නමින් පවා රූපාවතරණයවූ සිරිධම්මගේ , සමන්ත භද්‍ර...!!
Happy birthday Samantha ...!!!
Mr ; සමන්ත භද්‍ර පන්සල ඇතුළේ උපන් දිනය සමරලා...!!!
Normal Menu of Birthday Party ...

කුකුළු මස්-ඉස්සෝ කකුළුවෝ-දැල්ලෝ...!!!
කකුළුවෝ පණපිටින් හැළිවල තම්බලා....
මාළු ඔළු සමඟ...
උයලා තියෙන්නෙත් ආශ්‍රමය ඇතුළෙමයි
දානය අතරතුර කේක් එකකුත් කපලා....!!!
පිටිදුවේ සිරිධම්ම හෙවත් අරහත් සිරි සමන්තභද්‍ර පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට ලක්වූ හිමි නමකි. සිරි සමන්තභද්‍රගේ 40 වන ජන්ම දින සැමරුම බෙල්ලන්තර පිහිටි සිරි සදහම් ආශ්‍රමයේදී (24දා) පැවැත්විණි.
මේ සාදයේ ඡායාරූප පහතින්...
එය දානමය පූණ්‍යකර්මයක් යැයි පැවැසුවද සැබැවින්ම එය සාදයක සිරි ගත් අයුරු අපට දැකිය හැකි විය.
උෟරු මස්, එළු මස්, කුකුළු මස්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන් සමඟ ප්‍රණීත දානයක් එහි වැඩම කළ භික්ෂුන් වහන්සේටත්, උපන් දින උත්සවයට පැමිණි අයටත් දිවා ආහාරය පිණිස ලැබිණි.සිරි සමන්තභද්‍ර වැඩ සිටින ස්ථානයට ගොස් දානය පූජා කිරීමේ ක්‍රමය එහිදී වෙනස් කර තිබිණි. ඒ වෙනුවට බුෆේ ක්‍රමයට තබා ඇති තැනට ගොස් සිරි සමන්තභද්‍රට දානය ලබා ගැනීමට සිදු විය.
සිරි සදහම් ආශ්‍රමයේම මස් මාළු බදිමින් දානයක් යැයි පවසමින් පැවැත්වූ සාදයට ආහාර සැකැසුණු අතර සුදු පැහැති මලකින් හිස සරසාගත් කතුන් විසින් දන් පිළිගන්වනු ලැබිණි.
මුහුදක් මත රැඳුණු හක්ගෙඩියක ස්වරූපයක් ගත් උපන් දින කේක් ගෙඩිය කපනු ලැබුවේ එදිරිසිංහ සමූහ ව්‍යාපාරයේ සභාපතිනි සෝමා එදිරිසිංහ විසිනි. සිරි සමන්තභද්‍ර දානය වළඳන අතරතුර කේක් ගෙඩිය කැපූ අතර එය අතුරුපස වශයෙන් සිරි සමන්තභද්‍රට බෙදා දෙනු ලැබුණේ මියුරු සංගීත රටාවක් මධ්‍යයේය.
මේ උපන්දින සැමරුම අවස්ථාවේදී ගාල්ල විජයානන්ද පිරිවෙනේ අභිවෘද්ධිය වෙනුවෙන් සමන්තභද්‍ර විසින් රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමීය. එම මුදල් බේරුතුඩුවේ ඥානවිසුද්ධි හිමියෝ විසින් භාර ගන්නා ලදී. ඥානවිසුද්ධි හිමියන් සිරි සමන්තභද්‍රගේ ගුරු ස්වාමීන් වහන්සේද වෙති.
දිලංක ගුණතිලක
මස් කෑමට ගිජුව වැඩි සිවුරු දරාගත් හොරු රැළෙන් කොටසක්....
දෙන්න දානය සඳහා සැදී පැහැදී සිටි සුරූපී උසාපක ළඳුන් ගෙන් පිරිසක්...!!!
සිවුරු දරාගත් ඇම්ඩාගේ සතුටු සිනා....!!!

Post a Comment