සන්ඬේ ලීඩර් පුවත්පතේ ප‍්‍රධාන කර්තෘ ශකුන්තලා පෙරේරා ඉල්ලා අස්වී ඇත. එයට හේතුවී ඇත්තේ ඇය විසින් පළකරන්නට යෙදුණ එයාර් ලංකා සමාගමේ දූෂණ සම්බන්ධ හෙළිදරව්වකින් පසු සන්ඬේ ලීඩර් ආයතනයට එම සමාගමෙන් බලපෑම් එල්ලවීමත් ඉන්පසු ඇයට පුවත්පත් ආයතනයේ එවැනි ලිපි ලිවීමට නිදහස අහිමිවීමත්ය.
තමාට පුවත්පත් ආයතන කළමනාකාරිත්වයෙන් බලපෑම් එල්ල වූ බව සිය අස්වීමේ ලිපිය මගින් ඇය කියා සිටියි.
විශේෂයෙන් හිටපු ජනපති පවුල ද නම් කෙරුණු පසුගිය රජය යටතේ සිදුවූ මෙවැනි වංචා දූෂණ සම්බන්ධිත මෙවැනි දෑ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සමාගම් කළමනාකාරිත්වය උනන්දු නැතැයිද ඇය වැඩිදුරටත් කියා සිටියි.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment