BREAKING NEWS

රටතොට

Wednesday, February 25, 2015

අගමැතිකම පිට්පොකට් ගැසු රනිල් බිය වී සිංහල මාධ්‍යයට තර්ජන කරනවා.. !!!

ලංකාවේ මාධ්‍ය නිදහසට බියකරු තත්ත්වයක් උදාවෙමින් පවතින බවත්,අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයට තර්ජනය කරන බවත් ‘ජාතික බලය’සංවිධානය වෙනුවෙන් මහාචාර්ය නලින් ද සිල්වා පවසයි.

මේ රටේ ජනතාව ඡන්දය ලබාදුන්නේ රනිල් අගමැතිවරයා බවට පත්කිරීමට නොවන බවත්, අගමැති ධූරය රනිල් විසින් පික් පොකට් ගසා ඇති බවත් මහාචාර්යවරයා කියා සිටියේ අද(24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් කැබිනට් අමාත්‍ය මණ්ඩලය වෙනස් කිරීමද අනුමත කළ නොහැකි බවත්, එය කිසිසේත්ම පිළිගත නොහැකි බවත් සිල්වා  අවධාරණය කළේය.
රනිල් වික්‍රමසිංහ  විසින් අගමැති ධූරය පික්පොකට් ගැසූ අන්දමින් ජනාධිපති මෛත්‍රී ශ්‍රීලනිපයේ සභාපති ධූරය , හිටපු ජනපතිගෙන් පික්පොකට් ගැසූ බව ඔහු කියා සිටියේය.
පික් පොකට් ගැසූ තනතුරක් බව දන්නා නිසාම රනිල් වික්‍රමසිංහ  බියට පත්වී මාධ්‍යයට තර්ජන එල්ල කරන බවද ඔහු සඳහන් කළේය.
අද දවසේ උතුරේ සිදුවන්නේ කුමක්දැයි කිසිවෙකු නොදන්නා බවත්, එකී තොරතුරු මාධ්‍යයට වසන් කර ඇති බවත් සිල්වා  පෙන්වා දුන්නේය.
රනිල් වික්‍රමසිංහ සිංහල පුවත්පත් වල පළවන ලිපි සම්බන්ධයෙන් තර්ජන එල්ල කළද උතුරේ උදයන් පුවත්පත සම්බන්ධයෙන් කිසිවක් නොකියන බවද හෙතෙම සිහිපත් කළේය.
යාපනයෙන් එළවා දමන ලද සිංහල ජනතාව පිළිබඳවද ,උතුරු-නැගෙනහිර ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථානවලට සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳ හෝ කිසිවෙක් කිසිවක් කතා නොකරන තත්ත්වයක් උද්ගතවී ඇතැයි ඔහු සඳහන් කළේය.
මේ රටේ සිංහල ජාතිකත්වයට රනිල් බියවී ඇති බවත්, රනිල් ඔබාමාට අඳින විට ජනාධිපති මෛත්‍රී මෝඩිට අඳින බවත් මහාචාර්යවරයා කියා සිටියේය.
දෙමළ ත්‍රස්තවාදය පරාජය කළද දෙමළ බෙදුම්වාදය තාමත් පරාද වී නොමැති බවත්, ඒ නිසාම සිංහල ජාතිකත්වය ගොඩනැඟීමට මාධ්‍යයට ඉමහත් කාර්ය භාර්යයක් පැවරී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger