරාවන රෙනෝගේ  ( සමාවන්න එය ඌගේ ඇත්ත නමවේ) මාධ්‍ය ජංජාලයේ සේවය කරන අය යොදවා ඇත.උන්ට අපට දොස් නැගීමට නොහැකිය. මන්ද  තමුන්ගේ රැකියාවන් රැක ගැනීමට ඇවැසි බව සාධාරණ නිසාය.
දුමින්ද සිල්වාණන් කියන පාපෝච්චාරණයක් මේ දිනවල උන්ගේ වෙබ් අඩවි වල බලෙන් දිස් කරවනු පෙනේ.
දුමියා ගේ කථාව වචනයෙන් වචනය කපා කොටා අළවා සකස්  කොට ඇති ඒ විහිළුව ඔබටද ඇසිය හැකිය.
එය හරියටම  මැරයෙකු  අනේ මං අහිංසකයි ලෙසට බබා පාට් දැමීම පිළිබඳව ලොව ඇති හොඳම සාධකයට කදිම උදාහරණයෙකී.

ලංකානිව්ස්

 

 

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger