BREAKING NEWS

රටතොට

Monday, February 9, 2015

රාගම බිහිසුණු රිය අනතුරේ සංස්කරණය නොකළ ඡායාරූප ...!!!

රාගම බටුවත්ත ප්‍රදේශයේ දී කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් එකම පවුලේ සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා. කඳාන සිට රාගම දෙසට ධාවනය කළ කැබ් රථය වවුනියාව බලා ධාවනය වූ රජරට රැජිණ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.කරුණාකර සංවේදී අය  මෙහි වැඩිවිස්තර නොබලන මෙන් ඉල්ලා සිටිමු.


මීගමුව ප්‍රදේශයේ පදිංචි එක ම පවුලේ පියා, පුතුන් දෙදෙනා හා දියණියක එලෙස ජීවිතක්ෂයට පත් ව ඇති බව පොලීසිය සඳහන් කරනවා. මිය ගිය පියා 51 වන වියේ පසු වූ අතර පුතුන් දෙදෙනා 19 සහ 14 වැනි වයස්වල ද දියණිය 21 වන වියේ ද පසුවූ බව පොලීසිය සඳහන් කරනවා.
  රාගම, බටුවත්ත දුම්රිය හරස් මාර්ගයේ දී සිදුවූ දුම්රිය කැබ් අනතුරකින් එකම පවුලේ සිව්දෙනෙකු මියගොස් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා.

ගේට්ටු නොමැති අනතුරු සංඥා නාද නිකුත් කරමින් සංඥා එළි පමණක් දැල්වෙන මෙම දුම්රිය හරස් මාර්ගයේ මුලින් එක් දුම්රියක් ගමන් කර තිබුණ පසු නැවතත් තවත් දුම්රියකට සංඥා දක්වා තිඛෙන අතරවාරයේ ඉවසීම මදවූ කැබිරිය පැදවූ අය දුමිරිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී හදිසියේම එතැනින් ආ රජරට රැජන ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවුණා.

දුම්රිය කැබ්රිය ඇදගෙන මීටර 75 ක් පමණ දුර ගොස් නතරවන විට එහි ගමන් ගත් එකම පවුලේ සිව්දෙනෙකු එතැනම මියගියා.


අනතුරින් මීගමුව, නුගවෙල පාර, වැහුළුපිටිය, අංක 48 දරන නිවසේ පදිංචිව සිටි පියා වන ව්‍යාපාරික රාජ් කුලතුංග ධර්මසිරි (52), දිය‚යක් වන අංජලී ප්‍රබුද්ධි (22), පුතුන් වනලහිරු සාලිංග (15), හර්ෂ තරිඳු (20) යන සිව්දෙනා මියගොස් තිඛෙන අතර මව වන ඩබ්ලිව්.ඒ. තුෂාරිකා සිල්වා (41) බරපතළ තුවාල ලබා රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ද, බාල දිය‚ය වන තරුෂි සඳමි‚ (11) එම රෝහලේ ප්‍රාථමික සත්කාර ඒකකයට ද ඇතුළත් කර ඇත.

මාතර සිට ඕමන්තේ බලා ධාවනය වූ රජරට රැජන ශීඝ්‍රගාමී දුම්රියේ වාහනය ගැටෙන්නට පෙර අවට සිටි අය දාන්න එපා දාන්න එපා යයි කෑ ගසා තිබුණද එයට රියදුරු කන්දී නැත. මෙම කැබ් රියට පෙර යතුරු පැදි කිහිපයක් මාර්ගය හරහා ගොස් තිබුණ පෙළඹවීම ඔස්සේ කැබ්රියද දුම්ර්ය මාර්ගය හරහා ගිය බව කියැවුණා.


නගරාන්තර දුම්රියේ කැබ් රථයේ පිටුපස ඇමිනී මීටර 75 ක් පමණ ඉදිරියට ධාවනය වී ඇති අතර එම අවස්ථාවේ කැබ් රථයේ සිටි සිව් දෙනකු එළියට විසිවූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවසූහ.


කැබ් රථයට බරපතළ හානි සිදුවී තිබූ අතර කැබ් රථයෙන් එළියට විසිවූ අයගේ ශරීර කොටස් දුම්රිය මාර්ගය දෙපස තැන තැන විසිරී තිබුනා

කැබ් රථයේ ගමන්ගත් පිරිස මීගමුවේ කටුවපිටිය සිට වල්පොල ප්‍රදේශයේ අසනීපව සිටි හිතවතෙකුගේ  නිවසකට යමින් සිටිය දී මෙසේ අනතුරට ලක්ව ඇතැයි පැවසේ.

සිද්ධිය ඇසින් දුටු අයකු වන ජනිත රුවන් මහතා මෙසේ කියා සිටියේය.
කැබ් රථය කඳාන දෙස සිට රාගම පැත්තට ආවා. ඒ අවස්ථාවේ රාගම දෙසට දුම්රියක් ධාවනය වුණා. ඒ සමග කැබ් රථය දුම්රිය හරස් මාර්ගයට දැම්මා. 


නළාව නාද කරගෙන පැමිනි කොළඹ සිට වව්නියාව බලා ධාවනය වන දුම්රියේ කැබ් රථයේ පිටුපස ඇමිනී මීටර් දහයක් පමණ ඉදිරියට ධාවනය වුණා. ඒ අවස්ථාවේ කැබ් රථයේ සිටි සිව් දෙනකු එළියට විසිවුණා. කුඩා ගැහැනු ළමයෙක් කැබ් රථයේ රෝදයකට යටවී සිටියා.
රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. එම අනතුරුට අදාළ ඡායාරූප පහතින් නරඹන්න.



















 

කැබ් රථය දුම්රිය හරස් මාර්ගයට ඇතුළු කරන විට ද දුම්රිය හරස් මාර්ගයේ අනතුරු සංඥා සහ නාද නිකුත් වී ඇත. ද්විත්ව දුම්රිය මාර්ගයේ කැබ් රථය එක් දුම්රිය මාර්ගයක් පසුකර යද්දී ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී ඇත.
කැබ් රථය පදවා ඇත්තේ රාජ් කුලතුංග ධර්මසිරි නමැති එම පවුලේ පියාය.


මියගිය අයගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම රෝහලට ගෙනයන ලදී. මියගිය රාජ් කුලතුංග ධර්මසිරි මහතා මීගමුව වැහුළුපිටිය ප්‍රදේශයේ සිය නිවස ඉදිරිපිට වෙළෙඳසලක් පවත්වාගෙන ගිය අයෙකි.


ඔහුගේ වැඩිමහල් සොහොයුරිය ඔවුන් පදිංචි නිවසට මදක් දුරින් පදිංචිව සිටින්නීය. ඔහුගේ මව සිටියේද ඇය සමගය. ඇය සිද්ධිය ගැන කියා සිටියේ මෙසේය.

ධර්මසිරි අයියා පහුගිය අවුරුද්දට ගියාට පස්සේ අම්මා බලන්න 03 දා රෑ ගිහින් තියෙනවා. ඒ ගිහිල්ලා එයාගේ අක්කට කියලා තියෙනවා අම්මා හොඳට බලාගන්න ඉස්සෙල්ලා අපි මැරෙයිද කියලා දන්නේ නෑනේ කියලා යැයි ඔහුගේ ඥාතීහු පවසති.  


ධර්මසිරි මහතා සහ ඔහුගේ පවුලේ අය ප්‍රදේශයේ කා සමගත් සහයෝග යෙන් ජීවත් වී ඇත. ඔවුන් ඊයේ උදෑසන වල්පොළ ප්‍රදේශයේ අසනීපව සිටි හිතවතා බැලීමට යාමට වාහනයෙන් යන අවස්ථාවේ ඔවුන්ගේ නිවසට මීටර් 100 පමණ දුරින් පිහිටි විහාරස්ථානය අසලට ගොස් තුන්වරක් පමණ ආපසු හැරී නිවසට පැමිනි බව ප්‍රදේශවාසීහු පවසති.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger