නේතාජි සුභාෂ් චන්ද්‍රබෝෂ්ගේ මරණය පිළිබඳව මතභේද දේශපාලනය වී ඇති පසු බිමකදී ‘ඉන්දියානුවන් සහ දමිළයින් එක් සත්‍යයක් දැනගත යුතුය’ යනුවෙන් සඳහන් පෝස්ටර් නෙල්ලයි දිස්ත්‍රීක්කය නොසන්සුන් කර ඇත.එම පෝස්ටරයේ නේතාජි සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප සමග නරේන්ද්‍ර මෝඩි, කරුණානිධිගේ යන අයගේ ඡායාරූපද ඇති හේතුවෙන් තමිල්නාඩු දේශපාලන ක්‍ෂේත්‍රය උණුසුම් වී ඇත.
‘තමිල්නාඩුවේ දෙමළ ඊළාම් විමුක්ති කොටි ආධාරකරුවන්ගේ පෙරමුණ’ යන සංවිධානය විසින් අලවා ඇති මෙම පෝස්ටරයේ, ඉන්දියාවේ හිටපු ජාතික නායකයෙකු වන නේතාජීගේ 118 වන ජන්ම දිනයත් ඔහු පිළිබඳ රහස් නරේන්ද්‍ර මෝඩිගේ රජය කඩිනමින් අනාවරණය කල යුතු බවත්, දෙමළ ඊළාම් ජාතික නායක ප්‍රභාකරන් පිළිබඳ අභිරහස ද්‍රාවිඩර් මුන්නේට්ට්‍ර කලගම් පක්‍ෂයේ නායක කරුණානිධි අනාවරණය කල යුතු බවත් සඳහන්කර ඇත.
තමිල්නාඩුවේ දෙමළ ඊළාම් විමුක්ති කොටි ආධාරකරුවන්ගේ පෙරමුණේ සම්බන්ධීකාරක ‘වියනරසු’ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. “ 2005 වර්ෂයේදී ශ්‍රි ලංකාවේ පැවති ජනාධිපතිවරණයෙන් රාජපක්‍ෂ ජයග්‍රහණය කිරීමත් සමග විමුක්ති කොටි සංවිධානය විනාශ කර ඔවුන්ගේ පාලනය යටතේ තිබුණු ප්‍රදේශ අත්පත්කර ගැනීමට උත්සාහකරන ලදි. නමුත්, එම අවස්ථාවේදී ‘අන්නා ද්‍රාවිඩර් මුන්නේට්ට්‍ර කලගම්’ පක්‍ෂය තමිල්නාඩුවේ පාලන බලයේ සිටීම හේතුවෙන් රාජපක්‍ෂට එය ඉටුකර ගැනීමට නොහැකි විය.
2006 වර්ෂයේදී ‘ද්‍රාවිඩර් මුන්නේට්ට්‍ර කලගම්’ පක්‍ෂය තමිල්නාඩුවේ පාලන බලයට පැමිණීමෙන් පසු රාජපක්‍ෂට වාසිදායක තත්වයක් තමිල්නාඩුව තුල ඇතිවිය. විමුක්ති කොටි සංවිධානය පිළිබඳ කරුණානිධිට තිබුණු අතෘප්තිමත් හැඟීමත්, ‘ද්‍රාවිඩර් මුන්නේට්ට්‍ර කලගම්’ පක්‍ෂයේ මධ්‍යම රජයේ අමාත්‍යවරුන්ගේ දුර්වලතාවයත් තේරුම් ගැනීම හේතුවෙන් රාජපක්‍ෂට යුද්ධයක් ආරම්භ කිරීමට හැකිවිය.
රජීව් ගාන්ධිගේ දියණිය වන ප්‍රියංකා 2008.03.10 වන දින වේලූර් බන්ධනාගාරයට පැමිණ නලිනිව හමුවිය යුතු අවශ්‍යතාවය කුමක්ද? ඔවුන් සාකච්ඡා කලේ කුමක්ද? යනාදිය සම්බන්දයෙන් එවකට මහ ඇමතිව සිටි කරුණානිධි අනිවාර්යයෙන්ම දැන සිටිනු ඇත. එම කරුණු කරුණානිධි අනාවරණය කල යුතුය. දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට සහයෝගය දක්වමින් තමිල්නාඩුවේ සටන් ත්‍රීව්‍ර වූ අවස්ථාවේ එවකට මධ්‍යම අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කල ‘ප්‍රනාම් මුකර්ජි’ චෙන්නායි පැමිණ කරුණානිධිව හමුවිය. ඉන් පසු එම්.කේ.නාරායනන්, ශිවසංකර් මේනන් යන අය ශ්‍රී ලංකාවට ගොස් පැමිණෙන ලදි. එම අවස්ථාවේදී, ‘තවත් දින කිහිපයක් ඉවසමු’ යනුවෙන් සඳහන් කරන ලද ලිපියක් නිකුත්කල කරුණානිධි, එකවරම ශරීර සෞඛ්‍ය දුර්වල බව පවසමින් රෝහල් ගතවීමේ රහස කුමක්ද...?
මුත්තුකුමාර් තම සිරුරට ගිණිතබා ගැනීමෙන් පසු ඇතිවූ කලබලකාරී තත්වය මර්ධනය කිරීමට ‘ද්‍රාවිඩර් මුන්නේන්ට්‍ර කලගම්’ පක්‍ෂය විශාල දායකත්වයක් ලබාදෙන ලදි. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සහයෝගය දක්වමින් 2009.04.10 වන දින චෙන්නායිහි පැවැත්වූ පෙළපාලිය ඇමතූ කරුණානිධි, ‘ප්‍රභාකරන් හසුවුවහොත් ‘පෝරෝෂ් රජු’ ඇලෙක්සැන්ඩර්ගෙන් ‘පංජාබ් සීලම්’ ඉවුර අල්ලාගත් අවස්ථාවේ කටයුතු කලේ කෙසේද ඒ ආකාරයෙන්ම කටයුතු කලයුතු බවත්, ‘අප ඉන්දියාවේ වහලුන් ලෙස සිටින්නෙමු. එබැවින් ඊළාම් දෙමළ ජනතාවට සහයෝගය ලබාදිය නොහැකිය’ යනුවෙන් ප්‍රකාශ කිරීමේත් අර්ථය කුමක්ද? දින කිහිපයකට ඉහතදී, කතා කල රාජපක්‍ෂ, ‘ප්‍රභාකරන් මියගියේ නැත. විමුක්ති කොටි සංවිධානය ශ්‍රී ලංකාව තුල තවමත් සම්පූර්ණයෙන්ම විනාශ කර නොමැත’ යන මතයෙන් අදහස් දක්වා ඇත. එබැවින්, ප්‍රභාකරන් පිළිබඳ සත්‍ය තත්වය දෙමළ ජනතාවට අනාවරණය කල යුතුය.
දෙමළ ඊළාම් මාතෘ භුමියේ පැවති අවසන් සටනේදී සිදුවූ සිදුවීම් සියල්ල පිළිබඳව කරුණානිධි දන්නවා ඇත. ප්‍රභාකරන් පිළිබඳ සත්‍යය තත්වය අනිවාර්යයෙන්ම ඔහු දැන සිටිය යුතුය. ශ්‍රී ලංකාවේ සිදුවූ සියළු දේවල් දෙමළ ජනතාවගේ යහපත වෙනුවෙන් කරුණානිධි අනාවරණය කල යුතුය. විශේෂයෙන් ප්‍රභාකරන් පිළිබඳ සත්‍ය තත්වය ඔහු අනාවරණය කල යුතුය” යනුවෙන් වියනරසු ප්‍රකාශ කර ඇත.
තමිල්නාඩුවේ දෙමළ ඊළාම් විමුක්ති කොටි ආධාරකරුවන්ගේ පෙරමුණේ නෙල්ලයි දිස්ත්‍රික් නායක ‘කන්මනි මාවීරන්ද’ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.
“කොංග්‍රස් රජය නේතාජි පිළිබඳ සත්‍ය තත්වය අනාවරණය නොකර වසන්කරන ලදි. මේ වන විට භාරතීය ජනතා පක්‍ෂය පාලන බලයට පැමිණ සිටින අවස්ථාවක, මේ දක්වා වසන්කල එම ඉතිහාසගත සත්‍යය මෝඩි අනාවරණය කරනු ඇතැයි බලාපොරොත්තු වූයෙමු. නමුත්. ඔහුද එය අනාවරණය කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටියි. නේතාජි ‘ඊළඟ ආත්මයක් ලැබුනොත්, දමිළයෙකු වශයෙන් ඉපදී දෙමළ ජනතාවට සේවය කරන්නෙමි’ යනුවෙන් ප්‍රකාශකල පුද්ගලයෙකි. නේතාජි සහ ප්‍රභාකරන් පිළිබඳ සත්‍ය කරුණු කඩිනමින් අනාවරණය කල යුතුය. එය අවධාරණය කරමින් මීට පෙරද දුම්රිය මාර්ග හරස්කර උද්ඝෝෂණ පැවැත්වුයෙමු. අපගේ මෙම ඉල්ලීම වෙනුවෙන් අඛණ්ඩව සටන් කරන්නෙමු” යනුවෙන් ‘කන්මනි මාවීරන්’ ප්‍රකාශ කර ඇත. කරුණා නිධි සහ මෝඩි මේ පිළිබඳව ප්‍රකාශ කරන්නේ කුමක්ද?
- ලංකානිව්ස් ග්රාහකයනගේ මනාපය අනුව රටේ මුල් තැන ගත් හොරු මුල මෙන්න....!!!
- අනුන්ගේ මතයට ඉඩ නොදෙන මහත් හොරුන්ගේ ආගමනය...!!!
- රාතී‍්‍ර බස් රථ සේවා ආරම්භ කිරීමට රජය සූදානම් වෙයි..!!!
- මහින්ද නුවර වේදිකාවට... ?
- කුවේණිගේ නංගි ‘අල්ලි රාණි’ ගේ මාළිඟාවක් හමුවේ…!!!
- ‘ඖෂධ පනත හැංගුවේ සමාගම්වල බලපෑමෙන්’- ජනාධිපති
- 'අපිත් CSN නාලිකාවේ ප්‍රේක්ෂකයන් පමණයි' - නාමල්
- නාලකයාගේ ජයග්‍රහණය ....!!!
- රත්තරන් හා වසන්තගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්ණ කරයි....!!!
- නාමල් අල්ලස් කොමිසමට කැඳවයි..!!! ඒ උනාට ඵයාට වැඩ අධිකලු....!!!
- පව්..!!!
- තවත් සුපිරි ප්‍රශ්ණ කිරීමක්....!!! අද යෝෂිත...!!!
Post a Comment