මහින්ද දේශපාලනයට ...?
රන් ත‍්‍රිශුලයක් රිදී පඩුරක් ඔප්පු කරයි...!!!
මහින්ද රාජපක්
ෂ හිටපු ජනපති අද උදේ 8.12ට යෙදුණු නැකතට කතරගම මහා දේවාලයට රනින් නිම කළ අගල් හයක් උසැති ත‍්‍රිශුලයක රිදී පඩුරක් ගැට ගසා භාරයක් ඔප්පු කළේය.
දුටු ගැමුණු රජතුමා යුද බිමට යෑමට පෙර මෙවැනි භාරයක් ඔප්පු කළ බව ජනප‍්‍රවාදයේ සඳහන්ය. ඒ අනුව මෙම භාරයේ විශේෂත්වයක් තිබිය හැකි බව බොහෝ දෙනෙක් කියති.
ඇතැම් විට හිටපු ජනපති යළි දේශපාලන පිවිසීමේ අදහසක් එහි තිබිය හැකි බව බොහෝ දෙනෙක් කියති.
හිටපු ජනපති කතරගම ගියේ පෙර දින ඉරිදා ය. අසූ හාර දහසේ පහන් පින්කමකට හා කිරිවෙහෙරේ සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනයකට සහභාගී වීමට ඔහු ද, ඔහුගේ බිරිය ශිරන්ති, දරුවන් වන නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, බස්නායක නිළමේ හා ඥාති පුත‍්‍ර ශෂීන්ද‍්‍ර රාජපක්ෂ, උදය ගම්මන්පිල හා ගාමිණී ලොකුගේ ද පැමිණ සිටියහ.
එහෙත් වෙනදා ජනපති කතරගම යන විට නොවරදවාම යන හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සහ මොණරාගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය දේශපාලනඥයන් පැමිණ නොසිටීම කැපී පෙනිනි.හිටපු ජනපති රැුගත් වාහනය ද සමග තවත් වාහන පහක් කිරිවෙහෙර පාලමෙන් එගොඩ වී මහා දේවාලය පිටුපස පාරෙන් එහි පිවිසෙද් දී දේවාලය සමීපයේ ගේට්ටුව වසා තිබිණි.
එහි යතුර ක්ෂණිකවම සොයා ගත නොහැකි විය. එතැන දී වාහනවලින් බැස හිටපු ජනපති දේවාලයට පයින් ගියේය.
හිටපු ජනපති රාත‍්‍රිය ගත කළේ කිරිවෙහෙර විශ‍්‍රාම ශාලාවේ ය.
අද 23 පෙරවරුවේ ඔහු කතරගමින් පිටත් විය.
ජාතික ධනය රිසිසේ කොල්ලකෑ බව සක්සුදක්සේ පැහැදිලිව තිබියදීත් ...ඒවා දැන් ජනතාව හමුවේ නිරාවරණය වී තිබියදීත් බලයට ඒමට මේ ඇති පෙරේතකම අන්කිසිවක්ම නොව බලයේ ඇති හම්බු කිරීමේ ,ජනතා ධනය හූරා කෑමේ අවස්ථාවන් නිසාය.නාමල්ට ,බැසිල්ට ,යෝෂිතට ,රෝහිතට ,ශිරන්තිට ,උන්ගේ බලු බල්ලන්ට පවා තනතුරු දී රටම හොරු රංචුවක් සමග උලා කෑමේ පව මේ මහින්දට ඡන්දය දුන් රටවැසියෝ තාමත් ඉදිරියටත් ගෙවති...ලැජ්ජිතයි ...නින්දනීයයි...
Subscribe to:
Post Comments
(
Atom
)
Post a Comment