BREAKING NEWS

රටතොට

Sunday, February 15, 2015

පාතාලයෙකුගේ සහ සාටක නාමල්ගේ පිහිටෙන් තිස්ස ඵළියට ආ හැටි හෙළිවේ....!!!

ලොකු ඵවුනට ඇතුළට ගත් සැණින් ඇප ලැබේ...ඇතුළට ගන්නේ නීතිය සැමට සාධාරණ බව බොරුවට පෙන්වීමටය. අනික ඇතිහැකි ඵවුන් ඇතුළට ගියද  උන්ට  ඵක් දිනක් හෝ කූඩුවල ලගින්නට සිදුනොවේ .ගිය විගස උන් රෝහල් ගතවෙති...මෙය  ජනතාවට  සැඟවීමට නොහැකිය.මාලක නම් ඵක්ටසි මත්පෙති ඵළිපිටම බෙදු මර්වින්ගේ  පුතා  විදේශිකයෙකුට  පහරදී රිමාන්ඩ් කළවිට ඌ  බොරුවට රෝහල් ගතවිය.ඉන්පසුව ඌ හට  ඇප හිමිිවිය .  මේ සුපුරුදු නාටකයේම තවත් කොටසකිය තිස්සගේ කථාව...මේ  නාටකය  පස්සේ සිට ඇත්තේ කවුද....???

 
එමෙන්ම  විශේෂ ආරංචි මාර්ග සඳහන් කරන්නේ තිස්ස අත්තනායක ට ඇප ලබාගැනීමේදී කොළඹ පාතාලයේ කුප්‍රකට ජාවාරම් කරුවෙකු වන ‘කැරෝකේ වසන්ත' තිරයෙන් පිටුපස සිට විශාල කාර්ය භාරයක් කර ඇති බවයි. කැරෝකේ වසන්ත යනු තිස්ස අත්තනායකගේ සමීපතම ඥාතියෙකි. තිස්ස අත්තනායක පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇමතිවරයා ලෙස වැඩ භාර ගන්නා අවස්ථාවේදී පැමිණ සිටි ආරාධිතයන් අතර කැරෝකේ වසන්ත ප්‍රධාන අයෙකි.
මෙම කැරෝකේ වසන්ත නැමැත්තා තිස්ස අත්තනායක උසාවියට ඉදිරිපත් කිරීමට පෙරදින රාත්‍රියේ විශේෂ ස්ථානයකදී කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේට මත්පැන් සාදයක් පවත්වා ඇත. ‘ජොනී වෝකර් ගෝල්ඩ් ලේබල්' ඇතුළු රස මසවුලින් සපිරි මෙම සාදය අවස්ථාවේ තිලිණ ගමගේටද නොදැනී ජංගම දුරකතනයකින් ලබාගත් ඡායාරූප මේ දිනවල කොළඹ ව්‍යාපාරික කවයන් අතර සන්සරණය වෙමින් පවතී.
ශ්‍රී ලංකා විනිසුරුවරුන්ගේ සංගමයේ ආචාර ධර්ම සපුරා උල්ලංඝනය කරමින් පාතාල ජාවාරම්කරුවන් සමග ඔවුන්ගේ ගුබ්බෑයම් වලට ගොස් තිලිණ ගමගේ පිස්සු කෙලීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඔහු වෙත රතු එළි යැව්වද ඒ ගැන ඔහු කිසිම තැකීමක් නොකරන බැවින් අධිකරණ සේවා කොමිසමට අදාළ ඡායාරූප සහිතව පැමිණිලි කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ නීතිඥයන් කිහිප දෙනෙක් මේ දිනවල කටයුතු සකස් කරමින් සිටින බව අප වෙත වාර්තා වේ.

 කූඨ ලේඛණ සෑදීමේ චෝදනා මත රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායකට රහස් පොලීසියේ විරෝධතාවය නොතකා ඇප ලබාගැනීමට හැකිවීම නීතිඥ නාමල් රාජපක්ෂ ස්වකීය ගජ මිතුරා වන කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ  සමග පෞද්ගලිකව සාකච්ඡා කිරීමේ ප්‍රතිඵලයක් බව වාර්තා වේ.
තිස්ස අත්තනායකට ඇප ලබාදීමට පෙර දින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ විනිසුරු නිල මැදිරියේදී තිලිණ ගමගේ සමග තිස්ස අත්තනායකට ඇප ලබාගැනීම පිළිබඳ සාකච්ඡා කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
තිලිණ ගමගේගේ මහරගම නීලම්මහර පාර නිවසේ සිටින අලිපැටවා පිළිබඳ ලිපි ගොනුව ව්‍යාජ එකක් බව හා එම අලිපැටවා ලබා දීමේ බලපත්‍රය නීති විරෝධී බවත් නිර්දේශ කරමින් ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙස නියම කළ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විගණකාධිකාරීවරයෙකු වූ (වරක් මාරාන්තික ඇසිඩ් ප්‍රහාරයකට ලක්වූ) ලලිත් අඹන්වල  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මාරුකර යවා තිලිණ ගමගේ එම චෝදනාවෙන් ගලවා ගැනීමටද කටයුතු කර තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ  බව ප්‍රකට රහසකි.
තිස්ස අත්තනායකට ඇප ලබාදීමට හේතු වශයෙන් මහේස්ත්‍රාත් තිලිණ ගමගේ සඳහන් කලේ කූඨ ලේඛණ සෑදූ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවය. එහෙත් රජයේ රස පරීක්ෂක වාර්තාව සඳහන් කර තිබුනේ තිස්ස අත්තනායක මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබූ ලේඛණයේ අත්සන් ව්‍යාජ ඒවා බවය.
වත්මන් අගමැතිවරයාගේ හා ජනාධිපතිවරයාගේ අත්සන් ව්‍යාජ ලෙස සකසා ජාතිවාදී ගැටුම් ඇතිවන ආකාරයට ප්‍රචාරයක් ගෙනදීම මහජන කැළඹීමක් ඇතිවන ආකාරයේ සිදුවීමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම මහේස්ත්‍රාත්වරයා නොසලකා හැරීමද විශේෂිත කරුණකි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger