මහජන ඡුන්දයෙන් පත්වු ඕනෑම ආණ්ඩුවකින් බලාපොරොත්තු වන්නේ රටේ සම්පත් සහ බදු ගෙවන්නන්ගේ මුදල් විනිවිද පෙනෙන කළමනාකරණයකින් සහ ජනතාවට වගකීමෙන් යහපාලනයක් ගෙන යනු ඇති බවයි. මෙවැනි පාලනයක වගකීම සියළුම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, රාජ්‍ය නායකත්වය සහ අමාත්‍ය මණ්ඩලය විසින් දරනු ලැබේ. තත්ත්වය එසේ වුවද, අය වැයෙන් 3/4 ක් ජනාධිපතිවරයා ඔහුගේ පවුලේ සාමාජිකයන් අත තිබීමෙන් විනිවිද නොපෙනෙනසුළු ¥ෂණය ඉහවහා ගිය, ඥාති සංග්‍රහයෙන්, අවධිමත් කළමනාකරණයෙන් අසීමිත වියදම් දරමින් රට පාලනය කිරීම බව හා වගකීම විහිළුවට ලක්කොට තිබේ.
අපට වැරදී ඇත්තේ කොතැනද?
- ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් රටේ අය වැයෙන් 3/4 ක් පාලනය කිරීම.
- වැරැුද්දට දඬුවම් නොදීමේ සංස්කෘතිය සහ ජනාධිපතිවරයා නීතියෙන් ආවරණය වීම හේතුකොටගෙන විධායක ජනාධිපතිධුරයේ දේශපාලන හැසිරීම වගකීමෙන් තොරව සිදුව ඇත.
- ලෝක වාර්තා බිඳ හෙලූ අති විශාල අමාත්‍ය මණ්ඩලයක් පවත්වා ගැනීමට විශාල මුදල් කන්දරාවක් වියදම් කිරීම.
- විශාල ප්‍රමාණයක ජනාධිපති උපදේශකවරුන් සිටීම.
- වාහන වියදම්. ගෙවල් දීමනා, විදේශ චාරිකා, ජනාධිපති චාරිකාවලට විශාල සංඛ්‍යාවක් සහභාගිවීම.
- රේඛීය අමාත්‍යාංශවල කළමනාකරණය ජනාධිපතිවරයා සහ පවුලේ සාමාජිකයින් විසින් ඩැහැගැනීම.
- අසාර්ථක කළමනාකරණය නිසා බංකොළොත් වු ව්‍යාපෘතියක් වන ‘‘මිහින් එයාර්’’ වැනි දෑට කරන මුදල් නාස්තිය.
- ආණ්ඩුවේ ප්‍රධාන තනතුරු දැරීමට පරිපාලන නිලධාරීන් වෙනුවට දේශපාලකයින් ආදේශ කිරීම.
- විධායකයේ ඇඟිලි ගැසීම හා පොලීසිය දේශපාලනීයකරණය වීමෙන් වැරදිකරුවන් දඬුවමෙන් මුදාහැරීම නිසා රටේ නීතිය හා සාමය බිඳ වැටීම, රජයේ අමාත්‍යවරුන් හා ඔවුන්ගේ හෙන්චයියන් රටේ නීති රෙගුලාසි නොපිළිපැදීම.
- 17 වන ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක නොකිරීමෙන් ස්වාධීන කොමිෂන් සභා අහෝසි වී රටේ පාලනයට අවශ්‍ය සීමා නොපැවතීම.
- නීතිගරුක නිලධාරීන්ට ස්ථාන මාරු ලබාදීමත් අවශ්‍ය සම්පත් ලබානොදීමත් නිසා අල්ලස් හා ¥ෂණ කොමිසම යටපත් කිරීම.
- ඉහළ මට්ටමින් සිදුවන අති විශාල වංචා ¥ෂණවලට විරුද්ධව පියවර නොගැනීම.
- දේශපාලන කටයුතුවලට රාජ්‍ය සංස්ථා, ආයතනවලින් මුදල් ලබාදී රජයේ දේපළ අපහරණය කිරීම.
- මහජන ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නිසියාකාරව පවත්වාගෙන යාමට බාධා පැමිණවීම, ඒවායින් හෙළිදරව් වූ ¥ෂණ සම්බන්ධයෙන් පියවර නොගැනීම.
- මහජන ගිණුම් කාරක සභාවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවල අධීක්ෂණයට පරිබාහිරව සමාගම් ස්ථාපිත කොට විශාල වශයෙන් මිලට ගැනීම් කිරීම. ආරක්ෂක කටයුතුවල ටෙන්ඩර් ගනුදෙනු කිරීම.
- ආණ්ඩුවේ හෙන්චයියන් යොදවාගෙන ආණ්ඩුව සහ පෞද්ගලික අංශය අතර ¥ෂිත ගනුදෙනු කරගෙන යාම.
- නීති විරෝධී කටයුතුවල යෙදුණු පුද්ගලයින් පාර්ලිමේන්තුවට ගෙන ඒම.
වෙනසක් සඳහා දැක්ම
මෙම ක්ෂේත්රයේ කළ යුතු වෙනස වන්නේ රාජ්‍ය පාලනය හා මූල්‍ය කළමනාකරණය ජනාධිපතිවරයාගේ හස්තයෙන් ඉවතට ගෙන පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලයට පැවරීම. ඒ සඳහා ඇති ආයතන හා සංවරණ සහ තුලින මඟින් විනිවිද පෙනෙනසුළු බව හා වගකීම සහතික කෙරේ. ¥ෂණයට හා බලය අයුතු ලෙස යොදා ගැනීමට ඇති මාර්ග අහුරාලීමෙන් ආණ්ඩුකරණයට පත්වන්නන් හරි මාර්ගයේ තබනු ඇත. ආණ්ඩුකරණයේදී පුළුල් ජනතා සහභාගිත්වය, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවල නිරීක්ෂණ, මාධ්‍ය එළිදරව් කිරීම් උනන්දු කරවීම නිසා යහපාලනයට හා ජනතාවගේ මුදල් වියදම් කිරීම වගකීමෙන් ඉටු කිරීම.
විසඳුම් සහ යෝජනා
- විධායක ජනාධිපති ධුරය අහෝසි කර ජනාධිපතිවරයාගේ බලතල හා එහි ඇති නීතිමය ප්‍රතිශක්ති වගන්ති සංශෝධනය කිරීම.
- අමාත්‍යාංශ පාලනය හා කළමනාකරණය ජනාධිපතිවරයාගෙන් ඉවත් කොට පාර්ලිමේන්තුව හරහා ජනතාවට වගකියන අගමැතිවරයාට පැවරීම.
- අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 ට පමණ සීමා කිරීම.
- තමන්ට රුචි වන පරිද්දෙන් අමාත්‍යාංශය වැඩිකිරීම පාලනය කිරීම.
- පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සතුටු කිරීමට වාහන දීමනා, ගතමනා, විදේශ චාරිකා, ¥ත පිරිස් අඩු කිරීම.
- අමාත්‍යාංශයේ වැඩ කටයුතු නිත්‍ය ලේකම්වරුන්ට හා අනෙකුත් පරිපාලන නිලධාරීන් අතට මිස දේශපාලන පත්වීම් ලැබූවන්ට හිමි නොකිරීම.
- දේශපාලන බලපෑම් ඉවත්කොට පිළිගත් රෙගුලාසි මත පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට හා රජයේ නිලධාරීන්ට කටයුතු කිරීමට සැලැස්වීම.
- ජනාධිපතිවරයාගේ උපදේශකවරුන් සංඛ්‍යාව අඩු කිරීම.
- 17 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කි‍්‍රයාත්මක කොට ඒ යටතේ පවතින මැතිවරණ කොමිසම, රාජ්‍ය සේවා කොමිසම, ජාතික පොලිස් කොමිසම, අල්ලස් හා ¥ෂණ කොමිසම, මානව හිමිකම් කොමිසම බලගැන්වීම.
- අල්ලස් හා ¥ෂණ කොමිසමට අවශ්‍ය සම්පත් ලබාදී බාධාවකින් තොරව රාජකාරිය කිරීමට අවකාශ සැලැස්වීම.
- මහජන ගිණුම් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ අනෙකුත් තේරීම් කාරක සභා පණගන්වා යහපාලනයට, විනිවිද පෙනෙනසුළු බවට, වගකීමට අවශ්‍ය වන සංවරණ හා තුලින ඇතිකිරීම. එම කමිටුවලින් ගන්නා තීන්දු කි‍්‍රයාත්මක කිරීම, යම්තැනක සිදුවන වැරදි කළමනාකරණය නිවැරදි කිරීමට අවශ්‍ය බලතල ඉහත සඳහන් කාරක සභාවලට පවරා ¥ෂණය පිටුදැකීම.
- මෙම කමිටුවල අධීක්ෂණයෙන් පරිබාහිරව වෙනත් සමාගම් සිදුකරන රජයේ මිලදී ගැනීම්වලට ඉඩ නොතැබීම.
- ජාතික අය-වැය සකස් කිරීමට පෙර පුළුල් ලෙස අදහස් විමසීම, අය වැයෙන් අනුමත වන මුදල් වියදම් කිරීම හා කළමනාකරණයට දැඩි පාලනයක් ඇති කිරීම.
- රාජ්‍ය සංවිධානවල මනා කළමනාකරණයට අවශ්‍ය රෙගුලාසි පැනවීම.
- ආරක්ෂක අමාත්‍යාංශයේ, අධ්‍යාපන හා සෞඛ්‍ය යන අමාත්‍යාංශවල සිදුවී ඇති බරපතල ¥ෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා එවැන්නක් ඉදිරියට නොවීමට වගබලාගැනීම.
- නීති විරෝධී කටයුතු නිසා වාර්තා තබා ඇති පුද්ගලයින් පාර්ලිමේන්තුවට පැමිණීමට ඇති ඉඩ අහුරා තැබීම.
Post a Comment