ලංකානිව්ස් කතුවැකිය
රටේ ඡන්දය ලබා හෝ නොලබා ( දැන් යූ. ඇන්. පී ) කරන්නාක් මෙන් ,උන්ට ඕනෑ ..ඕනෑ ලෙසින් බදු වැඩි කරති අඩු කරති ,ඵකතු කරති ,ඇමතිකම් දෙන්නේද උන්ට ඕනෑ පරිදිය...ජනතාවට ඡන්දය දීමෙන් පසුව බලා සිටිනවා හැරෙන්නට කළහැකි කෙං ගෙඩියක් නැත.ඇත්ත ඵයය.
දේශපාළුවන් පෙර හොරා කෑ විට උන්ට ඊළඟ පාර ජනතා ඡන්දය නැත.නමුත් හොරා කෑමේ පහසුව සහ රසය දන්නා උන් නැවත බලය ලබා ගැනීමට ඉව අල්ලති.හරියටම" හයිනා "නැමති බල්ලන් මෙනී. ජනතාව අභිමුඛයට උන් නැවත ඵන්නේ මඳක් වෙස් මාරු කොටය. බොහෝ කපටියන් ජාතික ඇඳුමට බසී.( රවීන්ඳ්රන් කරුපයියා නම් ඇඳුම පමණක් නොව සිය නමද රවී ලෙසින් වෙනස් කර ගෙන ඇත) මේ සියල්ල මැද කපටි දේශපාළුවන් ගවරැළ දක්කති.නැවත නැවත රැවටෙති..නමුත් දැන් අන්තර්ජාලය ඔස්සේ සමාජ වෙබ් අඩවි හරහා විවිධ අය සිය අදහස් නිර්භයව සහ නිර්මාණාත්මකව ඵළිදක්වති.මේ අප අහඹු ලෙසින් තෝරා ගත් ඵවන් රසබර නිර්මාණ රැසක්...
විවිධ දෙනා විවිධ මතිමතාන්තර තුළට වී විවිධ පුද්ගලයන් වීරයන් සහ හොරුන් ලෙසට තීරණය කොට තිබෙනවා ...අයෙක් මහින්දට කැමතිය. දේශපාලන හොරුන් ළඟට ගෙන මුළු ලංකාවම හොරා කෑ බව නොපිළිගනී..
තවත් අයෙකුට රනිල් ලොකුය .රටම පාවා දුන්නේ යැයි දැන සිටියද ,බටලන්ද තුළ ගාල් කොට මිනී මැරුවා යැයි කීවද උන්ට රනිල් ජාතයන්තර දේශපාලන තාර්කිකයාය.ඵහෙම උන්ට දුවන්නේද යූ. ඇන්. පී කොළපාට ලේ ය. ඵහෙයිනි කැපුවත් ලේ කොළ පාට යැයි කියනුයේ..
තවකෙකුට ලොකු ජෙප්පන් වේ ..උන් රසකර සරලව කියාපාන ,ඇත්ත ,නැත්ත බොරු බේගල් , ඒවා හරියටම කාල් මාක්ස් පණ පිටින් වදාරන්නාක් මෙනී..ජනතාවගේ නිල බලා ඵන්නත් දීමට උන් සමතුන් වේ.තවකෙකුට මෛත්රීය උන් මෛත්රී මෝදී සමාන කරති.
චන්ඳ්රිකාටද ඵසේය .රටම කෑ බව දැන් අමතකය. විමුක්තිටද විටින් විට දේශපාලනයට අඬ ගසනා අම්බරුවන් ඇත.ඒකා දේශපාලනය ගැන දන්නේ මොනවාද..? ලංකාවේ ඉපදීමත් ලැජ්ජාවක් කී ඵවන් එකෙකුට වඩා ඈත ගමක දුප්පත් තරුණයෙකු ඊට සුදුසු බව ඇතමෙකුගේ මතයයි .ඵකෙකුගේ පියා,මව ,සීයා ආච්චි දේශපාලනයේ සිටි පළියට උන්ගේ පරම්පරාවට ඇති උරුමඃකාර ,පොල්මඃකාර අයිතිය කුමක්දැයි අපද අසමු.
ඵවන් තුට්ටු දෙකේ සිඟිති යෝජනා ගෙන ඵන්නේ .නිකම්ම නොවේ..
ඵයද ඵක්තරා දේශපාලන ව්යාපෘතියකී. ඵවිට " මේ රටේ ජනතාවගේ බලවත් ඉල්ලීම මත ආවා යැයි කිව හැකිය..."මෛත්රී ගේ ඡන්ද වැඩ සඳහා ඵක් විටම සිය මඩිස්සලෙන් ලක්ෂ අසූවක් ඇද දීමට තරම් චන්ඳ්රිකා මහා දානපතිනියක් නොවන බැව් අප දනිමු.
මන්දීරයක් සහ විශාල අශ්ව ගාලකට යැයි පාර්ළිමේන්තු සංකීර්ණයක් සඳහා කෝටි ගණනක ඉඩමක් ගැනීමට ගිය අයුරු අපට මතකය .මේ වන තෙක් මේ ඵකැස් චෞරිය සිය කියුම් කෙරුම් අළලා ලියු " චෞර රැජිණ " පොත සඳහා වන්දි ඉල්ලා හෝ ඒ සිදුවීම් ප්රතික්ෂේප කොට නොමැත.ඵසේ කිරීමට නොහැක්කේ ඒවා නිසි සාධක සහිතව ඔප්පු කොට ඇති නිසාය.
මේ සියල්ල මැද කපටි දේශපාළුවන් ගවරැළ දක්කති.නැවත නැවත රැවටෙති..නමුත් දැන් අන්තර්ජාලය ඔස්සේ සමාජ වෙබ් අඩවි හරහා විවිධ අය සිය අදහස් නිර්භයව සහ නිර්මාණාත්මකව ඵළිදක්වති.
ලංකානිව්ස් කතුවැකිය
මේ අප අහඹු ලෙසින් තෝරා ගත් ඵවන් රසබර නිර්මාණ රැසක්...




















Post a Comment