ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා තමන් කිසිදු කැබිනට් සංදේශයක් හෝ ඊට අදාළ කිසිදු පියවරක් ගෙන නොමැති බව විෂය භාර අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහගේ ප්‍රකාශය පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශයක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගන්නා බව ඇමති චම්පික රණවක අවධාරණය කර සිටී.
නිලධාරීන්ගේ අවශ්‍යතාවට වැටුප් වැඩිකර ගත නොහැකි අතර පෙර සාමාන්‍යාධිකාරිවරයා විසින් අත්තනෝමතිකව තම ඉංජිනේරු ප්‍රජාවගේ පමණක් වැටුප් වැඩිකර ගැනීමක් සඳහා වැඩපිළිවෙළක් අභ්‍යන්තරව ක්‍රියාත්මක වී තිබේ. එ පිළිබඳ සම්පූර්ණ විස්තර තමන් වෙත වාර්තා වී තිඛෙන බව ඇමති චම්පික පවසයි. මේ සම්බන්ධයෙන් විධිවත් පරීකෂණයක් සිදු කරන ලෙස ලංවිම පාලන අධිකාරියට ඇමතිවරයා නියෝග කර තිබේ. එ අනුව වත්මන් උප සභාපති නිහාල් වික්‍රමසූරියගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ඇමති චම්පික රණවක පවසයි.
මීට පෙර විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි යටතේ ජවිපෙ ක්‍රියාකාරීන් තමන්ගේ සියලූ අවශ්‍යතා ඉටුකර ගනිමින් නිද්‍රාශීලීව පසුවීම සම්බන්ධයෙන් තමන් පුදුමයට පත් නොවන බවත්, තමන් විදුලිබල ඇමතිවරයාව සිටි සමයේදී ජවිපෙ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්් තමන්ට සමීප අත්දැකීම් පවතින බවත් ඇමති චම්පික රණවක පෙන්වා දෙයි. අරගල කිරීමෙන් කිසිදු ඉල්ලීමක් දිනාගත නොහැකිය. සේවක සැමට සාධාරණය ඉටුවන පාලනයක් පවත්වා ගැනීමත් මහජනතාවට මිත්‍රශීලී සහ කාර්යකෂම සේවා සපයන ආයතනයක් බවට ලංවිම ප්‍රමුඛ අනෙකුත් ආයතන පත් කිරීමට තමන් ඇතුලූ නිලධාරීන් කැපවන බවටත් අමාත්‍යවරයා පවසයි.
මින් ඉදිරියට බලශක්ති ක්ෂේත්‍රයේ වංචාවට දූෂණයට හෝ අක්‍රමිකතාවට කිසිදු ඉඩක් නොමැති බව ද ඇමති චම්පික රණවක අවධාරණය කර සිටී. සිදු වූ සහ සිදුවන සියලූ දූෂණයන් පිළිබඳ විස්තර තමන් සතුව පවතින බවත් එ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබට වන බවත් ඇමති චම්පික රණවක අවධාරණය කර සිටී.
Subscribe to:
Post Comments
(
Atom
)

Post a Comment