2010 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණවයට නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය යටතේ කුසලානය ලකුණින් තරඟ වැද තේරී පත් වුණු මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රී ධුර අහෝසි වීමට ඉඩ ඇති බව අධිකරණ ආරංචි මාර්ග පවසයි.
එම මැතිවරණණයේදී නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ අයිතිය පවරා ගැනීම නීත්‍යානුකූල නොවන බව පවසමින් එවකට එම පක්‍ෂයේ සභාපතිවරයා වූ එම්.ටී.එම්. ෆයිසර් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කර තිබූ අංක 163/2010 දරණ අභියාචනයේ තීන්දුව ලබන මාර්තු 15 වන දින ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.
පැමිණිලිකරු කියා සිටින්නේ තම පක්‍ෂයේ අයිතිය ලබා ගෙන ඇත්තේ සභාපති ලෙස තමාගේ හෝ ලේකම්වරයාගේ නිසි අවසරයකින් නොවන බවත් ව්‍යාජ ලෙස සැකසූ ලේඛණ ඉදිරිපත් කරමින් බවත්ය.
පැමිණිලි පාර්ශ්වයේ නීති ආරංචි මාර්ග පවසන්නේ තම සේවාදායකයාගේ අභියාචනය අධිකරණය විසින් පිළිගනු ඇති බව දැඩි විශ්වාසයක් ඇති බවයි.
එසේ සිදු වුවහොත් එම පක්‍ෂය යටතේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ සියළු මන්ත‍්‍රීවරුන්ගේ මන්ත‍්‍රී ධුර අහෝසි වනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුන් තිදෙනා සහ අර්ජුන රණතුංග, ටිරාන් අලස්, ජයන්ත කැටගොඩ එම පක්‍ෂයෙන් තේරී පත් වූවෝ වෙති.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment