Monday, February 9, 2015
හොරු රැළට දැල ඵලන්නේ කවදාද...!!!
‘‘නව රජය පත්වී මාසයක් ගතවුණා. වංචාවට, දූෂණයට, හොරකමට, නාස්තියට එරෙහිව ක්‍රියා නොකරන්නේ ඇයි දැයි මටත් ප්‍රශ්නයක්. ජනතාව ඒ දෙස බලා සිටිනවා. දැනුත් ප්‍රමාද වැඩියි‘‘
පසුගිය රජය කාලයේ සිදුවූ මහා පරිමාණ වංචා දූෂණ සේවීමට විශේෂ ජනාධිපති කොමිසමක් ලබන සතියේ පත් කරන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති අරලගන්විලදී පැවසීය.
පදවි, තනතුරු, පක්ෂ හා පුද්ගලයන් කවුදැයි නොබලා මෙම කොමිසම කටයුතු කරන බවත් රජයේ දේපළ, සම්පත් වැනසූ, සොරකම් කළ, වංචා කළ හා කොල්ලකෑ සියලු දෙනාම කොමිසම හමුවට පමුණුවන බවත් ජනපති කීවේය.
මෛත්‍රී අභිනන්දන උළෙල අමතමින් අරලගන්විලදී ජනපති මෙසේද කීවේය.
‘‘නව රජය පත්වී මාසයක් ගතවුණා. වංචාවට, දූෂණයට, හොරකමට, නාස්තියට එරෙහිව ක්‍රියා නොකරන්නේ ඇයි දැයි මටත් ප්‍රශ්නයක්. ජනතාව ඒ දෙස බලා සිටිනවා. දැනුත් ප්‍රමාද වැඩියි‘‘
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment