BREAKING NEWS

රටතොට

Friday, February 27, 2015

උඩින් යනකොට වැඩියෙන් පෙරෙන ජූූස්....!!! සනත් කියන කතා....!!!

පෙම් කරන්න ගුවන් සේවිකාවන්ම
තෝරන හේතුව සනත් කියයි....!!!
ළමයි නිසා සැන්ද්‍රා ගාවට ආයෙ යන්න ඉඩ තියනවලූ....!!!

පසුගියදා ගුවන් විදුලි නාලිකාවක වැඩසටහනකට එක්වූ ප‍්‍රකට ක‍්‍රීඩක සනත් ජයසූරිය සිය පුද්ගලික පෙම් සබඳතා සහ ජීවිතයේ බිඳ වැටීම් ගැන මෑතක නොකී කරුණු රැසක් හෙළිදරව් කළා.

නිතරම ගුවන් සේවිකාවන් තම පෙම්වතියන් කරගන්නට හේතුවත් දරුවන් නිසා සැන්ද්‍රා
වෙත නැවත යන්නට ඉඩ තිබෙන බවත් ඔහු එහිදී අනාවරණය කළා. තමාගේ කේන්දරයේ හැටියට හැමදාම හොඳක් ළග නරකක් තිබෙන බවද ඔහු සිහිපත් කළා.
ශ‍්‍රී එෆ් එම් තරුවක් සමග වරුවක් වැඩසටහනේදී භාෂිණී සමරසිංහ සමග ඔහු මේ දේවල් කියා සිටියේ පහත පරිදිය.

සනත් අයියට හැමදාම ප‍්‍රශ්න නේද? ඒත් සැහැල්ලූවෙන් ඉන්නවා?
ඇත්තටම ජීවිතේ ප‍්‍රශ්න කියන එක මට අවුරුදු 17 කොළඹ ආපු දා ඉඳල තියනව. මගෙ වෙලාව

බැලූවත් ඒක ලියැවිල තියනව. මංම නෙමේ වෙනකෙනෙක් අත කේන්දරේ යැවුවත් එහෙම කියවෙනවා. මං  ඕව විශ්වාස කරනවා නෙමේ. නමුත් ඇත්ත ඒකයි.
මං සමහරක් පැති වලින් පිං කරල තිබුණට ඒ පැත්තෙ ජීවිතේදි මගේ පින් මදි. මට අකුසල් වැඩි ඇති ඇත්තටම හොඳ දේ මේ ආත්මෙ මට තිබුණත් ටික කාලෙකින් නැති වෙනවා.

ගෑනු ළමයි හරියන්නෙම නෑ නේද...?
ගෑනු ළමයෙක් හරියන් නෑම නෙමෙයි හරියයි. ඒත් ඒක වෙලාවකට දෙයියො දෙයි.

ගුවන් සේවිකාවන්ටම හිත යන්නෙ ඇයි?
එහෙමත් කියල නෑ..දැන් මම ඒවගේ කෙනෙක් හම්බ වුණොත් කථාබහ කෙරුවොත් ඇරෙන්න වෙන දෙයක් නෑ.. අපි වැඩිපුරම වෙලා තියෙන්නෙ පාරෙ යනවට වඩා ෆ්ලයිට් වල යනව වැඩියිනේ..පැය 10 ක් යනව 12 ක් යනව..

උඩින් යද්දි කෑම බීම ජූස් දෙන්න හදනව නේද ඒ අය....?
ඔව් ඔව් ඒකනෙ වෙලා තියෙන්නෙ..ඉතින් අපි යනඑන ගමන් බිමන් වැඩි වුණාම සමහරක් වෙලාවට  ඕක වෙන්න පුළුවන්. අපේ ටීම් එක අරන් බලන්න කී දෙනෙක් කොයි තරම් වෙලා ලංකාවෙන් පිටද...? බැලූවොත් දවස් 365 න් දවස් 250 ක් විතර පිට..හම්බවෙන අය ඔක්කොමල හොඳද....?
ඒකත් පිනට හම්බවෙන ඒවත් තියනව පව්වලට හම්බ වෙන ඒවත් තියනව.. හහ් හහ් හා..
තියන සබ්බ සකල මනාවම නැතිවෙන ඒවත් තියනවා..

එතකොට ඔබ දරුවන්ගෙ පියෙක්...?
මට ඇත්තටම දෙවියො ළමයි තුන් දෙනෙක් දීල තියනවා. නිරෝගී ළමයි.ඒ තුන්දෙනා මං මගේ පණ වගේ බලා ගන්නවා. ඒ තුන් දෙනාට කිසිම අඩුපාඩුවක් නැති වෙන්න දෙමව්පිය උණුසුම අඩුවෙන්න නැතිව මං ඒක දෙනවා.

දැන් සැන්ද්‍රා එක්ක හොඳින්ද.....?
අපි ගොඩාක් ළ`ගින් ඉඳන් වැඩ කටයුතු කරන්නෙ.අපි තාම නීතියෙන් වෙන්වෙලා නෑනෙ.ඒ හින්දා ඒ කටයුතු වලදී මං එකට ඉන්න අවස්ථාවක් ලැබුණොත් මං ඒකත් ඒ ළමයි වෙනුවෙන් කරන්න බැරි නෑ. කාලයත් එක්ක ඒකත් වේවි.
ඒකයි මං වෙන දේවල් පස්සෙ දුවන් නැතිව මේක කාලයට භාර දෙන්නෙ.
කෙනෙකුට නරක වෙලාවල් තියෙන්න පුළුවන්නේ. මං ඒකට ඉඩ දීලා තියනවා.

ප‍්‍රශ්න ඇතිවුනේ සැන්ද්‍රාගෙන්ද ඔයාගෙන්ද?

මගෙන්නෙ. එයාගෙන් නෙමේ. පිරිමින්ගෙන්නෙ ප‍්‍රශ්න ඇති වෙන්නෙ නේද?.මගේ තමයි වැරදි.කවදාවත් එයාට වැරදි දාන්න නරකයි. අපේ අතින් වැරද්දක් වුණාම මං කියනවා..ඒකයි කිව්වෙ.

Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger