BREAKING NEWS

රටතොට

Monday, February 9, 2015

හිටපු ජනපතිගෙන් තවත් ලියුමක්....!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා අයවැයෙන් කෝටි 10000ක මුදලක් වෙන්කර ගත්තේ නැති බවත්, තමා හා නිලධාරීන් භාවිත කළ වාහන සියල්ල භාරදී ඇති බවත් පවසයි. ඔහු තම නිල ෆේස්බුක් පිටුවේ ප්‍රසිද්ධ කර ඇති  සම්පූර්ණ ලිපියයි මේ.
2015 පෙබරවාරි 09
මාධ්‍ය නිවේදනය
වත්මන් ආණ්ඩුවේ සාමාජිකයින් විසින් මා සම්බන්ධයෙන් සාවද්‍ය හා නොමග යවන සුළු ප්‍රකාශ දිගින් දිගටම කරමින් සිටී. ජනතාව නොමග යෑම වලක්වනු පිණිස මා ඒචෝදනා වලට ප්‍රතිචාර දැක්විය යුතු යැයි සිතමි.

මාගේ රජය විසින් 2015 වසර සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට කෝටි 10,000 මුදලක් වෙන් කර තිබුණු බවත් නව රජය එය කෝටි 272 දක්වා අඩුකොට ඉතිරි සියල්ලජනතාවට සහන ලබා දීම සදහා නිදහස් කල බවත් එක්තරා රූපවාහිනී වැඩසටහනකදී කියැවුණි. ජනාධිපති ලේකම් කාර්යාලය සදහා කෝටි 10,000 ක මුදලක් කිසිදාක වෙන්නොකළ බව මම වගකීමෙන් කියමි. 2015 වසර සදහා ජනාධිපති ලේකම් කාර්යාලයට වෙන්කරන ලද මුලු මුදල කෝටි 959 කි. ජාතික වැටුප් කොමිසම, ජාතික සාගර කටයුතුපිළිබද කමිටුව ඇතුලු රජයේ ආයතන 25 ක් ජනාධිපති ලේකම් කාර්යාලය යටතේක්‍රියාත්මක විය. හිටපු ජනාධිපතිවරුන් හා ඔවුන්ගේ වැන්දඹුවන්ගේ වියදම් වැටෙන්නේ ද ජනාධිපති ලේකම් කාර්යාලය යටතටය. ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතනික හා පරිපාලනමය අංශය ඒ සියලු ආයතන වලට සේවා සපයන අතර ආදාල මුදල් වලින්වැඩි කොටස වැය වන්නේ ඒ සදහාය. ජනාධිපති ලේකම් කාර්යාලය සදහා වෙන් කරන මුදල් සියල්ල වැය වන්නේ ජනාධිපතිවරයාගේ නඩත්තුව සදහා නොවේ.  
ජනාධිපතිවරයාගේ කාර්යාලය වෙනුවෙන් 2015 සදහා වෙන් කර තිබුණු මුදල රු. කෝටි 375 කි. මෙය ජනාධිපති ලේකම් කාර්යාලය යටතට වැටෙන වියදම් වලින් එක් අංශයක්පමණක් බව සැලකිය යුතුය. මෙකී මුදලින් කෝටි 100 ක්ම වෙන් කොට තිබුණේ දිවයිනේවිවිධ ප්‍රදේශවල ජනාධිපතිවරයාගේ විශේෂ මැදිහත්වීමෙන් ජනාතාවගේ සුබසෙත සදහාඉදි කෙරෙන විවිධ සුලු ව්‍යාපෘති සදහාය. මෙම කෝටි 100 ඉවත් කල විටජනාධිපතිවරයාගේ කාර්යාලයේ වියදම කෝටි 275 දක්වා අඩු වේ. වත්මන්ජනාධිපතිවරයාගේ කටයුතු සදහා වෙන් කර ඇති මුදල ලෙස සදහන් වන්නේ එකී මුදල වියයුතුය.
මෑතකදී ආණ්ඩුවේ ඇතැම් අය කී තවත් කතාවක් වුයේ මම මාගේ භාවිතය සදහාජනාතාවගේ මුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 16 ක් වැය කොට විශේෂ ගුවන්යානයක් ඇණවුම් කොට තිබුණු බවත් එය භාර ගැනීම නව ආණ්ඩුවෙන් ප්‍රතික්ෂේප කර ඒවෙනුවට ගුවන් යානා අමතර කොටස් ගැනීමට සැලසුම් කර තිබෙන බවත්ය. මාගේ භාවිතයසදහා කිසිදු විශේෂ ගුවන් යානයක් ඇණවුම් කොට නොතිබූ බව මම ප්‍රකාශ කරසිටිමි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් එයාර් බස් සමාගමෙන් නව ගුවන් යානාමිලදී ගන්නා විට එකී සමාගම විසින් අවශ්‍ය වූ විට ඔවුන්ගේ ගුවන් යානා වලසාමාන්‍ය ආසන කිහිපයක් ඉවත් කොට විශේෂ මගීන් සදහා විවිධ පහසුකම් සහිත විශේෂකුටියක් ලෙස සැකසිය හැකි පරිවර්තන කට්ටලයක් ගැනුම්කරුට දෙන තිළිණයක්වශයෙන් ඇතුලත් කොට තිබුණි. ඩොලර් මිලියන 15ක් ලෙස එහි දී සදහන් වූයේ එමකට්ටලය සදහා නිෂ්පාදකවරයා සදහන් කරන සංකේතාත්මක වටිනාකම පමණි. එය නොමිලේලබා දෙන තිළිණයකි.
රටේ විවධ ස්ථානවල ජනාධිපතිවරයාට තිබෙන නිල නිවාස ගැන සදහන් කරමින් ඒසියල්ල මාගේ සුඛවිහරණය සදහා මා විසින් ඉදි කරන ලද ඒවා හැටියට හුවාදැක්වීමටද උත්සාහයක් ඇති බව පෙනේ. අරලියගහ මන්දිරය හා කොටුවේ ජනාධිපතිමන්දිරය එමෙන්ම නුවරඑළියේත්, මහනුවරත් පිහිටි ජනාධිපති මන්දිරද යටත් විජිතසමයේ සිටම මේ රටේ ආණ්ඩු ප්‍රධානීන් විසින් භාවිතා කරන ලදී. අනුරාධපුර, ඇඹිලිපිටිය, මහියංගනය වැනි ස්ථාන වල පිටිහි නිල නිවාස ජනාධිපති ආර්.ප්‍රේමදාස විසින් ඉදිකරන ලද ඒවාය. මේ එක නිල නිවසක් වත් මාගේ පාලන කාලය තුලඉදි කල ඒවා නොවන බව කිව යුතුය. අරලියගහ මන්දිරය, කොටුවේ ජනාධිපති මන්දිරයඇතුලු වෙනත් නිල නිවාස නුදුරු අනාගතයේදීම මහජන ප්‍රදර්ශනයට විවෘත කරන බවටපුවතක් මම දුටුවෙමි. මා අරලියගහ මන්දිරයේ සිටි කාලයේදීද ඉතා ඈත පිටිසරපළාත් වලින් පාසැල් ළමුන් හා වැඩිහිටියන්ද අරලියගහ මන්දිය නැරඹීමට දහස්ගණනින් පැමිණි බව මතක් කර දිය යුතුය. එසේ පැමිණි අය සමග කථා බස් කිරීමටලැබීමද මට මහත් සතුටක් වූවාසේම රටේ විවිධ පළාත් වල සංවර්ධන අවශ්‍යතාවයන් දඔවුන්ගෙන් ඍජුවම අසා දැනගැනීමටත් මට අවස්ථාව ලැබුණි. අරලියගහ මන්දිරයේ මාගේපොහොය දින වැඩසටහන්වලටද ජනතාව දහස් ගණනින් සහභාගි විය.
  ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඇතැම් වාහන තවමත් ලැබී නැති බවට පුවතක් පලවිය. ඒ අතරතුර ඩිෆෙන්ඩර් ජීප් රථ 22 ක් බොරැල්ලෙන් සොයාගත්බවටත් තවත්වාහන 53 ක් පිටකෝට්ටේ ඉඩමක අතහැර දමා තිබියදී හමු වූ බවටත් විවිධ වාර්තා පලවිය. මේවා හමු වූ ස්ථාන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිල වාහන අංගනයන්ය. ඒවාහමුවූයේ ඒවා තිබිය යුතු ස්ථානවලින්මය. පිටකෝට්ටේ දී හමු වූ අතහැර දමා ඇතිවාහන බොහොමයක් රජයේ සාමාන්‍ය ක්‍රියාපටිපාටිය පරිදි වෙන්දේසි කල නොහැකි, 1980 දශකය සිට පවතින අධි ආරක්‍ෂිත වාහනය. මමත් මාගේ කාර්ය මණ්ඩලයත් භාවිතාකල සියලු වාහන නිසි පරිදි භාර දී ඇත. සෙසු වාහන කුමන නිලධාරීන්ට හා ආයතනවලටදී ඇත්දැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ ආයතනික හා පරිපාලන අංශයේ වාහන ලේඛණයේසදහන්ව තිබෙනු ඇත.
මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger