දුමින්දගේ කෙරුම් කියුම් වැඩියි වෙයි…. යහපාලනයේ බබා පාට්...!
එහිදී ඔහුගෙන් පැය 12කට ආසන්න කාලයක් ප්‍රශ්ණ කෙරී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසු අතර, ඔහුගෙන් පිටු 60ක පමණ දීර්ඝ සටහනක් ලබාගෙන ඇත. මෙතරම්, දේවල් සිදුවෙමින් තිබියදීත්, ආර්. දුමින්ද සිල්වා අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස්පතිවරයාට නව රජයේ ඉහලම තැනකින් නියෝගයක් ලැබී ඇති බව වාර්තා වේ.
ඒ අනුව දුමින්ද සිල්වාණන්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී උපරිම පහසුකම් සලසා දීමට රහස් පොලීසියට සිදුවී ඇති බව වාර්තා කොට සිටී.
වෙලේ සුදා නැමති මහා පරිමාණ මත් කුඩු ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු විසින් සිදු කළ දීර්ග පාපොච්ඡාරණයේදී නම් කියැවුනු ප්‍රබල දේශපාලන චරිතයක් වූ දුමින්ද සිල්වාගෙන් තෙවෙනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුවේ ප්‍රශ්න කිරීම් සඳහා ඊයේ දිනයේදී ද ඔහු එම දෙපාර්ත මේන්තුවට කැඳවා තිබේ.
මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා අත්අඩංගුවට නොගන්නා ලෙස පොලිස්පතිවරයාට නව රජයේ ඉහලම තැනකින් නියෝගයක් ලැබී ඇති බව වාර්තා වී ඇති බවත් කුප්‍රකට කුඩු ජාවාරම්කාර වෙලේ සුදාගේ පාපොච්චාරණයන් මත දුමින්ද සිල්වාව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සූදානම් වුවත් එසේ නොකරන ලෙස ඉහත කී නියෝගය කළ පුද්ගලයා පොලිස්පතිවරයාට දන්වා ඇති බවත් ඒ අනුව දුමින්ද සිල්වාගෙන් ප්‍රශ්න කිරීමේදී උපරිම පහසුකම් සලසා දීමට රහස් පොලීසියට සිදුවී ඇති බව වාර්තා කොට සිටී.
කෙසේ නමුත් යහපාලනය නමින් අනේක විධ පාඨයන් හඩනගා උච්චරණය කරමින් සිටින මෙම ආණ්ඩුවත් දූෂිතයන්ට එරෙහිව ජීවිත පූජා කිරීමට වුව පෙළඹී සිටින ජනතා විමුක්ති පෙරමුණත් මේ මහා කුඩු සොරා සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා මාර්ගයන් රටේ අනෙකුත් දූෂණ හා වංචාවන්ට සම්බන්ධයෙන් ගෙන එනු ලබන හෙළිදරව් කිරීම් පසෙක දැමීමට සමත්වනු ඇත.
Subscribe to:
Post Comments
(
Atom
)



Post a Comment