තමා සමග පෙම් සබඳතාවයක් තිබූ අවදියේ හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ, තමාගේ සමීපතම මිතුරෙකු වූ මුස්ලිම් ජාතික රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මීට වසර 5 කට පමන ඉහතදී එනම් 2009 වසරේදී කොළඹ 05, පාක් පාරේදී, මරා දැමූ බවට යසාරා අබේනායක චෝදනා කර සිටී.
මෙම මොහොමඩ් වසීම් තාජුඩීන් එවක Havelock sprots club රග්බි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකා රග්බි පිලේ උපනායකයා වූයේද මොහුයි.
ඉක්මන් කේනිති කාරයෙකු වන යෝෂිත රාජපක්ෂ, තමා සහ මෙම රග්බි ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් අතර අනියම් සබඳතාවයක් ඇතැයි සැක සිතා මෙම ඝාතනය සඳහා පෙළඹුනු බව යසාරා අබේනායක චෝදනා කරන්නීය. තාජුඩීන් හා යෝෂිත අතර සිදුවූ බහින් බස් වීමකදී තමාගේ ඇගේ ඇති උපන් ලපයක් පිළිබඳව සඳහන් කලැයි යෝෂිත තාජුඩීන් කෙරෙහි විශාල වෛරයකින් සිට ඇත.
2009 වසරේ එක්තරා දිනක අලුයම් කාලයේ සිදුවූ මෙම ඝාතනය සඳහා යෝෂිත රාජපක්ෂ ඔහුට හිතවත් නාවික හමුදා නිලධාරීන් සහ ජනාධිපති ආරක්ෂක අංශයේ රැකවළුන් යොදා ගත් බව පවසන යසාරා මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනය කිරීමෙන් අනතුරුව ඔහුගේ සිරුර මෝටර් රථය තුල තිබියදීම ගිනි තබා තිබේ. පසුව වසීම් තාජුඩීන්ට අයිති මුදල් පසුම්බිය පාක් පාරේ වෙනත් ස්ථානයක තිබී පොලීසිය විසින් සොයා ගන්නා ලදී. ඉන් තහවුරු වූයේ තාජුඩීන්ව එම ස්ථානයේ ඝාතනය කොට මෝටර් රථය තුලට දමා ගිනි තැබූ බවයි.
ඝාතනයෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මෙම පරීක්ෂණය යට ගසා ඇත්තේ කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මාර්ගයෙනි. ඝාතනය සිදුවීමත් සමග යෝෂිතගේ ඇණවුම පරිදි එහි ගොස් ඇති අනුර සේනානායක කිරුළපන පොලීසියේ රථවාහන අංශය විසින් තබා තිබූ විමර්ශන සටහන් තම භාරයට ගෙන විනාශ කර දැමූ බව යසාරා අබේනායක සඳහන් කර සිටී.
මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින යසාරා අබේනායක සඳහන් කර සිටින්නේ තමාට යෝෂිත සමග තිබූ පෙම් සබඳතාවය අවසන් කිරීමට මෙම ඝාතනය මූළික වූ බවයි. තමා සහ තම පවුලේ උදවිය පෙම් සබඳතාවය අවසන් වීමෙන් අනතුරුව රාජපක්ෂ පවුලේ බලපෑම මත ඕස්ට්‍රේලියාවට එවනු ලැබුවේ මෙම මිනී මැරුම සහ යෝෂිතගේ හොර ගනුදෙනු හෙලිවීම වැලැක්වීමට බව යසාරා පවසන්නීය.
මේ වන විට යෝෂිත රාජපක්ෂ ලොහාන් රත්වත්තේගේ දියණියක සමග පෙම් සම්බන්ධතාවයක් පවත්වන්නේ ඇය හා විවාහ වී උඩරට රදල පවුලකට නෑකම් කියමින් ශ්‍රී දළදා මාලිගාවේ බස්නායක නිලමේ තනතුරට පත්වීමේ අදහසින් බව යසාරා අබේනායක වැඩිදුරටත් සඳහන් කර සිටින්නීය.
පසුගිය රාජපක්ෂ රෙජීමය විසින් ශ්‍රී ලංකා විදේශ සේවයට සිදුකර ඇති පත්වීම් අවලංගු කර සියලුම අය ශ්‍රී ලංකාවට කැඳවන පසුබිමක් තුල තමාට හා තම පවුලේ උදවියට ශ්‍රී ලංකාවට යලි පැමිණීමට සිදුවුවහොත් තමාගේ ජීවිතය විශාල අනතුරකට පත්වන බව යසාරා අබේනායක අවසාන වශයෙන් සඳහන් කර සිටී.
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment