BREAKING NEWS

රටතොට

Thursday, February 19, 2015

දැක්කොත් බුවා...නොදැක්කොත් මුවා...!!!


නුගේගොඩ තිබුණේ ජාතිවාදී
රැුස්‌වීමක්‌.. ආපු අය සේරම
ජාතිවාදියෝ නිසා මම අභියෝගය
බාර ගන්නේ නෑ - අසාද් සාලි
ප‍්‍රයිවට් බස්වලින් සෙනග ඇදලා ජාතිවාදී රැුස්වීම් පවත්වපු අය හා අභියෝගවලට මුහුණ දෙන්න මම සූදානම් නෑ..
නුගේගොඩ රැස්වීමේ සිටි ජනතාව උඩු ගුවනේ සිට ඩ්‍රෝන යාත්‍රාවකින් රූ ගත කොට තිබූ අයුරු...තීරණය ඔබට භාරයි...
නුගේගොඩදී 18  පැවැතියේ බෞද්ධ කොඩි අතින් ගත් පිරිස්‌ සහභාගි වූ ජාතිවාදී රැුස්‌වීමක්‌ නිසා තමන් දේශපාලනයෙන් ඉවත් වන බවට කළ අභියෝගය භාර නොගන්නා බව එක්‌සත් ජාතික පක්‍ෂයේ මධ්‍යම පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි  පවසයි.නුගේගොඩ රැුස්‌වීමට පන්දහසක ජනතාවක්‌ පැමිණියහොත් දේශපාලනයෙන් ඉවත් වන බවට අසාද් සාලි කළ ප‍්‍රකාශය සම්බන්ධව කළ විමසීමකදී හෙතෙම මේ බව ප‍්‍රකාශ කර ඇත.


එහිදී පළාත් සභා මන්ත‍්‍රී අසාද් සාලි පැවසූවේ පන්දහසක් ගෙනැවිත් පෙන්නන්න යැයි විමල් වීරවංශ මන්ත‍්‍රීවරයාට අභියෝග කළේ දේශපාලන රැුස්වීමකට මිස ජාතිවාදී රැුස්වීමකට නොවන බවයි.

සමාජ වෙබ් අඩවි, බොදුබල සේනා වැනි සංවිධානවලින් මෙම රැුලිය සඳහා සහභාගි වන්නැයි ජාතිවාදී ආරාධනයක් කළ බවද ජාතිවාදියෙන් මිදී දේශපාලන රැුස්වීමක් සඳහා මෙම ජනතාව ගෙනැවිත් පෙන්වූයේ නම් තමන් ඒ අභියෝගය භාර ගැනීමට සුදානම් බවද අසාද් සාලි මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අසාද් සාලි මේක දේශපාලන රැුස්වීමක් නොවේ. තනිකර ජාතිවාදී රැුස්වීමක්. වෙබ් අඩවිවලින් ජාතිවාදය අවුස්සන සුළු ප‍්‍රකාශ දාලා තමයි මේ සෙනග ගෙනාවේ. අපි ඒවා භාරගන්න ලෑස්ති නෑ.

විමල් වීරවංශට තමන්ගේ කාර්යාලය ළ`ග ඉඳලා පෙළපාළියේ ඇවිත් 5000ක් පෙන්නුවා නම් මම පිළිගන්නවා. ඔය ප‍්‍රයිවට් බස්වලින් සෙන`ග ඇදලා ජාතිවාදී රැුස්වීම් පවත්වපු අය හා අභියෝගවලට මුහුණ දෙන්න මම සූදානම් නෑ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger