BREAKING NEWS

රටතොට

Wednesday, February 18, 2015

දැන් ශිරාල්ට, රනිල් හොද ය. ඒ නිසා ලොකු ප්‍රශ්න නැත. රටට කෙළවුණත් කමක් නැත...!!!

මේ රටේ ජාතික දේශපාලනයේ නිරත වන්නන්ට පැහැදිලි දේශපාලන දැක්මක් නැත. ඇත්තේ බල තන්හාවයි. බලය ලැබේ නම් කලිසමට උඩින් යට ඇදුම අදින්නටත් සූදානම් ය.

අද, සිරසට ආ ශිරාල් ලක්තිලක කීවේ 'මෙතෙක් කලක් ජාත්‍යන්තරයෙන් හුදෙකලා වී සිටි ශ්‍රී ලංකාව, දැන් යළිත් ජාත්‍යන්තරය හා සම්බන්ධ වී තිබෙන බවයි.'

දක්ෂිණාංශික දේශපාලනයේ යෙදෙන්නන් ජාත්‍යන්තරය කියන්නේ, අමෙරිකාව ප්‍රමුඛ බටහිරට ය. ඒ ජාත්‍යන්තරයට වෙනත් රටවල් අයත් නැත.
ශිරාල්ට, රනිල් කෙළවමින් සිටි කාලයේ, ශිරාල් කීවේ වෙන කථාවකි. කියවන්න.
'නියෝ ලිබරල් ආර්ථිකය අපට දායාද කර ඇත්තේ ආර්ථීක අභියෝගයක් පමණක් නො වේ. ඒ මගින් නූතන ආර්ථිකය තුළ ගොඩනැගෙන සමස්ත සමාජයේ ආකල්ප ද විනාශ කොට තිබේ. ඒ අනුව විනාශයට පත් කරන ප්‍රධාන සාධකය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි.'
ශිරාල් ලක්තිලක/රාවය/2011.2.6

දැන් අප තේරුම් ගත යුත්තේ කුමක්ද?
අද කිසිවිටකත් මේ අදහස ඔහු නො කියන බව ය.
ඒ අනුව එදා බර වචනවලින් ශිරාල් කියා ඇති දේ තේරුම් ගැනීමට පහත සදහන් යෙදුම් ඒ ඒ තැන්වලට ආදේශ කළ යුතු ය.
නියෝ ලිබරල් ආර්ථ්කය = රනිල් වික්‍රමසිංහ
නුතන ආර්ථිකය=එ.ජා.ප.ය
ප්‍රජාතන්ත්‍රවාදය=ශිරාල් ලක්තිලක

දැන් එය කියවෙන්නේ මේ ආකාරයට ය.
'රනිල් වික්‍රමසිංහ අපට දායාද කර ඇත්තේ ආර්ථීක අභියෝගයක් පමණක් නො වේ. ඒ මගින් එ.ජා.ප.ය තුළ ගොඩනැගෙන සමස්ත සමාජයේ ආකල්ප ද විනාශ කොට තිබේ. ඒ අනුව විනාශයට පත් කරන ප්‍රධාන සාධකය වන්නේ ශිරාල් ලක්තිලකයි.'
දැන් ශිරාල්ට, රනිල් හොද ය. ඒ නිසා ලොකු ප්‍රශ්න නැත. රටට කෙළවුණත් කමක් නැත.
- කුමාර ලියනගේ

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger