BREAKING NEWS

රටතොට

Monday, February 2, 2015

ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහන වර්ධන වේගය ඉහළට ...!!!

ශ‍්‍රී ලංකාවේ ජනගහනය හා වර්ධනය පිළිබඳ නවතම ගණන් ගැනීම් අනුව මෙරට ජනගහනයේ ප‍්‍රතිශතයක් ලෙස අනෙකුත් ජාතීන්ට සාපේක්‍ෂව මුස්ලිම් ජනගහනය සීඝ‍්‍ර ලෙස වර්ධනය වී ඇති බව වාර්තා වේ. මුළු රටම ආවරණය වන පරිදි 1981 පැවති සංගණනයෙන් පසු ජන හා නිවාස සංගණනය-2011 යටතේ වසර 30 කට පසු මුළු රටපුරා 2012 පෙබරවාරි සහ මාර්තු පැවති ගණන් ගැනීම් අනුව මේ බව හෙළි වී ඇති බව  ආරංචි මාර්ග සඳහන් කරයි.


දෙමළ ජනගහනය සියයට තුනකට ආසන්න සංඛ්‍යාවකින් පහළ බැස ඇති අතර එම අඩුවන දෙමළ ජනතා ප‍්‍රතිශතය මුස්ලිම් ජනගහන වර්ධනයෙන් පිරවී ඇති බව පැවැසෙයි. ඒ අනුව සියයට දෙකයි දශම දෙකකින් පමණ මුස්ලිම් ජනගහනය ඉහළ ගොස් ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

නමුත් සිංහල ජනගහනය වර්ධනය වී ඇත්තේ දශම හයක ප‍්‍රතිශතයකින් බව සඳහන්ය. සිංහල ජනගහනය සියයට හැත්තෑ හතරේ සිට හැත්තෑ හතරයි දශම හයක් (74-74.6) වැනි ප‍්‍රතිශතයකට ළගා වී ඇති බව කියයි.

ජනගහනය ගණන් ගැනීම අනුව ශ‍්‍රී ලංකාවේ සමස්ත ජනගහනය සිංහල-සියයට හැත්තෑ හතරයි දශම හයක් (74.6) ශ‍්‍රී ලංකා දෙමළ සියයට එකොළහයි දශම දෙකක් (11.2) -මුස්ලිම් සියයට නවයයි දශම තුනක් (9.3) ඉන්දියානු දෙමළ සියයට හතරක් (4.0) සහ වෙනත් ජාතීන් වශයෙන් වර්ගවනු ඇතැයි ජන සංගණන ආරංචි මාර්ග පවසයි.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger