BREAKING NEWS

රටතොට

Thursday, February 19, 2015

ලංකාවේ සහල් බොහෝමයක උග‍්‍ර විෂ ආසනික් – ජාත්‍යන්තර සඟරාවක් කියයි....ARSENIC IN RICE...!!!

 ලංකාවේ වගා කරන සහ පරිභෝජනයට ගන්නා සහල් වර්ග බොහොමයක ආසනික් නම් උග්‍ර විෂ අඩංගු වන බව International Journal of Food Contamination නම් අන්තර්ජාතික සගරාවේ පල වන නවතම පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් මෙම පර්යේෂණ කණ්ඩායමම මීට වසර 4 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ ජන මාධ්‍ය හරහා හෙළි දරව්වක් කරන ලදී.
කෙසේ වෙතත් එම අවස්ථාවේ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ආධිපත්‍ය දරන උගතුන්, කෘෂිකර්ම අමාත්‍යංශ නිලධාරීන් සහ එවකට සිටි කෘෂිකර්ම අමාත්‍යවරයා මෙම හෙළිදරව්ව බොරුවක් බවත් පාන්පිටි කුමන්ත්‍රණයක් බවත් පවසමින් මෙකී සොයා ගැනීම් ප්‍රතික්ෂේප කළේය.
මෙම පර්යේෂණ පත්‍රිකාවෙන් පෙන්වා දී ඇති අනෙක් වැදගත්ම කරුණ නම් දේශීය පාරම්පරික වී ප්‍රභේද වල අඩංගු වන ආසනික් ප්‍රමාණය අවම බවයි. ඊට හේතුව එම පාරම්පරික ප්‍රභේද කෘෂි රසායන භාවිතයෙන් තොරව වගා කිරීමයි. කෙසේ වෙතත් කෘෂි රසායන යෙදුවහොත් පාරම්පරික වීවල ද ආසනික් සහ වෙනත් බර ලෝහ අඩංගු වන බව මෙහිදී හෙළි වී ඇත.
සහල්වල අඩංගු ආසනික් මගින් පිළිකා සහ වෙනත් රෝග ඇතිවිය හැකි බව මෑතක දී ස්කොට්ලන්ත විද්වතුන් පිරිසක් පෙන්වා දී තිබිණ.
 වාර්තාව මෙතනින්
 http://www.foodcontaminationjournal.com/content/2/1/1

 The American magazine “Consumer Reports” has found high levels of arsenic in the rice that we eat. Watch the following ABC news video to learn more and how to reduce the risks of poisoning yourself or your children. Do the exercise below to check your comprehension and discuss your answers with a partner or your instructor. Lastly, read the article written by an imminent physician, Dr. David L. Katz who may make you change your mind....


Post a Comment

 
Copyright © 2013 best of selections news
Powered by Blogger