
ඉතාම වැදගත් ප්‍රධාන පෙළේ ශ්‍රී ලංකා තානාපතිවරයෙක් තම තානාපති කාර්යාලය පිහිටි රටේ සිටින කණ්‌ඩායම්වලට අවි ආයුධ පිළිබඳ තොරතුරු සහ වෙනත් රහස් තොරතුරු සපයන ලදැයි විදේශ ඇමැති මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී පවසා ඇත. මෙය චරපුරුෂ කටයුත්තක් වන අතර ඉංගී්‍රසියෙන් හඳුන්වන්නේ Espionage යනුවෙන්ය. සාමාන්‍යයෙන් මෙයට 'රාජෙද්‍රහිත්ත්වය' යන චෝදනාව හෙවත් Treason යටතේ නඩු පැවරිය හැකිය. ඊළඟට ආණ්‌ඩුවේ ලොක්‌කන් අල්ලා නඩුව ගොඩ දමා ගැනීමටද හැකිය. මංගල සමරවීර පෙර කී කාරණය හෙළිදරව් කළාට ආණ්‌ඩුව එයට විරුද්ධව පියවර ගනු ඇතැයි ඔබ නිකමටවත් කල්පනා කරන්නේද? අප නම් හිතන්නේ නැති බවයි. මෙයට පෙර එසේ කර දඬුවම් ලැබූ අය ගැන අපේ රටින් අපනම් අසා නැත.
***********
තවත් වැදගත් පුවතක් අප ඉදිරිපිට තිබේ. එනම් දේශපාලන හිතවත්කම් මත පිටරට තානාපති කාර්යාලවලට ගිය රාජ්‍ය තාන්ත්‍රිකයන් නොවන විශාල ප්‍රමාණයක් ආපසු කැඳවනු ලැබ ඇති බව අපි දැන ගතිමු. තානාපති නිලධාරියකු යනු එයට අදාළ රාජ්‍ය තාන්ත්‍රික විභාග සමත් කර විදේශ සේවයට යවන කෙනෙකි. ආච්චිගේ නෑකමට, මුත්තාගේ නෑකමට හෝ පවුලගේ නෑකමට තානාපතිවරුන් බවට පත් කර ගැහැනුන් සහ පිරිමින් රට පටවන සිරිතක් නැත. එහෙත් අවංක මිනිසකු වූ ජනාධිපති ප්‍රේමදාස රජයේ තානාපති නිලධාරීන් ගැන ඇතිවූ කලකිරීම මත හෝ වෙනත් කාර්යයක් නිසා සිවිල් පුරවැසියන් තානාපතිවරුන් බවට පත්කර රට යවන්නට පටන් ගත්තේය. ඔහු විසින් එසේ යවන ලද අයගෙන් පළමු වැන්නා කරු ජයසූරිය විය යුතුය. ජර්මනියට යවන ලද කරු රාජ්‍ය තාන්ත්‍රික විභාග කළ අයෙක් නොවේ. එහෙත් කලකින් ජර්මනියට ගිය හොඳම ශ්‍රී ලාංකික තානාපති කරු ජයසූරිය විය. එහෙත් අවාසනාව වූයේ කරුගෙන් පසු තානාපතිකම්වලට යවන ලද අයගෙන් වැඩි දෙනා හොරු වීමය. මේ හොරු රට ගොස් කළේ තම බිස්‌නස්‌ය. උදාහරණයක් මෙසේය. (නැහැ· අපි උදාහරණ නොකියමු. එවිට නම් ගම් සමගම මිනිස්‌සු මාට්‌ටු වන්නෝය) පසු කාලයේදී තානාපති නිලධාරීන් සහ තානාපති කාර්යාලවල කාර්ය මණ්‌ඩල නිලධාරීන් ලෙස යවන ලද ඕලෙවල් හෝ ඒලෙවල් (සමහර අයට මේ දෙකම නැතිවන්නටද පුළුවන) පමණක් සමත් අය සෑම රජයක්‌ම යටතේ එන්න එන්නම වැඩි විය. ප්‍රේමදාස ආණ්‌ඩුවට වඩා චන්ද්‍රිකා ආණ්‌ඩුව සෙනඟ යෑවීය. චන්ද්‍රිකා ආණ්‌ඩුවට වඩා රාජපක්‍ෂ ආණ්‌ඩුව සෙනඟ යෑවීය. ඇතැම් රටක තානාපති කාර්යාලයට තානාපති හැරුණු විට කාර්ය මණ්‌ඩලයේ සියලු දෙනාම සුදුසුකම් නැතිව රට පටවන ලද අය වූහ. තවත් රටක තානාපති කාර්යාලයක කාර්ය මණ්‌ඩලයට සුදුසුකම් ඇති නමුත් තානාපතිs සුදුසුකම් නැති දේශපාලන කැචර් කෙනෙක් විය. රාජකීයකු හෝ ජනාධිපති/ අගමැති කෙනෙකු හමුවන විට අනුගමනය කළ යුතු සිරිත් විරිත් ගැන ඔහුට න්‍යායාත්මක දැනුමක් නොවීය. පසුගිය වසර 25 කට වැඩි කාලයක් තුළ පිටරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල අනාථ නිවාස මෙන් විය. කොල්ලා තරහ වූ කෙල්ල යවන ලද්දේද තානාපති කාර්යාලයකටය. ඇමැතිතුමාගේ දුව යවන ලද්දේද තානාපති කාර්යාල රැකියාවටය. ආණ්‌ඩුවේ ඉහළ තැනකට පත්ව බලය අනිසි ලෙස පාවිච්චි කළ හෝ දුරාචාරයේ යෙදුණු හැකරැල්ලකු කැත නැතිව වහ බොන්නට ගිය විටද යවන ලද්දේ තානාපති සේවයටය. පිටරට ගොස් ඔවුහු සොමි ජීවිත ගත කළහ. එහෙත් රටට ඉන් තඹයක වැඩක් නොවීය.
Post a Comment